මේ කතාව පටන්ගන්නෙ 2022 ජූලි 31 වෙනිදා උදේ පාන්දර.
ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ තියෙන ස්ට්රොංස්විල් කියන නගරෙ පුරාම තිබුණේ හරිම නිස්කලංක බවක්. හැමදාම වගේ එදාත් වීදි තිබ්බෙ හිස් වෙලා. හරිම peaceful බවක් තමයි හැමතැනක පිරිලා තිබ්බේ.
හැබැයි, හරියටම උදේ 5.36ට ඒ peaceful ගතිය එකපාරටම කෑලි කෑලිවලට කැඩිලා ගියා.
පැයට සැතපුම් 100කටත් වඩා වැඩි වේගයකින් ආපු ටොයෝටා කැම්රි කාර් එකක්, ප්රෝග්රස් ඩ්‍රයිව් කියන කාර්මික ප්‍රදේශයේ තිබුණු ගඩොල් තාප්පයක හැප්පුණා.
පොලිසිය එනකොට තත්ත්වය හිතාගන්න බැරි තරම් භයානක ලෙවල් එකක තමා තිබ්බේ. කාර් එක මැදින් දෙකට කැඩිලා. අවුරුදු 20ක් වෙච්ච ඩොමිනික් රූසෝ සහ අවුරුදු 19ක ඩේවියන් ෆ්ලැනගන් කියන තරුණයෝ දෙන්නම සිද්ධිය වෙච්ච තැනදීම මිය ගිහින් තිබ්බා. හැබැයි, රියැදුරු අසුනේ හිටපු අවුරුදු 17ක මැකෙන්සි ශිරිල්ලා හිතාගන්න බැරි තරම් පුදුම විදියට බේරිලා හිටියා. සිහිය නැතුව, සීට් එකේ වැටිලා ඉද්දිත් එයාගෙ කකුල තවමත් ඇක්සලරේටර් පැඩ්ල් එක උඩම තමයි තිබ්බේ.
මුලින් හැමෝම හිතුවේ මේක ජීවිත දෙකක් බිලිගත්තු සාමාන්‍ය රිය අනතුරක් කියලා. ඒත්, පරීක්ෂණ ටික ටික කරගෙන මේ අනතුර deep dive යද්දී, ඒක හිතාගන්න බැරි තරම් dark story එකක් කියන එක පරීක්ෂකයන්ට තේරෙනව. ඒක ආදරය, උමතුව, ඊර්ෂ්‍යාව, සහ අන්තිමට මිනීමැරුමක් බවට පෙරළුණු කතාවක් කියන එක පරීක්ෂකයන්ට තේරෙනව.
මැකෙන්සි ශිරිල්ලා උස් මහත් වුණේ ස්ට්රොංස්විල් නගරයේ සාමාන්‍ය පවුලක.හරිම fashionable, confidence වගේම හැමෝගෙම attention එක දිනාගත්ත මැකෙන්සි කියන්නෙ ඉස්කෝලෙත් හරිම famous චරිතයක්. ඒවගේම එයාට ලොකුම ලොකු tik tok follower base එකකුත් උන්නා. එයා තමන්ගේ ඇඳුම්, මේකප් ගැන වීඩියෝස් දාලා, දවස ගත කරන හැටි tik tok එකේ පෙන්නුවා. මේ නිසාම සමහර වෙලාවලට එයාව brand collaborations වලටත් ගත්තා. මේ හැමදේම online ඉන්න අය දැක්කෙ “මැකෙන්සි මාරම perfect life එකක් ගෙවනවා” වගේ. ඒත් ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස් එකක් උනා.
මැකෙන්සි ‘මීන් ගර්ල්ස්’ (Mean Girls) චිත්‍රපටයේ හිටපු, චාම් වගේ පෙනුණත් දරුණු චරිතයක් වෙච්ච ‘රෙජිනා ජෝර්ජ්’ වගේ mean කෙනෙක් වෙන්නයි ආස උනේ.
මැකෙන්සිට ඩොමිනික් රූසෝ මුණගැහෙන්නෙත් එයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙන්නෙත් ඔන්න ඔය වගේ කාලෙක. ඩොමිනික් small businesses කිහිපයක් කරන, ආත්ම විශ්වාසයෙන් පිරිච්ච කොල්ලෙක්. අවුරුදු හතරක් පුරා තිබුණ මේ සම්බන්ධය, ටිකෙන් ටික දරුණු, emotional වගේම නිතර රණ්ඩු ඇතිවෙන සම්බන්ධයක් වෙන්න පටන් ගත්තායින් මේ දෙන්නා ආදරෙන් ළංවෙනවා වෙනුවට පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙන්න ගත්තා. ඒත් මැකෙන්සි උන්නේ ඒ ඈත්වීම දරාගන්න බැරුව
මැකෙන්සිට අවුරුදු 17 වෙද්දී, එයාලා කාලයක් break up වෙලා ඉඳලා ආයෙම වතාවක් එකතුවෙලා තිබ්බා.ඩොමිනික්ගේ යාළුවෝ දැක්කා ඩොමිනික් කොයිම වෙලාවක හරි ඈත් වෙන්න හැදුවොත්, මැකෙන්සි ආයෙත් ඇවිත් අඬලා, සමාව අරගෙන ආපහු එයාට ලං වෙනවා කියලා.
