අඩි හතරක් දිගු නියපොතු වලට හිමිකම් කියන ලොව දිගම නියපොතු ඇති කාන්තාව

මිනියාපොලිස් හි 63 හැවිරිදි  ඩයනා ආම්ස්ට්‍රෝං මුළු ලෝකයෙන් ම අත් දෙකෙහි ම දිගම නියපොතු  ඇති කාන්තාව ලෙස වාර්තාව පිහිටුවීය.

ඇගේ නියපොතු වසර 25ක් එක දිගට වැඩී තිබූ අතර, ඒවායෙහි දිග 2022 මාර්තු මාසයේදී අඩි 42ක්, අඟල් 10.4ක් (සෙන්ටිමීටර 1,306.58ක්)ලෙස සටහන් විය. 

ඇගේ දිගම නිය සෙන්ටිමීටර 138.94 (අඩි 4 යි අඟල් 6.7) වන අතර ඇගේ කෙටිම නියෙහි දිග සෙන්ටිමීටර 109.2 (අඩි 3 යි අඟල් 7) වේ.

මෙලෙස නිය වැවීම පිටුපස සංවේදී කතාවක් තිබේ. ඩයනාගේ මෙම වාර්තාගත ප්‍රතිඵලය 1997 දී ඇගේ මුළු පවුලම කම්පා කළ ඛේදවාචකයක් දක්වා දිව යයි. ඇගේ දියණිය ලතීෂා වයස අවුරුදු 16 දී නින්දේදී ඇදුම රෝගයකින් මිය ගියාය.

“සාප්පුවෙදි මගේ පුංචි දුව මට කතා කරලා කිව්වා ‘අම්මා, ටීෂා ඇහැරෙන්නේ නැහැ’ කියලා. ඒක තමයි මගේ ජීවිතේ නරකම දවස” ඩයනා පැවසුවාය.

ඊට දිනකට පෙර ලතීෂා නියපොතු ඔප දැමූ බවත් ඇගේ හදිසි සහ හද කම්පා කරවන මරණයෙන් පසු ඒවා කපා ගැනීමට අවශ්‍ය නොවූ වූ බවත් ඩයනා පැවසුවාය.

“මම හිතන්නේ මගේ දුව ලතීෂා මා ගැන ආඩම්බර වෙයි. මොකද ඇය මගේ නියපොතු සකස් කළ අවසන් කෙනා” ඩයනා පැහැදිලි කළාය. “මම මගේ නියපොතු වවන විට මට සිතෙන්නේ මගේ දුව ගැන.”

ඩයනා ඇගේ නියපොතු නඩත්තු කරන ආකාරය විස්තර කරන්නේ මෙලෙසින්. ලෝකයේ දිගම නියපොතු තිබීම පහසු නොවන අතර එදිනෙදා ජීවිතයේදී සෑහෙන අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ඇගේ අදහසයි.

ඩයනා පැවසුවේ ඇගේ මුණුබුරන් පැය පහක් පමණ කාලයක් නියපොතු ඔප දැමීම  ඇතුළු නඩත්තු කටයුතු සඳහා ඇයට උදව් කරන බවයි. සෑම අවස්ථාවකදී ම ඇගේ නියපොතු සඳහා නිය ආලේපන බෝතල් 20ක් පමණ අවශ්‍ය බව ඇය පැවසුවාය.

රිය පැදවීම, බිම සිට දේවල් අහුලා ගැනීම, සිපර් දැමීම වැනි සමහර දේවල් තමන් අතහැර දමා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය. යමක් බිම වැටුණ විට ඒවා ඇහිඳීම ඇය නොකරන බවයි ඇය පවසන්නේ. 

තම ආදර දියණිය ලතීෂා නිසා මේ වාර්තාව පිහිටුවීමට ඩයනාට හැකි වූ බවත්, නිය සැකසුම් සහය සඳහා පවුලෙන් ලැබෙන සහය ඉතා වටිනා බවත් ඇය පැවසුවා ය. 

Related Articles

Don't Miss


Latest Articles