ළතෙත් ආදර හැඟුම් ගංගා – 23

*තාරානාත් දහම් වංශනායක*

පාණ්ඩු පාට ඇඳුමක් ඇඳලා උන්නට මොකද ඒ කෙල්ලගෙ තිබ්බ “ආව තැනට කිසිසේත්ම මැච් නොවෙන” පොෂ් ලුක් එක ඉස්සරහා මං උන්නෙ සයිලන්ට් වෙලා. අනික මට වස ලැජ්ජ හිතුනා ඒකි නෝණ්ඩි හිනාවක් දාලා “සර් රැවුල කපාගෙන එන්න. මූණෙ තාම ආෆ්ටර් ශේව්. වී කැන් වේට්”  කියල කියද්දි. බොරු පොශ් එකට ඉංග්‍රීසි කතාකරන්නෙ නෑ කියල මට තේරුණේ ඒකිගෙ සිංහල වචන වලයි ඉංග්‍රීසි වචනවලයි ඇක්සන්ට් එකේ කිසිම වෙනසක්, බොරුවක් තිබ්බෙ නෑ කියල තේරිච්ච හන්දා.

මං උදේ වරුව කොහොමත් වෙන් කරන්නෙ තාත්තව නාවලා, රැවුල කොන්ඩෙ කපලා පිරිසිඳු කරන වැඩවලට හන්දා මං කිසිසේත්ම උදේ වරුවෙ කිසිම විදියක මීටින්ග් එකක් දාගන්නෙ නෑ. ඒ හන්දම අද මෙහෙම මේ ආව දෙන්නා ගැන හිතේ පොඩි නොපැහැදීමක් තිබ්බත් ඒ මනුස්සයගෙ ස්ට්‍රෝන්ග් ඇස් ඉස්සරහ මට ඒ නොපැහැදීම ඒ විදියටම එළියට දාගන්න පුළුවන් උනේ නෑ. අනික මං එයාව ඉස්සර දැනගෙන උන්නෙ වෙන කෙනෙක් විදියට වෙච්ච එකේ,අද මේ විදියට මගේ ගේ ඉස්සරහා දකින්න ලැබිච්ච එක මට පුදුමත් හිතුණා.

“යු ආ?” 

“මම නාද්‍යා සල්වතුර. මම තමයි ලන්ච් ක්ලබ් එකේ ෆෞන්ඩර්” කියලා එයා කිව්වම ඇත්තටම මට හිතාගන්න බැරි උනා මොන රෙද්දක් ගැනද මේ කියන්නෙ කියලා. මං මුලින් හිතුවෙ මොකක් හරි මම දන්නෙ නැතුව සබ්ස්ක්‍රයිබ් කරපු මොකකින් හරි ආව ඒජන්ට් කෙනෙක් කියලා. එහෙම නැත්තම් අලුත් විදියකට දෙන දන්සලකට ආධාර ඉල්ලන් ආවද කියලත් මං ඒත් කල්පනා කරා. අන්න ඒ හන්දමයි මං ඇහුවෙ

 “ලන්ච් ක්ලබ් කිව්වෙ?” 

“මහත්තයා මේ නිකන් දැන් බොරුවට අපේ ලන්ච් ක්ලබ් එක දන්නෙ නෑ වගේ බොරු පානිය දාන්න එන්න එපා හරිය. ඉස්ම යන්න දෙන්නෙ හරිය” කියාගෙන එයා එක්ක ඇවිල්ල උන්න අනිත් පඟර නැට්ටා කියද්දි මං ඒත් කල්පනා කරේ “කවුද අඩේ මූ?” කියලත්. 

“මට නම් එහෙම කාටවත් පානියක් දාන්න උවමනාවක් නෑ. ඉස්ම යන්න දෙන්නං කිව්වෙ ඇයි මොකද දෙහි ගෙඩියක් කියලද හිතන් ඉන්නේ?” කියලා ඇහුවම නම් මිනිහට මං හිතන්නෙ විනාඩියකට දෙකකට වගේ හෝඩිය එහෙමත් අමතක වෙන්නැති.

