සහශ්‍රයේ පළමු සාන්තුවරයා ‘ඇකියුටිස්’

ආදරය, ආගමික ඇදහීම සහ technology කියන්නේ parallely යන දේවල් තුනක් නෙවෙයි කියලානෙ අපි හිතන්නේ. හැබැයි ලෝකෙ දියුණු වෙනවත් එක්කම අපි නොහිතන ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි කාලෝ ඇකියුටිස් කියන ඉතාලි ජාතික තරුණ පිරිමි ළමයගෙ කතාව.  ඉපදිලා අවුරුදු 15ක් ඇතුළත ලියුකේමියාව කියන රෝගයෙන් මැරෙන්න මේ ඇකියුටිස්ට සිද්ද උනත් ඒ කෙටි කාලය ඇතුළත එයා ආගමික ලෝකයට කරපු මෙහෙවර කොච්චරද කියනවා නම්, එයාට “පළමු සහස්‍රක සාන්තුවරයා” කියන නම ලැබෙනවා.

2025 සැප්තැම්බර් 7 වෙනිදා, XIV වන ලියෝ පාප්තුමා විසින් තමයි කාලෝව සාන්තුවරයෙක් විදිහට නම් කරන්නෙ. ඒ නිසා එයාට ඩිජිටල් පරම්පරාවේ අද්විතීය සංකේතයක් වෙන්න පුළුවන් වෙනවා. ලෝකෙ ඉන්න ගොඩක් කතෝලිකයෝ දැනටමත් එයාට “අන්තර්ජාලයේ සාන්තුවරයා” කියලා කියන්නේ ඒකයි. එයාගේ කතාව ඇත්තටම අපිට ගොඩක් දේවල් උගන්වනවා. ඇදහිල්ල සහ කරුණාවෙන් පිරිච්ච තරුණ ජීවිතයකට කොහොමද ලක්ෂ ගාණක් මිනිස්සුන්ව ස්පර්ශ කරන්න පුළුවන් වුණේ කියන එක උගන්නපු චරිතයක් විදියට අපිට ඇකියුටිස්ව හඳුන්වන්න පුළුවන්.

ජීවිතය සහ ආගම

කාලෝ 1991 මැයි 3 වෙනිදා එංගලන්තයේ ලන්ඩන් වලදී ඉතාලි ජාතික දෙමව්පියන්ට දාව ඉපදෙනවා. එයා ඉපදෙනකොට එයාගේ දෙමව්පියෝ ආගමට එච්චර ලැදි අය නෙවෙයි. ඒත් පොඩි කාලේ ඉඳන්ම කාලෝ වෙනස්. එයා කතෝලික ආගමට ගොඩක් ආදරය කළා. හැමදාම දිව්‍ය පූජාවට ගියා. ඒ වගේම දිව්‍ය සත්ප්‍රසාදය (Eucharist) කියන දේ ගැන ගොඩක් උනන්දු වුණා.

එයාට අවුරුදු හතේදී first communion එක ලැබුණාට පස්සේ එයා හැමදාම පල්ලියට ගියා. එයා තමන්ගේ අම්මලා තාත්තලාගෙන් නිතරම ඉල්ලුවේ සාන්තුවරයෝ ඉපදුණු තැන් බලන්න, ඒ වගේම දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් සිද්ධ වුණු තැන් බලන්න යන්න. එයාගේ මේ කැපවීම නිසාම එයාගේ අම්මා තාත්තා පවා ආයෙත් ආගම ඇදහිල්ල ගැන හිතන්න පටන් ගන්නවා. එයාගේ අම්මා කාලෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ නිසාම දේවධර්මය ගැන පවා ඉගෙන ගන්නවා.

ලස්සන හදවතක් තිබ්බ පිරිමි දරුවා

කාලෝ නිකන්ම නමට පල්ලි යන ළමයෙක් උනේ නෑ. එයාට හරිම කරුණාවන්ත හදවතක් තිබුණා. ඉස්කෝලේදී හිරිහැරයට ලක් වුණු යාළුවන්ට එයා උදව් කළා. එයාට ලැබෙන පොකට් සල්ලි පවා එයා දුප්පත් අයට උදව් කරන්න වියදම් කළා. දවසක් පල්ලිය ළඟ හිටපු ගෙයක් නැති මනුස්සයෙක්ට එයා ස්ලීපිං බෑග් එකක් පවා අරන් දෙනවා. එයාගේ මේ කරුණාව නිසාම එයාට එයාගේ ප්‍රදේශයේ මිනිස්සු ගොඩක් ආදරය කළා.

Technology වලට ආසාව

එයාගේ පරම්පරාවේ ගොඩක් ළමයි වගේම කාලෝත් computer සහ video games වලට ගොඩක් ආසා කළා. ඒත් ගොඩක් teenagers ලා වගේ නෙවෙයි, එයා තමන්ටම තද නීති දාගත්තා. එයා සතියකට එක පැයක් විතරයි වීඩියෝ ගේම් සෙල්ලම් කළේ. ඉතිරි වෙලාව අන්තර්ජාලය තුළ වෙනස්ම දෙයක් කරන්න එයා කටයුතු කරා..

කාලෝ programming සහ graphic designing තනිවම ඉගෙනගත්තා. එයාට අවුරුදු 11 වෙනකොට දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් ගැන research කරන්න පටන් ගන්නෙත් ඒ අනුව. එයාට එක ලොකු අදහසක් තිබුණා මේ ප්‍රාතිහාර්යයන් ගැන ලෝකෙටම දැනුම් දෙන්න අන්තර්ජාලය යොදාගන්න පුලුවන් කියන එක ගැන.

එයා වෙබ්සයිට් එකක් හදලා රටවල් සහ දින අනුව දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් 150කට වඩා එකතු කරලා, ඒක භාෂා 20කට කිට්ටුව පරිවර්තනය කළා. ඒකෙන් ලෝකෙ පුරාම ඉන්න කතෝලිකයින්ට මේ ගැන දැනගන්න පුළුවන් වුණා.

“concerts සහ football matches බලන්න මිනිස්සු පෝළිම් ගැහිලා ඉන්නවා, ඒත් මම භාග්‍යවන්ත සත්ප්‍රසාදය ඉස්සරහා ඒ වගේ පෝලිම් දකින්නේ නැහැ.” කියලා තමයි කාලෝ තමන් කරන මේ සද්කාර්‍යය හේතුවෙච්ච ඇත්තම හේතුව විදියට කිව්වේ.

අසනීප වීම සහ මරණය

2006 ඔක්තෝබර් මාසයේදී, එයාට අවුරුදු 15දී, කාලෝ එකපාරටම අසනීප වෙනවා. ඒක උග්‍ර මයිලොයිඩ් ලියුකේමියාව කියලා වෛද්‍යවරුන් හොයාගන්නවා. ඒක හරිම වේගවත් සහ භයානක පිළිකාවක් බව දැනගන්න කාලෝ තමන්ට ලෝකයට සහ මිනිසුන්ට යහපතක් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ තව ටික කාලයක් විතරයි කියලා තේරුම් ගන්නවා. ඒ වගේම එයා ඒ ගැන දුක්වෙන්නෙ නෑ.

කාලෝ එයාගේ අසනීපය සතුටින් පිළිගන්නවා. එයාට දවස් කීපයක් ඇතුළත මොළයේ රක්තපාතයක් ඇති වෙලා කෝමා තත්ත්වයට පත් වෙනවා. 2006 ඔක්තෝබර් 12 වෙනිදා මේ ලෝකයට යහපතක් කරන්න හිතාගෙන ආව තරුණ පිරිමි ළමයා තමන්ගෙ ලස්සන ජීවිතේ අවසන් කරනවා.

සාන්තුවරයෙක් වෙන්න ගත්ත ගමන

කාලෝගේ සාන්තුවරභාවය සඳහා කටයුතු 2012 දී පටන් ගන්නෙ කාලෝට උපහාරයක් විදියට. පළමු ප්‍රාතිහාර්යය සිද්ධ වෙන්නේ බ්‍රසීලයේ. අක්මා රෝගයකින් පෙළුණු පිරිමි ළමයෙක් කාලෝට යාඥා කිරීමෙන් පස්සේ සුවය ලැබුවා කියන එක මිනිස්සු අතරෙ වේගයෙන් පැතිරෙනවා. මේ නිසා 2020 දී එයාට භාග්‍යවන්තයා යන තනතුර ලැබෙනවා.

2024 දී වතිකානුව දෙවැනි ප්‍රාතිහාර්යයක් පිළිගන්නවා. හිසේ බරපතල තුවාලයකින් පෙළුණු තරුණියක්, එයාගේ අම්මා කාලෝගේ සොහොන ළඟ යාඥා කිරීමෙන් පස්සේ පුදුමාකාර විදිහට සුවය ලැබුවා. මේ නිසා 2025 දී එයාට සාන්තුවරයෙක් වෙන්න මග විවෘත වෙනවා.

