ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව

නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.

ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය බව නේමාර් පවසනවා. නමුත් ඔහු “වරදක්” කර ඇති බව ඔහු දන්නවා.

“මම ඔයාලා හැමෝටම වැරදි කළා. මම වැරදියි කියා පැවසීම මම අවදානමට ලක් කිරීමක්. ගෙදරදී මගේ පෞද්ගලික ජීවිතයේදී, මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මගේ සමීපභාවය තුළ මම කරන මගේ වැරදි විසඳන්නේ මම පමණයි.

ඔහු පවසනවා.

ඔහුගේ ක්‍රියාවන් නිසා “මගේ ජීවිතයේ වඩාත්ම විශේෂ පුද්ගලයින්ට” පහර වැදී ඇති බව ඔහු පවසා තිබුණා.

බෲ, මම දැනටමත් මගේ වැරදි සඳහා, අනවශ්‍ය නිරාවරණ කිරීම් සඳහා සමාව අයැද සිටිනවා. නමුත් එය ප්‍රසිද්ධියේ නැවත තහවුරු කිරීමටත් මම බැඳී සිටිනවා. පුද්ගලික කාරණයක් ප්‍රසිද්ධ වී ඇත්නම්, සමාව අයැදීම ප්‍රසිද්ධියේ විය යුතුය, ”

ඔහු ඉන්ස්ටග්‍රෑම්හි එසේ ලියා තිබුණා.

දක්ෂ බ්‍රසීලියානු ෆුට්බෝල් ක්‍රීඩකයා ඔහුගේ ද්‍රෝහිකම පිළිබඳ මෑත කාලීන හෙළිදරව්වෙන් පසුව, ඔහුගේ වැරදි ප්‍රසිද්ධියේ පිළි ගන්නට මේ ආකාරයට තීරණය කර තිබුණා . දැනට මාස පහක ගැබිනියක් වන බියන්කාඩිට පීඩනයක් වූයේ ෆර්නැන්ඩා කැම්පෝස් සමඟ නේමාර්ගේ සම්බන්ධය පිළිබඳ පුවත් මතුවීමයි. එය සත්‍යයක් බවත් ඉන් බියන්කාඩිට ඇතිවන පීඩනයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන බවත් නේමාර් පවසනවා.

දැඩි ප්‍රේක්ෂක කැළඹීම මධ්‍යයේ ෆර්නැන්ඩා විසින් තමන්ගේ Instagram ගිණුම මකා දමා තිබෙනවා. ඇයට සිදුවූ පීඩා, විවේචන සහ නිර්දය ප්‍රහාර ගැනද ඇය කතා කර තිබුණත් දැන් ඇය සමාජ ජාලා වලින් ඉවත් වී අවසන්.

naymar විසින් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ ඇය ගැන ඔහු තුළ ඇති ගෞරවය සහ ආදරයයි. ඔහුගේ ජීවිතය තුළ ඇය මොන තරම් වැදගත් තැනක් උසුලනවා ද යන්නයි. ඔහුගේ ක්‍රියාවන් නිසා ඇය විඳි වේදනාව සහ දුක ඔහු හඳුනාගෙන තිබෙනවා. තමන්ගේ වැරදි නිවැරදි කරගන්නට නොසැලෙන කැපවීමකින් ක්‍රියා කරන්නට ඔහුට අවශ්‍ය වී තිබෙනවා. ඔහුගේ සහ ඇයගේ නූපන් දරුවා වෙනුවෙන් කැපවන්නට දැනටමත් මේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයා තීරණය කර අවසන්.

පිටිය තුළ සිදුකළ වැරදි ද පිලිගත් ඔහු පෞද්ගලික ජීවිතය තුළ සිදු වන වැරදි කරගන්නට කැපවී සිටින බව ප්‍රකාශ කර සිටිනවා. සමාව ඉල්ලීම බොහෝ දේවල් නිවැරදි කරනනවා. එක් වී දීප්තිමත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට මේ පියවර සාර්ථක එකක් වන්නට ඉඩ තිබෙනවා.

සැමියාගේ අනියම් සම්බන්ධතාවයක් කියන්නේ කාන්තාවකට දැරිය හැකි වේදනාවක් නොවේ. ඔහුගේ දරුවෙක් කුස දරා සිටියදී එය සිදුවීම කොහොමටත් අසීරු අත්දැකීමක්. නමුත් බියන්කාඩි තමන්ගේ ආදර සැමියාට සමාව නොදෙන්නට ඉඩ නැති බවයි පෙනී යන්නේ.

සමාව සහ ආදරය බොහෝ වැරදීම් නිවැරදි කරනවා.

Related Articles

Don't Miss


Latest Articles