“මහත්තයලා නිකන් මේ අනං මනං ටෝක්ස් දෙන්න එපා අපිට ඈ. මහත්තයගෙ ඒජන්ට් කෙනෙක්ව අපෙ ගෙවල්වලටම එවලා අපිට නිකන් රෝං ටෝක්ස් දීලා දැන් මේ කිසිදෙයක් මීටර් නෑ වගේ රඟපාන්නෙ ඇයි මහත්තයට ඩයිමෙන්ශන්ද?” කියලා හෝඩිය ආය පාරක් මතක් කරගෙන වගේ ඩයල් එක අහද්දිත් මගෙ ඇස් තිබ්බෙ අරයා අතෙන් මේ පඟර නැට්ටගෙ උරහිසට තට්ටුවක් දාලා “ඕක දැන් ඇති වගේ” සිග්නල් එකක් දෙන එක දිහා.

“එයා කසාද බැඳලා ඉන්නෙ මූවද?” කියලා හිතුනට මේ ඒකට උත්තර හොයන්න වෙලාව නෙවෙයිනෙ කියලා හිතන ගමන් මං ආයෙ අරයට දෙන්න උත්තර හිතුවා. 

“ඩයිමෙන්ශන්?ඩයිමෙන්ශන් නෙවෙයි ඩිමෙන්ශියා. නෑ මට එහෙම ප්‍රශ්නයක් නම් තාම නෑ. අනික මේ මං කාවවත් එහෙම කාගෙවත් ගෙවල්වලට එව්වෙත් නෑ. දෙයක් කියන්න තිබ්බා නං මමම ඇවිල්ලා කියනවා මිසක” කියලා කියද්දිත් මට තේරුණේ මේ අර කුසල් කාරයා තැන් තැන්වල ගාගෙන ගිය දහ ජරාවෙන් මතුවෙච්ච ගන්දස්සාරයක් වෙන්නැති කියන එක.

“මංජු, ඔයා පොඩ්ඩක් එළියට වෙලා ඉන්නකො. මං මේ මහත්තයා එක්ක කතාකරලා එන්නම්” කියලා එයා කියද්දි උනත් මං උන්නේ එයා දිහාවම බලාගෙන උනාට මංජුගෙ ඇස් තිබ්බෙ මං මත්තෙම රැඳිලා කියන එක මට ඇස් කොණකින් පෙනුනත් එක්ක. 

“මූ කොල්ලන්ට ආස එකෙක්ද දන්නෙ නෑ” කියලා හිතිලා තමයි මං පොඩ්ඩක් විතර අඩියක් පස්සට ගත්තෙ.

“නෑ නෑ එහෙම මොකටද අපි මේ සල්ලිකාරයන්ගෙ සද්ද බද්ද ඉස්සරහා සරෙන්ඩර් වෙන්නෙ. අපේ ගෙවල්වලට එක එක හෙන්ංචයියො එවලා අපේ බිස්නස් වලට බොරු මඩ පාරවල් ගහලා දැන් මෙතන නිකන් සුදු ඇඳගෙන බඩු ඇවිදින් සීන් දානවා”

“හරී, හරී අයියා පොඩ්ඩක් එළියට යන්නකො මං කියන දේ අහලා. දෙයක් විසඳගන්න විදියක් තියෙනවනෙ. අතෙන් පයෙන් ගහගෙන වත් කටෙන් වචනෙන් ගහගෙනවත් අපිට දේවල් විසඳගන්න බෑනෙ. මං මේක මේ මහත්තයා එක්ක කතාකරගන්න ඔයා යන්නකො. ගිහින් වාහනේට වෙලා ඉන්නකො” කියලා කියද්දි මිනිහා සරෙන්ඩර් වෙලා එළියට ගියාම තමයි මට හිතුනේ “මේ කෙල්ල උගෙ වයිෆ් වෙන්න බෑ. ශුවර් එකටම මිනිහා ලයින් දාන කෙල්ලෙක් හරි යාලුවෙච්ච කෙල්ල හරි වෙන්නැති. හස්බන්ඩ්ල නම් කවදාවත් ඔහොම ගෑනිගෙ වචනෙට නැවෙන්නෙ නෑනෙ” කියන එක.

“ඊස් තැට් යුවර් හස්බන්ඩ්?” කියලා මං ඇහුවා නෙවෙයි මට ඇහුනා. ඒ ප්‍රශ්නෙට කෙල්ල මං දිහාවට දැම්මෙ නිකන් පිච්චිලා අලුවෙලා යන විදියෙ ලුක් එකක්.

“ඒකට උත්තරේ මොකක් උනත් ඉට් ඩසන්ට් මැටර් නේද?” කියලා එයා අහද්දි මට මතක් උනේ මං එයාව මුලින්ම දැක්ක දවස. ඒ දවසයි අද දවසයි අතරෙ උන්න එයාගෙ මාරම ලොකු වෙනසක් තිබ්බත් ඒ වෙනසට හේතුව, මේ විදියට ඉන්න හේතුව මොකක්ද කියන එක මට හිතාගන්න පුළුවන් උනේ නෑ. ඒක දැනගන්න නම් මට අනිවාර්‍යෙන්ම එයාට තව ක්ලෝස් වෙන්න වෙනවා කියලා දැනගත්තත් මං එයාව දැනගෙන උන්නට එයා මාව දන්නෙ නෑනෙ කියන එකම මට මාරම ලොකු දෙයක් උනා.

“ටෲ මට එහෙනම් කියනවද මිස් නාද්‍යා මොකටද ආවෙ මේ මාව හම්බෙන්න කියලා?” කියන ගමන් මම වැරැන්ඩා එකේ තියලා තිබ්බ මගෙ පුටුවෙ වාඩිවෙද්දි එයාට වාඩිවෙන්න කියලා පුටුවක් පෙන්නුවා. 

“මම නාද්‍යා සල්වතුර. ලන්ච් ක්ලබ් එකේ ෆවුන්ඩර්. මං හිතන්නෙ නෑ මං එහෙම කිව්වට මිස්ට වංශනායකට ලොකුවටම මං කවුද කියලා මතක් වෙනවා කියලා. ඇත්තටම මිස්ට කුසල් අපේ ගෙදර ආවම අපි හිතුවෙ මිස්ට වංශනායක ගෙ අනුදැනුම උඩ එයා එහෙම ආවා කියලා, හැබැයි මං දැන් විශ්වාස කරනවා එහෙම දෙයක් නෑ කියලා. මං ඇත්තටම ආවෙ සර් අපේ බිස්නස් එක සර්ලට ප්‍රශ්නයක් නම් අපි ඒක කතාබහ කරලා විසඳගමු. මං “සර්ට අපිව කරදරයක් නම් අපි කඩේ වහගන්නම්” කියලා ෆෙයරි ටේල් ප්‍රොමිසස් දෙන්න ආස නෑ. ඒ උනාට ඕනම දෙයක් අපිට කතාකරගන්න පුළුවන්. අනික සර්ලා වගේ අවුරුදු ගාණක් බිස්නස් කරපු මිනිස්සුන්ට අපි වගේ මේ අද ඊයෙ පටන් ගත්ත බිස්නසස් මෙච්චර ත්‍රෙට් එකක් වෙලා කියන එකත් නිකන් අහන දකින කෙනෙක්ට විහිළුවක් වගෙ පේන්න පුළුවන් නෙ නේද? අනික ප්‍රශ්නයක් උනාම, ස්පෙශලි මේ බිස්නස් වර්ල්ඩ්එකේ ප්‍රශ්නයක් උනාම අපි ඒව විසඳගන්න විදි තියෙනවා. මෙච්චරම ලෝ කොලිටි කැම්පේන් එකක් කරලා, තැන් තැන්වල අපි ගැන අමූලික බොරු පතුරලා සර්ලා ලබාගන්න හදන දිනුම මොකද්ද කියන එක මට හිතාගන්න බෑ. මිස්ට කුසල් ඇවිල්ල කරපු යෝජනාව ඇත්තටම අපි එවෙලෙ පිළිගත්තෙ නැත්තෙ ඒ මනුස්සයා අපිව හරිම පල්ලෙහා ලෙවල් එකකට දාලා කතාකරපු හන්දා සර්. අපිට වඩා උඩින් ඉන්න කෙනෙක්ට උනත්. අපේ ලෙවල් එකේම ඉන්න කෙනෙක්ට උනත්, අපිට වඩා පල්ලෙහා ඉන්න කෙනෙක්ට උනත් අපි කතාකරන්නෝන විදි එකක් විතරයි තියෙන්නෙ සර්. ඒ තමයි මනුස්සකම 

සෝ වයි කාන්ට් වී ටෝක් දිස් ප්‍රොපර්ලි ඇන්ඩ් කම් අප් විත් අ බෙටර් සොලුශන් ඈස් හියුමන්ස්?” 

“අපිට තව මේ ගැන කතාකරන්න කිසිම දෙයක් නෑ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles