දෑත දරා – 78

පසුදා පාන්දර මනුජ නිවසට පැමිණියේ රාජකාරි සගයන් දෙදෙනෙකුට වාරුවය. අවසානයේ ඔහු කිසිවෙකුට මුහුණ නොදී කාමරයට වැදුනේ ඔවුන්ගේ සහයද නොපතමිනි.

“ නංගී ..  මනුජගේ ප්‍රශ්න වලට පුලුවන් නම් ටිකක් ඉන්වෝල්ව් වෙන්න වෙයි .. අද සෝල්ජර් කෙනෙක් උදේ කනට ගහලා .. ඒ මිනිහාත් නාහෙට අහන්නේ නැති එකෙක්.. ඌ මනුජට අගේන්ස්ට් කම්ප්ලේන් එකකුත් දාලා…  ඒ කේස් එක අනිවාර්‍යෙන්ම ඇදෙනවා… මූ ටික දවසකට ඉන්ටර්ඩික් වෙන්නත් බැරි නෑ … පුදුම කේන්තියක්නේ තියෙන්නේ මූට …. ඉවසීමක් ඇත්තෙම නෑ .. ඔෆිස් රූම් එකත් අද කණපිට පෙරලලා … ඔය ගෑණු ළැමයාගේ ප්‍රශ්නේ මූ තනියෙන් විසඳගන්න යන එකෙන් ලොකු විනාසයක් වෙනවා… එක්කෝ , මේ ඔක්කොම අතෑරලා ඔයා යන රටකට හරි එක්ක යන්න… ඌ බඳාගෙන කරගෙන මේවාගේ උන්නට, එකෙක්ටවත් අපේ වටිනාකමක් නෑ… වැඩ කෙරෙනකල් විතරයි ඔක්කොම ..”

මනුර්‍යා අයියාගේ මිතුරාය සවන් දුන්නාය. එහෙත්, කුමක් කොතැනකින් අරඹා කල යුතුදැයි ඇයට වැටහුනේ නැත. එකම අස්වැසිල්ල ලෙසින් දැණුනෙ විමුක්ති මහා පවුරක්ව තමන් සියලු දෙනා සමඟ සිටිනා බව හිතට දැනීමය.

උදෑසන දහය පමණ මනුජ සූදානම් වි එලියට බැස්සේ නිර්ධා සමඟ රෝහලට ය සඳහාය. ඒවනතුරුත් ඔහු සින්දූපා අසනීප වූ වගක් දැන උන්නේ නැත.

“  නංගී .. පොඩ්ඩක් ෆෝන් එක දෙනවා මට ..”

නිර්ධා අමතා සැළසුම වඩා පිළිවෙල කරගෙනම නිවසින් පිටත් වෙන අදහසින්ය.

“ කෝ ඔයාගේ ෆෝන් එක ?…”

“ ඒක ඊයේ වැටුණා.. ඊට පස්සේ ඔන් වුනේ නෑ .. හදාගන්න ඔනි ..”

මනුර්‍යා  එය විශ්වාස කරන්නට තමන්ට අවශ්‍ය නොවන බව පෙන්වමින් පසෙකට හැරුණාය.

“ නංගී … තමුසේලා දෙන්නා ගියාම, සාරතී නැන්දවත් මෙහෙ නවත්තලාම, දෝණිව මෙහෙ නැවැත්තුවාට අවුලක් නෑ නේද ?..මට ටිකක් කල් ඕනි මේ ටිකෙන් ගොඩ එන්න ..”

“ ආහ් .. හැමදාම රෑට බිගෙන, උදේට අනෙක් මිනිස්සුන්ගෙන් ඒ ඇරියස් පිරිමහ මහ, ඉන්ටර්ඩික් වෙලා, ආයේ ජොබ් එකත් නැති කරගන්න ලේසි වෙන්නද එහෙම ?…”

“ අනේ ඕයි මේ .. මං තමුසේගේ ඔපීනියන් ඇහුවේ නෑ… අහපු එකට උත්තර දෙනවා.. එහෙම නැත්නම් කට වහගෙන ඉන්නවා…”

“ අපරාදේ නේ ඉතින් ආයේ අලුතින් ඕක මගෙන් අහන්නේ.. ඔයා මගෙන් අහලා, ඔයාට ඕනි දේ නේ කරන්නේ…”
මනුර්‍යාද එකට එකම කියෙව්වාය. මෙවෙලෙහි අයියා හා හරහට, දැඩිව සිටීම හැරෙන්නට අන් විකල්පයක් ඇයට පෙනුනේ නැත.

“ අනේ තමුසේ … මට ෆෝන් එක දෙනවද නැද්ද ?…”

“ නෑ ..”

“ තියාගන්නවා  තමුසෙගේ ලදරම … මඟුල …  අපේ ආපු උන්ට කන්න දුන්නද උදේට…”

“ මම මොකටද ඒවා බලන්නේ ?..  “

 මනුජ  මනුර්‍යාට බැණැ වදිමින් මිතුරන් දෙදෙනා සොයා ගියේය. ඒ වෙද්දීත් ඔවුන් පිටත්ව ගොස් තිබුණි.

“ උන් කොහොමද ගියේ ?…”

“ ගියේ ඉතින් බස් එකේ .. තමුසෙගේ නෙයියාඩගම් නිසා වටේ මිනිස්සුන්ටත් පුදුම වදයක් විඳින්න වෙලා තියෙන්නේ අයියේ.. ඒක තේරුම් ගන්න බලනවා .. “

“ ඔව් ඔව් කොයි කාටත් මගෙන් වදේ බව මම තේරුම් ගන්න ගමන් ඉන්නේ …”
මනුජද ඇය හා ගැටුණේය.