2021 දි තමයි මේ දෙන්නා living together relationship එකකට යන්නේ. මේ දෙන්නාගෙ නිතර නිතර වෙන රණ්ඩු සරුවල් වගේ දේවල් දැකපු ඩොමිනික්ගේ අම්මා, ක්‍රිස්ටීන් කිව්වේ, මේ සම්බන්ධෙ හරිම toxic එකක් කියලා.
මේ රිය අනතුරු සිද්ධිය වෙන්න සති කිහිපයකට කලින්, ඩොමිනික් හරිම බයෙන් අම්මාට කතා කරලා තිබුණා. එයාගෙ අම්මා යාළුවෙක්ව යවලා පුතාව ගෙදරට ගෙන්න ගන්නෙ අන්න ඒ කෝල් එක අනුව. ඒ යාළුවා පස්සේ පොලිසියට කිව්වා, තමන් එහෙම ඩොමිනික්ව ගෙදරින් අරගෙන එන්න ගියාම මැකෙන්සි එළියට දුවගෙන ඇවිත් “මම මේ කාර් එක දැන්ම හැප්පෙන්න වැඩ සලස්වනවා” කියලා කෑගහලා, ඩොමිනික්ට ගහන්න හැදුවා කියලා.
යාළුවෝ කිව්වේ, මැකෙන්සිට ඩොමිනික්ව නැතිවෙන එක දරාගන්න අමාරු වෙච්ච හන්දා තමයි එයා මේ වගේ දේවල් කියන්නෙ සහ කරන්නෙ කියලා.
ජූලි 30 වෙනිදා රෑ, මැකෙන්සි, ඩොමිනික්, සහ එයාලගෙ යාළුවා ඩේවියන් ෆ්ලැනගන් එක්ක එළියට යන්නෙ ඒ විදියට. ඩේවියන් කියන්නේ හරිම නිහඬ, කාරුණික කෙනෙක්. එයා හිටියේ දක්ෂ බාබර් කෙනෙක් විදියට තමන්ගේම සැලූන් එකක් පටන් ගන්න හීන දකින ගමන්.
ඒක graduation party එකක්. ඒකට ගිහින් එන ගමන් ඊට පස්සේ තවත් යාළුවෙක්ගේ ගෙදරට ගියපු මෙයාලා එතනදී හොඳට dance කරලා මරිජුවානා එහෙමත් පාවිච්චි කරලා තමයි හිටියෙ.
උදේ 5.33ට, සමීක්ෂණ කැමරාවක මැකෙන්සිගේ කාර් එක හරිම හෙමින් කිසි කලබලයක් නැතුව මංසන්ධියකින් හැරෙනවා කියන එක වාර්තා වුණා. හැබැයි විනාඩියකට පස්සේ, තවත් කැමරාවක පෙන්නලා තියෙන්නේ, ඒ කාර් එක හෙඩ්ලයිට් නිවාගෙන, පුදුම වේගෙකින් පාරෙ යන එක.
තප්පර ගාණයි යන්නේ. මහ සද්දයක් එක්ක කාර් එක වේගෙන් ඇවිත් තාප්පෙ හැප්පෙනවා.
පොලිසිය මුලින්ම මේක අනතුරක් කියලා හිතුවත්, පරීක්ෂණ අතරේ එයාලට තේරුණා මේ කිසිම දෙයක් අහම්බෙන් වුණු එකක් නෙවෙයි කියලා. කාර් එකේ කිසිම දෝෂයක් තිබුණේ නැහැ. බ්රේක්, පැඩල්, ස්ටියරින් හැම දෙයක්ම හොඳින් වැඩ කළා.මැකෙන්සි ළඟ තිබිලා මත්ද්‍රව්‍ය හම්බුණා. ඊටත් වඩා භයානක දේ උනේ මැකෙන්සිගේ GPS data වලින් පෙන්නලා තියෙනවා අනතුර වෙන්න දවස් තුනකට කලින් එයා මේ කාර්මික ප්‍රදේශයටම ඇවිත් ගිහින් තිබුණා කියන එක.
මේකෙන් පැහැදිලි වුණේ එයා මේක සැලසුම් කරලා තමයි කරලා තියෙන්නේ කියන එක.
පරීක්ෂකයින් නිගමනය කළේ, ඩොමිනික් තමන්ව දාලා යනවාට ඇතිවෙච්ච බය නිසා, මැකෙන්සි තමන්ගේ ජීවිතය නැති කරගෙන හරි, ඩොමිනික්ව තමන්ගෙ කරගන්න හිතුවා කියලා.
තුවාල එහෙම හොඳ වෙලා ඉස්පිරිතාලෙන් එළියට ආව මැකෙන්සි ආයෙත් Social Media වල Active වෙනවා.එයා තමන්ගේ තුවාල, වීල්චෙයාර් එකේ ඉන්න විදිය ගැන වීඩියෝස් දැම්මා. “මම කියන්නේ ඕන තරම් ඩ්‍රග්ස් අරගෙන උනත් මැරෙන්නේ නැතිව ඉන්න පුළුවන් කෙල්ලෙක්” කියලා හිනාවෙලා කියලා තිබුණා. හැලොවීන් එකට ඩොමිනික් සහ එයා මළ සිරුරු වගේ ඇඳලා හිටපු පින්තූර social media දාපු නිසා වින්දිතයන්ගේ පවුල්වලට ලොකු වේදනාවක් දැනුණා. එයාලා දැක්කෙ මැකෙන්සි මේ accident එක ඕන නැති විදියට තමන්ට attention ගන්න use කරනවා වගේ කියන එක. 2022 නොවැම්බර් මාසේ මැකෙන්සිව අත්අඩංගුවට ගන්න හේතුවෙන්නෙ ඔන්න ඔය වගේ කරුණු. එයාට මිනීමැරීම්, වාහන අනතුරකින් මනුෂ්‍ය ඝාතනය, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම වගේ චෝදනා 17ක් එල්ල වුණා.
2023 දී නඩු විභාගය පටන් ගත්තා. මැකෙන්සිගෙ නීතීඥයා ඉල්ලපු නිසා ජූරියක් වෙනුවට විනිසුරුවරිය තනිවම තීන්දුව දෙනවා. විනිසුරුවරිය නිගමනය කළා මැකෙන්සි මේක හිතාමතාම, සැලසුම් සහගතව කළා කියන එක.
“මේක සාමාන්‍ය රිය පැදවීමක් නෙවෙයි. මේක මිනීමැරුමක්!” කියලා විනිසුරුවරිය තදින්ම කිව්වා.
ඒ තීන්දුව අනුව මැකෙන්සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළා. හැබැයි අවුරුදු 15කට පස්සේ එයාට සමාවක් ඉල්ලන්න පුළුවන් කියන එකත් මෙතනදි සඳහන් වෙනවා.
දඬුවම නියම කරන දවසේ, ඩොමිනික්ගේ අම්මා මැකෙන්සි දිහා බලලා මෙන්න මෙහෙම කියනවා “ඔයා ජීවතුන් අතර ඉන්න එක ගැන ස්තූතිවන්ත වෙන්න ඕන” කියලා. ඩේවියන්ගේ සහෝදරිය කියනවා “ඔයා මගේ සහෝදරයාව මගෙන් උදුරගත්තා. ඔයාට ආයෙත් කවදාවත් නිදහසක් ලැබෙන්න සුදුසු නෑ” කියලා.
මැකෙන්සි දැන් ඔහායෝ කාන්තා rehabilitation centre එකේ ඉඳගෙන එයාගෙ දඬුවම විඳිනවා. එයාගෙ පවුලෙ අයනම් තවමත් කියන්නේ මේක අනතුරක් විතරයි කියලා. ඒත් වින්දිතයන්ගේ පවුල්වල අය ඒවට ඇහුන්කම් දෙන්නෙවත් නෑ මොකද තමන්ට නැතිවෙච්ච දේවල් ආය ලැබෙන්නෙ නැති හන්දා.
ඩොමිනික්ගේ සහ ඩේවියන්ගේ යාළුවෝ සිද්ධිය වෙච්ච තැන පුංචි ස්මාරකයක් හැදුවා මේ දෙන්නව මතක් වෙන්න. ඩේවියන්ගේ පවුල, එයාගෙ කොණ්ඩා මෝස්තර කලාවට තිබ්බ ආසාවට ගරු කරන්න හිතාගෙන විශේෂ ශිෂ්‍යත්ව අරමුදලක් පටන් ගත්තා.
මේ කතාව ඇමරිකාව පුරාම පැතිරෙද්දි ‘ටික්ටොක් මිනීමරුවා’ (The TikTok Killer) කියලා තමයි කට්ටිය මැකෙන්සිව අඳුන්වලා දුන්නේ.
ඇත්තටම මේක සීතල, සැලසුම්සහගත මිනීමැරුමක්ද?
නැත්නම් heart broken වෙච්ච කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයව වෙන කාටවත් අයිති නොවෙන විදියට ප්ලෑන් කරපු උන්මත්තක තීරණයක්ද?
ඇත්ත මොකක් උනත් ඒ උදෑසන සිද්ධ වුණු අනතුර හැමදේම වෙනස් කළා. තරුණ ජීවිත දෙකක් නැති කරලා, ආදරය සහ ප්‍රසිද්ධිය ගැන නිතරම හිතපු තරුණ කෙල්ලෙකුගේ කතාව හිරගෙදර තාප්ප ඇතුළේ හිරකරලා දැම්මා.
තවමත් ස්ට්රොංස්විල්වලට ඉර උදාවෙනකොට, ඒ peaceful බව ඇතුළේ, ඒ තරුණ ජීවිත කීපයක් බිලිගත්ත භයානක අනතුරේ දෝංකාරය තාමත් ඇහෙනවා.