පළමු සහස්‍රක සාන්තුවරයාගේ උරුමය

කාලෝගේ කතාව අසාමාන්‍ය වෙන්නේ එයා ලොකු දෙයක් කරපු නිසා නෙවෙයි. එයා සාමාන්‍ය ජීවිතයක් අසාමාන්‍ය ඇදහිල්ලකින් සහ කරුණාවකින් ගත කරපු නිසයි. එයා පෙන්නුවා සාන්තුවරයෙක් වෙන්න පූජකවරයෙක් හෝ කන්‍යා සොහොයුරියක් වෙන්න ඕනේ නැහැ කියලා. ජීන්ස් ඇඳලා, ස්පෝර්ට්ස් සපත්තු දාපු, video games වලට ආස කරපු සහ තාක්ෂණයට ආදරය කරපු teenager කෙනෙකුටත් සාන්තුවරයෙක් වෙන්න පුළුවන් බව කාලෝ පෙන්නන අතරම එයා අපිට කියලා දෙන්නෙ ඇත්තටම වටින්නෙ දෙයක් කරද්දි තියෙන චේතනාව කියන එක.

එයා “අන්තර්ජාලයේ අනුශාසක සාන්තුවරයා” විදිහට හඳුන්වන්නේ එයා තාක්ෂණය හොඳ දේවල් සහ ඇදහිල්ල පැතිරවීමේ මෙවලමක් විදිහට යොදාගත් නිසා.

කාලෝගේ කතාව මිලියන ගණන් මිනිස්සුන්ට, විශේෂයෙන්ම තරුණ අයට, අන්තර්ජාලය විනෝදයට විතරක් නෙවෙයි, ලෝකෙට ආලෝකය ගේන්න පුළුවන් බලවත් ක්‍රමයක් විදිහට දකින්න පෙළඹෙව්වා.

“All people are born originals, but many die as photocopies.” කියලා කියන කාලෙක කාලෝට පුළුවන් වෙනවා ලෝකෙට යහපතක් කරපු වෙනස්ම මනුස්සයෙක් විදියට හැමෝගෙම හිත් අස්සේ සදාතනිකව ජීවත්වෙන්න සහ ගෞරවයට ලක්වෙන්න.

 එයාගේ වචන ධෛර්යයෙන්, අව්‍යාජව සහ ආදරයෙන් ජීවත් වෙන්න අපි හැමෝටම කරන ආරාධනාවක් වගේ.

එයා තරුණ වියේදීම මැරුණත්, එයාගේ කෙටි ජීවිතය අදටත් බැබලෙනවා. කාලෝ ඇකියුටිස්, අලුත් පරම්පරාවේ ඇදහිලිවන්තයින්ට බලාපොරොත්තුවේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා.

අන්තිමට අපිට මේ කතාවෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් තියෙනවා.

ඒ තමයි සාන්තුවරයෙක් වෙන්න පූජකයෙක් හෝ කන්‍යා සොහොයුරියක්ම වෙන්න ඕනේ නැහැ. අපේ ජීවිතේට තියෙන ලොකුම අභියෝගය තමයි සාමාන්‍ය දේවල් අසාමාන්‍ය විදිහට කරන්න පුළුවන් වීම කියන එක. ආදරය, දයාව, කරුණාව, අවංකකම වගේ දේවල් අපි හැමදාම කරන දේවල් බවට පත් කරගන්න එක තමයි වැදගත්ම දේ කියන එක. කාලෝ ඇකියුටිස් අපිට පෙන්නලා දුන්නේ, අපි හැමෝටම පුළුවන් කියලා, ජීන්ස් ඇඳලා, ස්පෝර්ට්ස් සපත්තු දාගෙන වුණත් සාන්තුවරයෝ වෙන්න. 

එයා අපිට මතක් කරලා දෙනවා අපි ඉපදෙන්නේ මුල් පිටපත් විදිහට, ඒත් අපි මැරෙන්න ඕනේ මුල් පිටපත් විදිහටම මිසක් තව කෙනෙක්ගෙ ෆොටෝ කොපි එකක් විදියට නෙවෙයි කියන එක.

Related Articles

Don't Miss


Latest Articles