“ අනෙක් මිනිස්සු නම් කමක් නෑ කියමු …. ආං අර සින්දූපා….ඒ කෙල්ලට දෙන වද ගැන නම් ඔයාට සමාවක් ලැබෙන එකක් නෑ අයියේ …. ඔයා දන්නවද නැද්ද දන්න්නේ නැ … ඊයේ දවාලේ එයාට පැනික් ඇටෑක් එකක් ඇවිල්ලා එයා හොස්පිට්ල් එකේ තාම… අපිත් දැන් හරි විස්තරයක් දැනගත්තේ .. විශ්ව අයියලා පාන්දර එහෙ ගිහින් බලලා කිව්වාට පස්සේ…. පුලුවන් නම්, ඒ කෙල්ලව මරාගන්නවා අයියේ .. එතකොට ඔයාට සැනසීමක් දැනෙනවා නම් එකටම ඒක කරලා ඉන්නවකෝ…. එක පැත්තකින් එ කෙල්ලගේ අම්මයි තාත්තය් ප්‍රෙශර් කරනවා, අනෙක් පැත්තෙන් ඔයා …”

මනුජ මනුර්‍යා ගේ උරිස්සෙන් රිදෙන්නම අල්ලා ගත්තේය.

“ මොකක් වෙලා කිව්වා?….”

“ ආයේ ආයේ ඉතින් කියන්න දෙයක් නෑනේ අයියේ ..ඔයාට ඇහුන එක තමා කීවේ…. සින්දූපා දවල් අසනීප වෙලා … සිහි නැතුව කාමරේ වැටිලා ඉඳලා.. දැන් නම් අවුලක් නෑලු …”

“ සිහි නැතුව කියන්නේ ?…”

මනුජ සාලය පුරා වේගවත් අඩි තබමින් ඇවිද්දේය.  ඇයට කුමක් සිදුවුනේද ?. එක් වරම තමාගේ අමානුශික වචන වල සැර සිහි විය.

ඇයට දරා ගැනීම පහසු නොවන්නට ඇත.   තමා සුන් කර දැම්මේ ඇය ඉතා ඉක්මනින් ගොඩ නඟා ගත් තමන් දෙදෙනා  සහ දියණිය වෙනුවෙන් තැනුන ලෝකයය.

“ විශ්වට කෝල් එකක් අරන් දෙනවා ..”

මනුජ ඉන් පසුව එක්වරම මනුර්‍යාට පැවසුවේය. එහෙත් , මනුර්‍යා එයට එකඟ නොවන බවඅඟවමින් පසෙකට හැරුනාය. මනුජ වහා ඇය නවතා ගත්තේය.

“ නංගී …  කතා කරනවාකෝ හලෝ …”

“ මට බැ… ඔයා ප්ලෑන් කරන් උන්න දේවල් ඒ විදියෙන් කරගන්න අයියේ … මිනිහෙක් වුනාම, යම් සම්බන්ධතාවයක් ඇතුලේ දෙන්නෙක් එක්ක ඉන්න වෙලාවට, තමන්ට ඕනි දේ විතරක් කරනෙක කොච්චරක් වැරදිද කියලා ඔයා තේරුම් ගන්න ඕනි අයියේ.. සින්දුපාගේ තාත්තලා ඔයාට අකමැති ඇති.. එකඟයි … ඒත් ඒකෙන් කියවෙන්නේ නෑනේ ඒ අකමැත්ත සදාකල් කියලා…. කරන්න දේවල් අනේක අප්‍රමාණ … ඒකේ එක දෙයක් විදියට ඕනි නම්, ඔය දෙන්නට කතා බහ කරලා, අවබෝධෙන් දෙපැත්තකට වෙන එක වුනත් කරන්න පුලුවන් …. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ… ඒත් මේ ඔයා කරන්නේ මොකද්ද අයියේ ?…”

මනුජ මනුර්‍යාගේ  කෝපය ඉදිරියේ කුඩා මිනිසෙකුව සැඟවුනේය. ඔහුට ඇය හා ගැටෙන්නට තරමේ වචන හෝ ගැලපුනේ නැත.

“ අයියේ ….  ඔයාලා දෙන්නාම නේ ආදරේ කලේ… ඔයාට ඕනිවට එයාව පැත්තකට කරන්න ලෑස්ති වෙන එක කොච්චරක් සාධාරණයිද හිතන්නකෝ … කොහොමද ඒ කෙල්ල ඒක දරාගන්නේ… ඒකත්, ඔයා එයාට පෙන්නන්න උත්සාහ කරන්නේ කොහොම දෙයක්ද  හිතන්නකෝ … නොමැරි ඉතුරු වෙන එකත් ලේසි නැහැනේ අයියේ ඔහොම නාටක වලට අහු උනාම ..”

 මනුර්‍යා වැඩිමහල් සොයුරියක වෙමින් උන්නාය. මනුජ උන්නේ නිරුත්තර වෙමිනි. ඔහු අසල තිබූ අසුනකට වැටුනේය.

සින්දූපා අසනීපව රෝහල් සයනයක් මත උඩු බැලිව වැතිරී සිටින  රුව එක්වරම ඇස් ඉදිරියේ මැවී නැති වුණේය.

“ විශ්වට කෝල් එකක් ගන්නවා නංගී …”

මනුජගේ හඬ වූයේ බිඳී ගොසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles