මට තාම හිතාගන්න බැරි එයා ඔයාගෙ හොඳම යාලුවෙක් විදියට ඔයා ළඟටම වෙලා ඉන්න ගමන් අනිත් මිනිස්සු එක්ක ඔයා ගැන බොරු කියන්නෙ ඇයි කියලා” මතිශා අහද්දි කසුන්දි උන්නෙත් අන්න ඒ ගැනම කල්පනා කර කර.
දෙන්නගෙ මේ කතාව කෙරුණෙ ඔෆිස් එකේ කසුන්දිගෙ හොඳම යාලුවෙක් විදියට ඉන්න (හැසිරිච්ච කියලා කියමුකො) දේවානි ගැන. දේවානි මේ ඔෆිස් එකට ආවෙ කසුන්දිලා ඇවිත් සෑහෙන අවුරුදු ගාණකට පස්සෙ. දේවානි කසුන්දි එක්ක හරි ඉක්මනට යාලු උනා. කසුන්දි දේවානිට වඩා අවුරුදු ගාණක් වැඩිමල් උනත්, කසුන්දි දැනගෙන උන්න හන්දා තමන්ට වඩා බාල කෙල්ලො කොල්ලො එක්කත් සන්තෝසෙන් ඉන්න යාලුකමට වයස පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් උනේ නෑ.
හැබැයි ප්‍රශ්නෙ පටන් ගත්තෙ දේවානිට කසුන්දිගෙ ජිවිතේ වගේ ජිවීතයක් හදාගන්න ඕන උනාම. කසුන්දිගෙ අවුරුදු තිස් ගණන්වල ජිවීතේ තමන්ගෙ අවුරුදු විස්සෙ විසි එකේදි ලබාගන්න අමාරු බව තේරිච්ච තැන ඒ තේරුම්ගැනීම එලියට ආව ඉරිසියාවක් විදියට.
“කසුන්දි සල්ලි වලට තමයි අරවින්ද එක්ක යාලුවෙලා තියෙන්නෙ”
“කසුන්දි කොච්චර වැඩ කරත් එයාගෙ ටීම් එකේ කිසි ප්‍රෝග්‍රස් එකක් නෑ”
“කසුන්දි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ඉතින් උගත්කම බලන ෆීල්ඩ් එකක නෙවිනෙ අපි ඉන්නෙ” වගේ කතන්දර ගොඩක් දේවානි වෙන වෙන අය එක්ක තමන් ගැන කියලා තියෙනවා කියන එක දැනගත්තම කසුන්දිගෙ හිත මාරෙට රිදුණා. සාධාරණයිනෙ ඉතින් එහෙම වෙනවනෙ.
“මම කවදාවත් හිතුවෙ නෑ දේවානි ඒ වගේ හීන් නූලෙන් ගේම් ගහන ටොක්සික් මනුස්සයෙක් කියලා” කසුන්දි කියාගත්තෙ තමන්ටමයි. ඉතින් ඔයාලගෙ ජීවිත වලත් මේ දේවානිලා වගේ මිනිස්සු ඕන තරම් ඇති. හොඳ මූණ පෙන්නගෙන පිටිපස්සෙන් පිහියෙන් අනින ජාතියෙ අය අපිට නිතරම ඔෆිස් වලදි හම්බෙනවනෙ.
අන්න එහෙම අය එක්ක පරිස්සමෙන් ඉන්නෙ කොහොමද කියන එක ගැන තමයි අපි අද කතාකරන්න හිතුවෙ.
ඇත්තම යාළුවෙක් කියන්නෙ අපි දුකෙන් ඉන්න වෙලාවට කොහොම හරි අපිව හිනස්සන්න හදන, අපේ අමාරුම වෙලාවට “මම ඉන්නවා!” කියලා ළඟ ඉන්න, ඒ වගේම අපේ වටිනාකම කවදාවත් අපිට අමතක කරන්න දෙන්නේ නැති කෙනෙක් නෙ.
හැබැයි ඉතින් හැම යාළුකමක්ම එහෙම නෙවෙයි. සමහර වෙලාවට හම්බවෙනවා, හොඳට කතා කරන, දේවල් බෙදාගන්න, හැබැයි හීන් නූලෙන් අපිට සරලවම කිව්වොත් කෙළවන්න බලාගෙන ඉන්න අයත්. ඔන්න එහෙම අයට තමයි අපි Toxic Friends නැත්නම් විෂ සහිත යාළුවෝ කියලා කියන්නේ.
මෙයාලව හැම වෙලාවෙම නරක විදියට පෙනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පටන් ගන්නේ පුංචි පුංචි දේවල් වලින්. හිත රිදවන පොඩි විහිළුවක්, ඔයාට හොඳ දෙයක් වෙද්දි දෙන ඊර්ෂ්‍යාව පිරුණු බැල්මක්, ඔයාට ඔයා ගැනම සැකයක් ඇති කරන නොසැලකිලිමත් කතාවක් වගේ දේවල් වලින් තමයි මේ ටොක්සික් ගති මතුවෙන්නෙ.
කාලයක් යද්දි මෙයාලගේ වචන වලින්, ක්‍රියාවලින් ඔයාගේ සතුට සහ ඔයාගේ ආත්ම විශ්වාසය ටික ටික නැති වෙලා යනවා. ඒකයි අපි කියන්නේ, මේ වගේ අය ඉක්මනට අඳුනගෙන අපේ mental peace එක ආරක්ෂා කරගන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් කියලා.
1. මෙයාලගෙ signs අඳුරගන්න
මේ Toxic හැසිරීම් හැම වෙලාවෙම පේන්න තියෙන්නේ නැහැ. සමහර අය හරි Quietly Toxic අය.
හැම වෙලාවෙම ඔයාට “දැන් ඔයා වැරදියි” වගේ guilty feeling එකක් දෙනවා.
ඔයාගේ හීන වැඩක් නෑ කියනවා, නැත්නම් “මම තමයි ඔයාට වඩා හොඳට දන්නේ” වගේ ඉන්නවා.
උදව් ඕන වෙලාවට විතරක් ඇවිත්, ඔයාට උදව් ඕන වෙලාවට අතුරුදහන් වෙනවා.
අන්න එහෙම වෙලාවට ඔයා ඔයාගෙන්ම අහන්න “මේ මනුස්සයා එක්ක ඉඳලා ගෙදර යද්දි මට දැනෙන්නේ කොහොමද?”
ඔයා හැම වෙලාවෙම මහන්සියෙන්, දුකෙන්, නැත්නම් “අනේ මම හොඳ නැහැ” වගේ සැකයකින් ඉන්නවා නම්, එහෙනම් මොකක් හරි වරදක් එතන තියෙනවා කියන එක අමතක කරන්න එපා. යාළුකම් කියන්නේ අපිට සැනසීමක් ගෙන එන්න ඕන දෙයක්, වේදනාවක් අරන් එන දෙයක් නෙවෙයි!
2. ඔයාගේ හිත කියන දේ විශ්වාස කරන්න
ගොඩක් වෙලාවට අපි බයයි පිළිගන්න, “අපේ යාළුවා Toxic” කියලා. අපි අපිටම කියා ගන්නවා, “අයියෝ මම වැඩිය හිතනවා ඇති” නැත්නම් “එයාගේ හැටි ඕක තමයි” කියලා.
හැබැයි ඉතින්, ඔයාගේ හදවත දන්නවා මොකක් හරි වරදක් තියෙන බව.එයා ඔයා එක්ක කතාකරද්දි, එයා ඔයා ළඟ ඉද්දි ඔයාට නිකන් uncomfortable වගේ නම්, එයා ඔයා ලඟ ඉඳලා ඈතට ගියාම හිතට ලොකු සහනයක් දැනෙනවා නම් මෙන්න මේ හැඟීම් බොරු නෙවෙයි, ඒවා ඇත්තටම අනතුරු ඇඟවීම් කියන එක මතක තියාගන්න.
ඔයා ඔයාවම විශ්වාස කරන්න. කෙනෙක් ඔයාව පල්ලෙහට දාලා “කිසි වැඩක් තියෙන කෙනෙක් නෙවෙයි” කියලා පෙන්නනවා නම්, පාවිච්චි කරනවා වගේ දැනෙනවා නම්, නැත්නම් නිතරම judge කරනවා නම්, ඔයාට අනිවාර්යයෙන්ම එතැනින් අයින් වෙන්න අයිතියක් තියෙනවා.
3. Guilt එකට ඔයාව පාලනය කරන්න දෙන්න එපා
Toxic යාළුවෝ දන්නවා ඔයාව guilt එකෙන් බැඳලා තියාගන්න හොඳටම. ඔයා “එපා” කියන්න ගියොත්, නැත්නම් “මට එහෙම කරන්න බැහැ” කියලා ඔයාගේ සීමාවන් රැකගන්න ගියොත්, එයාලා හිත රිදිච්ච ගතියක් පෙන්නලා ඔයාට “ඔයා selfish එහෙම නැත්තම් දැන් ඔයාට අපිව වැඩක් නෑනෙ ” කියලා කියන්නත් පුළුවන්.
හැබැයි මතක තියාගන්න. සීමාවන් දාන එක ඔයාව නරක කෙනෙක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඔයා ඔයාටම ගරු කරනවා කියන එක!
4. Clear Boundaries හදමු
හොඳ යාළුකමක් ඇතුලේදිම දෙන්නටම දියුණු වෙන්න ඉඩ තියෙනවා. Toxic යාළුකමක් කියන්නේ එක් කෙනෙක් හැම වෙලාවෙම ඔක්කොම opportunities ගන්නවා, අනිත් කෙනා හැම වෙලාවෙම පල්ලෙහට වැටෙනවා වගේ දෙයක්. ඒකයි සීමාවන් දාන එක ඉතාම වැදගත් වෙන්නේ.
මේ සීමාවන් හරිම සරලයි:
“මට දැන් කතා කරන්න බැහැ, මට පුද්ගලික වෙලාවක් ඕන.”
“ප්ලීස් මට ඒ විදියට කතා කරන්න එපා.”
“මට ඒ මාතෘකාව ගැන කතා කරන්න අමාරුයි”
කෑගහන්නවත්, රණ්ඩු වෙන්නවත් අවශ්‍ය නැහැ. සන්සුන්ව අවංක වෙන එක හරිම powerful දෙයක්. මේ සීමාවන් අනිත් අයට උගන්වනවා how they should treat you කියන එක.
5. එයාලව ‘හදන්න’ දඟලන එක නවත්තන්න
ඔයා ආදරේ කරන අයට උදව් කරන්න හිතෙන එක ස්වභාවිකයි. ඒත් Toxic මිනිස්සුන්ට වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. එයාලට ඕන control එක තියාගන්න විතරයි. ඔයා එයාලට සිය සැරයක් සමාව දුන්නත්, එයාලා ඔයාට එකම විදියට දිගටම රිදවන්න තමයි plan කරන්නෙ.
ඔයාව බලාගන්නෝන ඔයාම තමයි. ඔයා Toxic කෙනෙක්ව හදන්න try කරන එක නිකන් ඔයාගෙ කාලෙ නාස්ති කරගැනීමක් තමයි.
6. හොඳ මිනිස්සුන්ව අඳුරගන්න
Toxic යාළුකම් වලින් අයින් වුණාම ටික කාලෙකට තනිකමක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ හිස්තැන ඉක්මනට පුරවගන්න හදිසි වෙන්නෙපා. ඔයාට සන්සුන් බවක් සහ වටිනාකමක් දැනෙන්න සලස්වන අය එක්ක ආයෙත් සම්බන්ධ වෙන්න කාලය ගන්න.
ඇත්තම යාළුවෙක් කවදාවත්:
ඔයා එක්ක තරඟ කරන්නේ නැහැ.
ඔයාව පහත් කරන්නේ නැහැ.
ඔයාගේ මනුස්සකම use කරන්නේ නැහැ.
හොඳ යාළුවෝ ඉන්නේ හරිම අඩුවෙන්, ඒත් එහෙම අය ඉන්නවා. එයාලා සවන් දෙනවා, සැලකිලිමත් වෙනවා, සහ ඔයාගේ සීමාවන්ට ගරු කරනවා. එයාලව හොයාගෙන ළඟින් තියාගන්න ටිකක් කාලෙ ගන්න.
7. සමහර මිනිස්සුන්ව ජීවිතෙන් අයින් කරන්නම ඕන
සමහර වෙලාවට, ඔයාට කරන්න පුළුවන් හොඳම, healthy ම දේ තමයි ඔයාට uncomfortable තැන් වලින් ඉවත් වෙන එක. අයින් වෙන එකෙන් කියන්නේ ඔයා පරාද වුණා කියන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ ඔයා අන්තිමට ඔයාටම වටිනාකමක් දෙන්න ඉගෙන ගත්තා කියන එක.
අතහැරලා දාන එක හිත රිදවන්න පුළුවන්, ඒත් Toxic යාළුකමක ඉන්න එක ඊටත් වඩා හිත රිදෙනවා. කාලය ගෙවෙද්දි, එයාලගේ negative ගති නැතුව ඔයාට කොච්චර සැහැල්ලුවක් සහ නිදහසක් දැනෙයිද කියලා ඔයාටම තේරෙයි.
8. Heal වෙන්න
Toxic යාළුකමකින් අයින් වුණාට පස්සේ, සුව වෙන්න කාලය ගන්න. ඔයාව සතුටු කරන දේවල් කරන්න. ඔයාට ඇත්තටම ආදරේ කරන අය එක්ක කාලය ගත කරන්න.
ඔයාට ලැබිය යුත්තේ ඔයාව ඉහළට ඔසවා තබන යාළුකම් මිසක්, ඔයාව පහළට ඇද දමන toxic මිනිස්සු නෙවෙයි. ඔයාගේ සතුට සමරන මිනිස්සු මිසක්, රහසින් ඊර්ෂ්‍යා කරන අය නෙවෙයි.
යාලුකම් වලදි උනත් ඔයා ඔයාගේ හිතේ සැනසීම ආරක්ෂා කරගන්න ඉගෙන ගන්නෝන. මොකද ඒ හිතේ සැනසීම කියන්නෙ ලොකු energy එකක් සහ strength එකක්.
හොඳ මිනිස්සු ටිකක් ඔයාගේ ජීවිතේ ඉද්දි අනිත් හැම දෙයක්ම, ඒ කිව්වෙ ඔයාගේ ආත්ම විශ්වාසය, ඔයාගේ සතුට, ඔයාගේ ශක්තිය ආයෙත් වර්ධනය වෙන්න පටන් ගන්නවා.
            










