Sharon Tateගේ බිහිසුණු මරණය පිළිබඳ ඇත්ත කතාව

සමහර බිහිසුණු අපරාධ සිදු වී මොනතරම් කාලයක් ගියත් ඒවා අමතක කරන්නට අපිට හැකියාවක් නෑ. ෂැරොන් ටේට් යන නම ඔබට මතක ඇති. ඇගේ ඝාතනය ලෝකයම කම්පා කල එකක්.

ෂැරෝන් ටේට් නම් සිනමා තරුව

ෂැරොන් ටේට් හොලිවුඩයේ රූමත්ම හා සරාගීම නිලියක්  සිය රංගන දිවිය රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටිමින් ඇරඹූ  ඇයට ඉක්මණින්ම හොලිවුඩයට පිවිසෙන්නට හැකි වෙනවා.  Golden Globe, Golden Laurel, සහ Motion Picture Herald’s Star of Tomorrow යන සම්මාන ත්‍රිත්වයටම නිර්දේශ වූ නිළියක් වන ඇය Valley of The Dolls චිත්‍රපටයේ රඟපෑම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා. ඇය උපදින්නේ 1943 ජනවාරි 24 දා ටෙක්සාස් හිදී.

ඇගේ ආදර ජීවිතය.

අධ්‍යක්ෂවරයෙක් වූ පොලාන්ස්කිට ආදරය කරන්නට පෙර ෂැරෝන් ජනප්‍රිය කොණ්ඩා මෝස්තර නිරූපණ ශිල්පියෙකුට ආදරය කළා. 1968 ජනවාරි මාසයේදී පොලාන්ස්කි සමඟ ඇය විවාහ වෙනවා. ඔවුන් හොලිවුඩ් ඉතිහාසය තුළ සන්තෝසයෙන්ම ජීවත් වූ යුවලක් ලෙස සැලකෙනවා. 1968 අගභාගයේදී ඇය ගැබ්ගත් අතර, ඇය සහ පොලාන්ස්කි 1969 පෙබරවාරි 15 ​​වන දින ලොස් ඇන්ජලීස් හි බෙනඩික්ට් කැනියොන් හි 10050 Cielo Drive වෙත පදිංචියට ගියා මෙම නිවස මීට පෙර ඔවුන්ගේ මිතුරන් වන ටෙරී මෙල්චර් සහ කැන්ඩිස් බර්ගන් වාසය කළ එකක්. ෂැරෝන් ඒ නිවසට බොහෝ කැමැත්තක් දැක්වූවා.

ඉන්පසු ඔවුන් මිතුරන්ට නිතරම සාද පැවැත්වූ බව සඳහන්. අධ්‍යක්ෂණය සඳහා පොලාන්ස්කිට පිටතට යන්නට සිදු වූ විට ටේට්ට තනි රැක්කේ ද මිතුරන් විසින්.

ඇගේ බිහිසුණු මරණය

ෂැරොන් ටේට් ඇගේ නූපන් දරුවා සමඟත්   ඝාතනය කරන විට ඇගේ වයස අවුරුදු 26 ක්. 1969 අගෝස්තු 9 වන දින, මාස අටහමාරක ගැබිනියක් වූ ටේට්, ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී ජේ සෙබ්‍රින්ග්, නවක තිර රචක Wojciech Frykowski සහ Frykowski ගේ පෙම්වතිය වූ Abigail Folger, සහ තව කාන්තාවක් ඇය සමඟම ඝාතනය කළා. ඒ ලොස් ඇන්ජලීස් හි බෙනඩික්ට් කැනියොන් හි 10050 Cielo Drive හි දී. ඔවුන් පිටත ගොස් රාත්‍රී ආහාරය රැගෙන නිවසට පැමිණ තිබුණේ ඝාතනයට ටික වෙලාවකට කලින්.

මෙම ඝාතන, පළිගැනීමේ ක්‍රියාවක් ලෙස විස්තර කරනවා. චාල්ස් මැන්සන් නම් කල්ලියක් විසින් මේ අපරාධ සිදු කළ බවයි පැවසෙන්නේ.

ඔවුන්ගේ සිරුරු පසුදා උදෑසන ටේට්ගේ ගෘහ සේවිකාව වන විනිෆ්‍රඩ් චැප්මන් විසින් සොයා ගන්නා ලැබුවා. පස් දෙනාගේම සිරුරු නිවසේ තැනින් තැන තිබියදී සොයා ගත්තේ දැඩි තුවාල සහිතව. වෙඩි තැබීම් පිහි ඇනුම් සිදුව තිබුණා.මේ රාත්‍රියේ ඇගේ සැමියා ඔහුගේ නවතම චිත්‍රපටියට දර්ශන තල බලන්නට ගොස් සිටියා.දරුවෙකු උපදින්නට සති දෙකක් පමණක් තිබූ රූමත් ෂැරෝන්ට දහසය වතාවක් පිහියෙන් ඇන ඇති ආරංචිය ඔහුට ලැබෙන්නේ ඔය අතරදී. ටේට්ගේ තුවාල දහසයෙන් පහක් මාරාන්තික ඒවා බව සඳහන්.ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ කෲරතරම අපරාධයක් ඒ ආකාරයෙන් ලියැවෙනවා. ඔවුන් මරණ සිදු කර අවසානයේ නිවසේ පිටත බිත්තියක ටේට්ගේ ලේ වලින් Pig ලෙස ලියා තිබුණා. එයට හේතුවක් පැහැදිලි නැතත් එය මැන්සන් කල්ලියේ සිරිතක් බව කියවෙනවා

අගෝස්තු 13 වැනි බදාදා, ටේට්ගේ දේහය කැලිෆෝනියාවේ කල්වර් සිටි හි හෝලි ක්‍රොස් සුසාන භූමියේදී,ඇගේ නූපන් පුත් පෝල් රිචඩ් පොලාන්ස්කි සමඟ ආදාහනය කරනු ලැබුවා. 

මැන්සන් කල්ලිය 

මැන්සන් කල්ලිය එහි සාමාජිකයන් අතර පවුල ලෙස හැඳින්වෙනවා  1960 ගණන්වල අගභාගයේ සහ 1970 ගණන්වල මුල් භාගයේදී කැලිෆෝනියාවේ ක්‍රියාකාරී වූ අපරාධකරුවෙක් වූ චාල්ස් මැන්සන් විසින් මෙහෙයවන ලද කල්ලියක් ලෙස මැන්සන් කල්ලිය හඳුන්වන්න පුලුවන්. මෙම කණ්ඩායම ආසන්න වශයෙන්  අනුගාමිකයන් සියයකගෙන් සමන්විත වූ අතර, ඔවුන් සාම්ප්‍රදායික නොවන ජීවන රටාවක් ගත කළා නිතර නිතර Benzedrine  වැනි මනෝ ක්‍රියාකාරී ඖෂධ මෙන්ම LSD වැනි දේ භාවිතා කරා. බොහෝ දෙනා මධ්‍යම පාන්තික පසුබිම්වලින් පැමිණි තරුණියන් වූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හිපි සංස්කෘතියට සහ වාර්ගික ජීවන රටාවට ආකර්ෂණය වූ අතර පසුව මැන්සන්ගේ ඉගැන්වීම් මගින් රැඩිකල්කරණයට ලක් වූවා. ඔවුන් අති විශාල ඝාතන තොගයක් කළ පාතාල කල්ලියක්.

සමාජයේ කැපී පෙනෙන චරිත ඔවුන්ගේ වෛරයට ලක් වූ බවත් ඔවුන්ව ඝාතනය මැන්සන් කල්ලිය පුරුද්දක් කරගත් බවත් පැවසෙනවා. එක්තරා සිනමා තරුවක පොලාන්ස්කිගෙන් අවස්ථාවක් නොලැබීම නිසා පලි ගැනීමට සිතා ෂැරෝන් ඝාතනය මැන්සන්ලාට පැවරූ බවත් අප්‍රකට කතාවක්.

1971 දී මැන්සන් ප්‍රමුඛ කණ්ඩායමම අත්අඩංගුවට පත් වුණා.

ෂැරෝන් තමන්ට ජීවිතය දෙන ලෙස අයදින විට පවා ඇයට උමතුවෙන් මෙන් පිහියෙන් ඇන්නේ මැන්සන් කල්ලියේ සුසාන් ඇට්කින්ස් විසින්. ඇය 61 වියේදී මොලයේ පිළිකාවකින් මිය ගියා. 

ෂැරෝන්ගේ මරණයට පසු කතා

“ෂැරොන්ගේ මරණය තවමත් මගේ හිතේ හොල්මන් කරනවා. මට ඇය  ගැන තවම සිහි වෙනවා.”මේ වෙද්දී ජීවිතේ සැඳෑ සමය ගත කරන පොලන්ස්කි එසේ පවසනවා.

Once upon a time in hollywood චිත්‍රපටිය මේ ඝාතනය අලලා සැකසුණු චිත්‍රපටියක්. ලියනාඩෝ ඩිකැප්‍රියෝ, බ්‍රැඩ් පිට් සහ මාර්ගට් රොබී එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. එහි කල්පිත කොටස මැන්සන්ලාගෙන් පලි ගැනීම නිරූපණය වුණා.

ෂැරෝන් අතිශය සරාගී සහ රූමත් නිළියක්. ඇගේ දක්ෂතා අනුව ඇය සිනමාව තුළ බොහෝ දුරක් යන්නට සිටි නිළියක්. සියල්ලටම වඩා ඒ අලුත් අම්මා කෙනෙක් වන්නට පෙරුම් පිරූ ගැහැනියක්.

කලාව තුළ පවා ඇති වෛරය සහ පලි ගැනීම බොහෝ දේ නැත්තටම නැති කර දමන බවට ෂැරෝන් අපිට යළි යළිත් සිහිපත් කරනවා.

Related Articles

Don't Miss


Latest Articles