දෑත දරා – 33

0
403

විශ්ව තමාට පැවසීමට ඇති සියල්ල නොසඟවා පැවසීමෙන් පසු නිහඬ වූයේය.  මනුජ කිසිවක්ම පැවසුවේ නැත. අවසානයේ විශ්ව මනුජගේ නිවසේම නින්දට වැටුණේය.

මනුජ පසුදා දියණියවද රැගෙන, සින්දූපා ගේ නවාතැන වෙත ගොස් ඇය රෝහලට යන මඟ පසුපසින් ගියේය. යළි පැමිණියේ සාරතී නැන්දාවද කැටුවය.

ඔවුන් පෙරලා පැමිණෙද්දී විශ්ව ඇහරී තිබුණි.

” කොහේද යකෝ ගියෙ ? ම්ං මේ කෝල් එකල් ගහන්න හැදුවේ… අඩෝ..ඔලුව පැලෙන්න වගේ …”

” සාරතී නැන්දා ව එක්ක එන්න ගියේ.. උඹ නිදාගෙන හිටපු නිසා ඇහැරෙව්වේ නෑ…. ලෑස්ති වෙයං… සාරතී නැන්දේ.. මූට දෙහි එකක් හදලා දෙන්නකො ඉස්සෙල්ලම ….”

මනුජ නින්දේම උන් දියණිය යළි යහනේ තබා , විශ්ව වෙත පැමිණියේය. විශ්ව උන්නේ යම් කතාබහක් ඇරඹීමේ උවමනාවෙන් වුවද, මනුජගෙන් ඉඩක් ලැබුනේම නැත

” ආහ් බං…”

” කියහං…”

දෙදෙනාම උන්නේ රැකියාවට යෑම සඳහා සූදානම් වෙමිනි.

” උඹ මොකද මට පස්ස හරවලා ඉන්නේ?…”

” එහෙම මඟුලක් නෑ බං…. “

” ඊයේ මං පොල්ලෙන් ගහන්න වගේ කිව්ව ඒවාට උඹ මූඩ් ගහලා ඉන්නේ කියලා මම දන්නවා… දැනුත්, ආයෙත් මට ඒකම තමයි කියන්න තියෙන්නේ…”

“හරි නං හරි… මං කාවවත් බලෙන් නවත්තගන්නේ නෑ.. ආයේ  උඹේ නංගිව හම්බෙන්නෙත් නෑ… උඹ පුලුවන් ඉක්මනට මෙහෙන් එක්ක පලයං… ඉවරනේ….”

” පොඩි එකෙක් ඇරියස් කවර් කරන්න කියවන තාලෙන් කියවන්නෙපා බං… මං කිව්වේ, උඹ කෙලින් තීරණයක් අරන් ඒකිට වචනයක් දීපං කියලා.. සතියට, දෙකට , මාසෙට නැතුව….”

“මට ඕන් නෑ…”

මනුජ උස් හඬින් කෑ ගසා කීවේය.

“උඹට ඕන් නැති වුනාට, දැන් සින්දූපා ට ඕනිනේ….”

විශ්ව මනුජ පරයා යන උස් හඬකින් කීවේ, මනුජට ඉන් පසුව කුමක් පවසන්නටදැයි සිතාගන්නට හෝ නොදීය.

ඉන් පසු දෙදෙනාම ඒ පිළිබඳව කතා කලේ නැත.

මනුජ කඳවුරේ වැඩකටයුතු වෙනුවෙන් අවධානය යොමු කලේය.

සින්දූපා උන්නේ මනුජගේ ඇමතුමක් වෙනුවෙන් මඟ බලමිනි. වාට්ටුවේ උන් දරුවා බලෙන්ම රෝහලෙන් රැගෙන යෑමට උත්සාහ කෙරූ භාරකරුවන් සමඟ යලිත් ගැටෙන්නට සින්දූපා ට සිදුව තිබුණි. ඇය එකහෙලාම පවසා සිටියේ දරුවාගේ රෝගී තත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු දරුවා රෝහලෙන් පිට නොකරන බවය.

” කවුරු කොහොම මොක කිව්වත්, මේක හරි දෙ කියලා මම දන්නවා නිලූ මිස්… ඒ දරුවා ඩිස්චාර්ජ් වෙන්න් කැමති නෑ.. අනෙක ඒ තැලුම් වල ඒ කියනවට වඩා ප්‍රශ්නයක් තියෙනවා.. දැන් පොලිස් ඉන්වෝල්මන්ට් එක තියෙන නිසා එයාල දරුවව ක්වෙශන් කරාවි නේ…”

සින්දූපා බිඳකුදු බිය නොවී නැගී උන්නාය. තමා තනි නැත, තමාට ඕනෑම දෙයකට දිව එන අයෙකු ඇත, වැටුනත් අල්ලාගෙන යලි නැගිටින්නට උත්සාහයෙන් තල්ලු කරන අයෙකු ඇත යන විශ්වාසය සිතට දැනීම කෙතරම් ප්‍රහර්ෂණීය දැයි දැන් සින්දූපා ට දැනෙන්නේය.

රැවටීමෙන්ම ජීවිතයේ සම්බන්ධතා දියවී ගියාට පසු, ජීවිතයට මෙහෙව් හැගීමක් පිරුණාමය. මනුජගේ දිගු දෑස් තුළින් කඩා හැලෙන ඍජු බැල්ම සින්දූපා ට සිහිවේ. ඒ බැල්ම ඉක්මවා යන්නට හෝ, එය නොසලකා සිටින්නට තමාට නොහැකි වූ බව ඕ කල්පනා කලාය.

එදින සින්දූපා රාත්‍රී රාජකාරි විය. මනුජ ඒ බව දැනගත්තේ  සින්දූපා කැටුව යෑමට නිවසට ආ පසු සාරතී නැන්දා ගෙනි. ඔහුට යම් නොරිස්සුමක් දැනුණි. ඇයට වගකීමක් නැතිද ? ඇයට යම් වගවීමක් දැරිය නොහැකිද?

මනුජ ගත් ඇමතුමට ක්ෂණික පිළිතුරු ලැබුණි

” නයිට් නම් ඒක කියලා මැසේජ් එකක් දාන්න බැරිද ? මම මගේ ඔක්කොම වැඩ අරවගෙන ආවේ…”

“එන්න කලින් මැසේජ් එකක් දාලා ඇහුවා න්ම් ඉවරනේ… මොකටද නිකන් කුලු හරකෙක් වගේ කඩාගෙන බිඳගෙන ආවේ..?”

සින්දූපා ද හරහටම සිටිමින් ඇසුවාය. ඇසුවේ කුමක්දැයි වැටහුණේ ඉන් පසුවය.

ඕ නළලේ අත ගසා ගත්තාය.

” කාටද කුළු හරකා කිව්වේ ?”

මනුජ සිනහව ගිල ගනිමින්, මෝටර් රථය රෝහල දෙසට හරවමින් ඇසුවේය.

” හාවොන්ටං ලේනුන්ට, මුවන්ට කුළු හරකා කියන්න බෑනේ… කුළු හරක කිව්වේ ඉතින් කුළු හරකාට… බැලුවොත් ඇත්නම් පිඹගෙන, දුවන්නයි, අනින්නයි බලාගෙන ඉන්නේ….”

“පිඹගෙන, දුවන්නයි, අනින්නනයි නේ ?”

මනුජ යළි විමසුවේය. සින්දූපා කිසිවෙකුට හො තමා පෙනේදැයි විමසිලිමත් වෙමින් විලියෙන් ඇඹරුණේ මනුජට පමණක් එය පෙනේයැයි සිතන සිතුවිල්ලකිනි. මනුජ උන්නේද ඇගේ කෝල හඬ තුළට මනාව මුසු වෙමිනි.

” කෝ සද්දේ ඒ පාර…”

” එහෙම එක එක්කෙනාට ඕනි වෙලාවට සද්ද දාන්නේ නෑ මම … මම සද්දේ දාන්නේ මට ඕනි වෙලාවට ….. “

සින්දූපා එවර වෙනස්ම ස්වරයකට මාරු වූවාය. මනුජ මෝටර් රියේ වේගය වැඩි කලේය.

” විනාඩි කිහිපෙකට එලියට එන්න පුලුවන් නේ ?”

මනුජ එලෙසින් විමසුවේය. සින්දූපා තිගැස්සුණාය. කට කියෙව්වේ එවැන්නක් බලාපොරොත්තුව නොවේය.

” කො..හේ..කොහේද ?”

“විනාඩි පහකින් එන්න  කාර් පාර්ක් එකේ ගේට් එක පැත්තට…”

ඇමතුම විසන්ධිව ගියේ සින්දූපා ගේ තීරණය අසන්නට හෝ නැවතෙන්නේ නැතුවය.

මනුජ ඇමතුම ගැනීමේ අරමුණ ඔහුටම අමතකව ගොස් තිබුණි. ඒ වූ කණස්සල්ල කොහේ ගියාදැයි නැත. සින්දූපා විනාඩි කිහිපයක් වෙනුවෙන් පිටතට යන බව සහෝදර වෛද්‍යවරියට පවසා හෙරක සේ වාට්ටුවෙන් පිටතට ආවාය. දැනෙන්නේ හදවත පොපියන මිහිරකි.

සින්දූපා රථ ගාල අසල ගේට්ටුවෙන් පිටතට ආවාය. ඒ හුරු , එහෙත් නුහුරු බව පෙන්වමින් සිටින්නට සිතා ආ මෝටර් රිය නැත.

ඕ වටපිට බැලුවාය.

එක්වරම මතු විය. මෝටර් රිය තුලි බැස්සේ ඔහුය.රාජකාරී ඇඳුම් පැළඳුම් එක්කය. කටුක කාන්තාරයකට වැටෙන පලමු දිය පොදෙන් , ඒ කතරේ දැවෙන වැලි කැට නිවෙන්නේ යම් සේද, සින්දූපා නිවුණාය.  සින්දූපා ට මුව මතට වන් සිනහව නවතා, සඟවා ගන්නට හැකි වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here