දෑත දරා – 59

සින්දූපා දෙස බලා ඇය නොදැක්කා සේ යෑම මනුජගේ ඊළඟ කුරිරු සැලස්ම ලෙසින් ඉස්මතු වූයේය.  ඇයට තනිව ඇවිද යන්නට නොහැක. ඒ නිසා බලා හිඳින්නම වේ.

අප  යෞවනයේ ප්‍රේම කරන්නේ, කුඩා මතවාද වලින් හිත රිදවාගෙන, ඉන් පසුව ඒවාට අමනාප වී, යලි ඒවා වෙනුවෙන් සමාව ඉල්ලා, සිනාසී වැළඳගෙන සියල්ල යලි මුල සිට ඇරඹීම ප්‍රේමයේ උත්කර්ශවත් බවයැයි සිතමිනි. මඟ හැරෙන ඇමතුමකට, මඟ හැරෙන බැල්මකට, යම් අතපසුවීමකට පැටලීමත්, යළි රස්නෙන් වැලඳගැනීමත් උත්කර්ශවත් වේ.

එහෙත්, අප වයසින් වැඩි වෙද්දී ප්‍රේමයේ ඇති නිස්කලංක භාවයේ වටිනාකම් අපට වැටහේ. අවබෝධය පැවතීම වඩා ප්‍රහර්ෂණීය ප්‍රේමය බව වටහා ගනී. එකිනෙකා කෙරෙහි නැවෙන්නට හැකි වීම සම්බන්ධතාවය වඩා ඝන කරන බව වටහා ගනී.

දැන් මනුජ එලැඹ ඉන්නේ එහෙම කාලයකටය. සින්දූපා ගෙන් ඔහු කියවා ගත්තේ ඒ නිස්කලංක බවය.  ඒ අවබෝධයය. ඒ වගවීමේ නැවීමය.

” ඔයා ගියොත් මට පේන්නේ නැති වෙන්න.. නැගිටලා එනවා මම.. පස්සෙන්..”

සින්දූපා ඇය සතු තුරුම්පුව ගසාදැමුවේ මනුජගේ සැලැස්ම කුඩු පට්ටම් ව යන්නටය. මනුජ ආපසු හැරුනේය. සින්දූපා අසුනෙන් අඩක් නැගිට ගන්නට උත්සාහ කරන බව පෙන්වමින්ද සිටී. ඔහු අඩියට දෙකට සින්දූපා අසලට ගියේය. සෙටියේ ස්ටූල් එක මත හිඳ ගත්තේය.

” ආයේ නෑනාගේ පද වලට අඩව් අල්ලන්න ගිහින් තිබුනොත් මම බලාගන්නම්….”

ඔහු ඇගේ දෑසටම එබී කීවේය. සින්දූපා ඇස් උස්සා, හිස ගස්සා සිනාසුනාය.

” පිස්සුද ඇත්තටම ? ආහ්හ්… අර මිනිහාගේ අතිනුත් අල්ලගෙන හිටියා..”

මනුජ හිතේ අග්ගිස්සකවත් නොවූ කෝපයක් මවා පෙන්වූයේය. සින්දූපා ඔහුගේ හඬෙහි ඇත්තේ උත්කර්ශවත් බවක් මිස අනෙකක් නොවන බව හඳුනා ගත්තාය..

” ජෙලස් ද ?..”

“මට ??..”

මනුජ ඇයට ඉවතක් බලන්නට අවසරයක් නොදීම විමසුවේය. ඕ පිළිතුරු දුන්නේ දෑසිනි.

” මොන කොස් වටුවෙක්ද ඒ ? කමාන්ඩර් මනුජ නිම්නෙත් එක්ක හැරෙන්නවත් පුලුවන් ද ??..ම්ම්ම්ම්….

මනුජ ප්‍රති පිළිතුරට හඬ මුසු කලේය.

” මම දැක්කා මූණ ඇබරිලා ගිය හැටි… දෙහි ලෙල්ල මිරිකුනා වගේ…හැරස්මන්ට් ???? මම ??? හ්හ්හ්… එහෙමද එතකොට ???…. ඒකද එතකොට … කතාව ….මාව අතෑරලා යන්න… තාත්තාගේ ස්ක්‍රිප්ට් එක එහෙමද ලියලා දුන්නේ…?”

සින්දූපා වචනයක්වත් එහෙ මෙහෙ නොවී මනුජව අනුකරණය කළාය. මනුජ ඇගේ පොපියන  දෙතොල් දෙස බලා උන්නේ උමතුව ඉපිලෙන තම හැඟීම් අපහසුවෙන් යටපත් කරගනිමිනි. ඔහු කෙල පිඬක් ගිල්ලේ ඒ සන්සුන් කම ලං කරගන්නටය.

” කමාන්ඩර් මනුජ … පවු  ඉතින්… හැරස්මන්ට් …හය්….”

සින්දූපා ගේ හඬ එතැකින් නැවතුනේය. ඇගේ වචන මනුජට ගිලුණේය. සින්දූපා ගේ දෑත් උකුල මත කිටි කිටියේ මිරිකුණේය. මනුජ හිඳ උන් ස්ටූල් එකෙන් අඩක් නැගිට සින්දූපා දෙසට බරවී උන්නේය. ඇගේ වත ඔහුගේ දෑතට මැදිව තිබුණේය. සින්දූපා උන්නේ පාවෙමිනි.  යම් උනන්දුකාරක, උත්කර්ශවත් ම හැඟීමක එල්ලෙමිනි. ඇලෙමිනි.. ඇයට ගැලවෙන්නට,  කිසිඳු උවමනාවක් නොවූ නිසාම මනුජගේ ආධිපත්‍යය ඉබේම තහවුරු වූයේය.

ඉන්නේ කොතැනකදැයි මනුජ නිකමටවත් සිතුවේ නැත. මේ ඒ සංසාරය  දිග්ගස්සන මොහොතය.  ඉතින්, ඇරඹුමේ පටන්ම ඒ ගැන මිසෙක අන් කිසිවක් ගැන සිතිය යුතු නොහේය.

සින්දූපා ගේ එක් අතක් මනුරගේ උරිස්සට උඩින් වැටුනේය. ඕ ඒ ආලකමන්දාවට වශී වෙමින් උන්නාය. මනුරගේ සුරත , සින්දූපා හේ කොපුල දිගේ ගෙල තෙක් පල්ලම් බැස්සේය.

මනුජ අවබෝධාත්මක අවධානය අඩු නැතිව හුරු කර ඇත්තෙකි. සිටින්නේ කොහිදැයි වන පණිවිඩය ඔහුගේ මොළයෙන් ක්ෂණික නැඟුනේය. ඔහු හෙමින් සින්දූපා අත් හැරියේය. එහෙත් ඕ ඒ අත් හැරීමට එකඟ නොවූ ලෙසින් උන්නාය. මනුජ උන්නේ ඔහුගේ ආධිපත්‍යය එක්කය. 

විනාඩි කිහිපයකට පසු, සින්දූපා ගේ දැතින්ම අල්ලාගෙන , ඇය ඉදිරියෙන් හිඳ උන් මනුජ සින්දූපා ගේ ඇස්  හා හා වෙන්නට ඔට්ටු වෙමින් උන්නේය.  ඕ උන්නේ විලියෙන් ඇඹරෙමිනි. විනාඩි කිහිපයකට පෙර  තමන් දෙදෙනා අතරේ කුමක් තිබුනේද කියාවත් ඇයට සිහි  තිබුනේ නැත. ඒ වෙනුවට සිහියේ තිබුනේ එකම කාරණාවකි.

හාදුව …
මනුජ දුන් හාදුව….
තමා විරුද්ධ නොවූ හාදුව….

” ගිලිනවා මම ආයේ එක්කෝ …”

මනුජ ඇගේ දෑත් මිරිකමින් කීවේය. සින්දූපා හිස ඔසවා බැලුවාය.

” ෆර්ස්ට් එවර් කිස් ??”

මනුජ එලෙසින් විමසුවේ  ඇගේ  කොපුල් වල වූ කෝලය හඳුනාගෙනය. ඇගේ දෑත්ලම වූයේ සීතලවය

” ෆර්ස්ට් එවර් කිස් විත් ලව්…”

සින්දූපා එලෙස පවසමින්  හිස සලද්දී, මනුජගේ හදවත උණුසුම්ව උඩ පැන්නේය. ඔහු යලි ඉදිරියට නැවී ඇගේ නළලත ඉම්බේය.

” ආදරෙයි ඔයාට…”

ඒ සැනින්ම සින්දූපා ගේ ස්වරය ඒ තාලයට නැවුනේය. මනුජ තව තවත් ප්‍රීති උන්මාදයට වැටුනේය.

මනුජ යළි සින්දූපා ගේ දෙතොල් මත කෙටි හාදුවක් තැබුවේය. ඉන් පසුව ඇගේ දෑත් අතැර මදක් පසකට  ස්ටුල් එක තල්ලු වන සේ වූයේය. ඇගේ පාදය දෙස විමසිලිමත්ව බැලුවේය.

” ඉදිමුම් මුකුත්ම නෑ නේද ?..”

” හ්ම්… මුකුත්ම එහෙම අවුලක් නම් නෑ….රිදෙනවා ඒත් … “

“ඒක අඩුවෙයි…”

” ඔව්… එක්ස් රේ එකත් හොඳයි…. ඇවිදිනකොටත් හොඳයි කියලා ෆිසියෝ කීවා…”

“තවම තනියෙන් ඇවිද්දෙ නෑනේ…?”

” නැ නෑ….”

විමුක්ති තමා හමුවීමට ආ දිනයේ කුමක් සිදුවුනිදැයි සින්දූපා කීවේ ඉන් පසුවය.

” ඊට පස්සේ …?”

මනුජ උන්නේ චිත්‍රපටයක කතාවට සවන් දෙන තරමේ උනන්දුවකිනි.

” එයා ඉතින් හෙනම පාර්ට් එකෙන් හිටියේ…. අම්මලා මාව ගෙදර එක්කන් ගිය දාම නේ ආවේ….”

“හ්ම්ම්…”

“අම්මලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා හිනාවුණා හෙනම අහිංසක මූණක් පෙන්නලා…”

“ඉතින්…”

“ජෙලස්ද ?..”

“පිස්සුද ගෑණියේ.. ඒ මගේ නංගිගේ මිනිහා…”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles