*තාරානාත් දහම් වංශනායක*
ගයාන්.
එළියේ වැටෙන පොද වැස්සට තෙමිලා, හරියට දුවගෙන ආවා වගේ මහන්සියකින් හුස්ම ගන්න ගමන් උන්න ගයාන් මගේ දිහා බැලුවේ හරියට මම නිකන් උගෙ ගෙදරට හොරෙන් පදිංදියට ආව වගේ ලුක් එකකින්. ඒක හරියට ගහන්න ආපු, පලිගන්න ආපු, නැතිනම් තමන්ට අයිති කියලා හිතපු දෙයක් නැති වුණාම කෑගහලා ඉල්ලන, ඒක තියෙන තැනකින් අරගෙන යන්න ආව මනුස්සයෙක්ගෙ වගේ ලුක් එකක් කියන එක මට ඒ ඇස් දිහාව බලද්දි හිතාගන්න අමාරු උනේ නෑ.
” නාද්‍යා කොහේද?” කියලා අහද්දිත් මිනිහගෙ කටහඬේ ඒ තිබිච්ච හිට්ලර් ගෙ වගේ බලය පෙන්නන ගතිය ළඟදි දෙකට නැමෙන්න මගේ මුරණ්ඩු පිරිමිකම මට කිසිම ඉඩක් දුන්නේ නෑ. අනික් එක මගේ ගෙදරට ඇවිත් මගෙ ගෑනි ගැන අහන කොන්ද පණ නැති බල්ලෙක්ට බයවෙන්න කිසිම හේතුවක් මට තිබ්බෙත් නෑ. මොකද ඌට එකපාරක් බල්ලෙක් වෙන්න පුලුවන් නම් මට දහපාරක් බල්ලෙක් වෙන්න පුලුවන් කියන එකත් උට ඇවිත් බුරන්න මේක උගෙ වැයික්කිය නෙවෙයි මගෙ වැයික්කිය කියන එක උට මතක් කරලා දෙන්න හිතාගෙන තමයි මං අඩියක් එලියට තියලා පල්ලෙහට බැස්සෙ.
ඌ මුලින්ම ඇහුවේ ඒ වචන ටික. පැහැදිලි කිරීමක් නෑ. ලැජ්ජාවක් නෑ.
ඒ ප්‍රශ්නය විතරයි.
“නාද්‍යා කොහෙද?” ඒක හරිනම් මම උගෙන් අහන්නෝන ප්‍රශ්නෙ නේද කියන එක ඒ වෙද්දිත් මම දැනගෙන උන්නත් මම ඒ ප්‍රශ්නෙ අහන්න හදිස්සි උනේ නෑ.
“මට හරි බයයි දහම් ගයාන් දවසක ඇවිත් ආයෙ මට කරදර කරාවි කියලා” මට තුරුල් වෙලා උන්න මුල්ම දවසක නාද්‍යා කිව්ව විදිය මට ඇත්තටම ඒ වෙලාවෙ මතක් වුනා.
“ගයාන් නෙවෙයි කවුරු ඇවිත් ඔයාට මොන විදියෙ කරදර කරන්න හැදුවත් මම කවදාවත් ඒකට ඉඩක් දෙන්නෙ නෑ කෙල්ලෙ” කියලා එවෙලෙ මම නිකන් බැට් මෑන් වගේ කිව්වට අන්තිමේ මම රට උන්න දවස් ටිකේ මූ ඇවිත් කරන්නෝන හරිය කරලා ගියයින් පස්සෙ මම නිකන් බලු වෙලා නේද කියලා හිතෙද්දි තමයි මට ඇත්තටම තව තරහා ගියේ.
ඒක දැනුණේ හරියට පරණ තුවාලයක වේලිච්ච කබොල්ල ආයෙ ආයෙ කඩන්න හදනවා වගේ.
“මං තමුසෙගෙන් අහන්නෝන ප්‍රශ්නෙනෙ ඕයි තමුසෙ මගෙන් අහන්නෙ?” කියලා මම කිව්වෙ මගේ කටහඬ පොඩ්ඩක්වත් ලෝ වොයිස් යන්න දෙන්නෙ නැතුව. “මම අහන්නේ එයා කොහේද කියලා. ඒ වගේම දරුවා කොහේද කියලා. දන්නේ නෑ වගේ ඉන්න එපා.”
මම ඌ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. එකපාරක් එපා කියලා දරුවෙක් එක්ක අත ඇරලා දාපු ගෑනිගෙ පස්සෙන් කිසිම ලැජ්ජාවක් නැතුව ආය ආය එන්න මොකක් හරි මට හිතාගන්න බැරි විදියෙ හේතුවක් මෙතන තියෙන්නෝන කියලා හිතිච්ච හන්දාම මට ඕන උනේ ගයාන්ගෙ කටෙන් අන්න ඒකට උත්තරේ එළියට ගන්න.
“තමුසෙ දැන් මෙතන ඇවිල්ලා නාද්‍යාව හොයන්නේ ඇයි නාද්‍යා තමුන්ගෙ කවුද? ආයෙ මේ ඇවිත් හොයන්නෙ ආය වතාවක් ඒකිගේ ජීවිතේ කඩලා බිඳලා දාන්නද? විනාස කරන්නද?” කියලා මම අහද්දිත් ගයාන් මං දිහාවම බලාගෙන උන්නෙ පුදුමාකාර තරහකින් කියන එක මට නොතේරුණා නෙවෙයි.
“තමුසෙ කවුද ඕයි මට ඔහොම සද්ද දාන්න? කටේ සද්දෙ එන්න එන්න වැඩිවෙන්නෙ මේක තමුසෙගෙ ප්ලේස් එක හින්දනම් මෙන්න මේක හොඳට හිතාගන්නවා තමුසෙ ඔය රහ බලන්න හදන්නෙ මං කළින් බිව්ව තැඹිලි වල කෝම්බ කියන එක.
මං ආවෙ මේ තමුසෙ එක්ක මෙතන චැට් එක දාගෙන ඉන්න නෙවෙයි. තමුසෙට ඕන නම් තමුසෙ නාද්‍යාව ළඟ තියාගන්නවා මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මට මගේ දරුවව ඕන. අන්න ඒක හොඳට මතක තියාගන්නවා. මං අරකිටත් පැහැදිලිවම කිව්වා ඒකි අකමැති නම් මාත් එක්ක එන්න කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි මගෙ දරුවව මට ඕන කියලා. තමුසෙ ඒකිව හංගපු තැනක හැංගුවෙ මගෙන් බේරගන්න හිතාගෙන නම් ඒක ලේසි වෙන්නෙ නෑ මං දානවා නඩු තමුසෙලා දෙන්නා එක්කහු වෙලා මගෙ දරුවව අතුරුදහන් කරලා කියලා.
අන්න ඒක හොඳට මතක තියාගන්නවා’
සමහර වෙලාවට පිරිමි දෙන්නෙක් අතරේ ඇති වෙන නරකම රණ්ඩු ඇති වෙන්නේ ආඩම්බරකම, සල්ලි, නැතිනම් තමන්ගේ ලොකුකම නිසා නෙවෙයි. ඒ රණ්ඩු ඇති වෙන්නේ ජීවිත දෙකකට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට බලපාපු එකම එකම් ගෑණියෙක් හින්දා වෙන්න පුළුවන්.
ගයාන් එක වතාවක ඒ ගෑනිට මුලු ලෝකෙම නැති කරලා දාලා, එයාට හයියක් ඕන වුණ වෙලාවේ ඈත් කරපු. සැක කරපු, විනිශ්චය කරපු, තමන්ගේ වටිනාකම සැකෙන් බලන්න, හිතන්න සලස්සපු මිනිහා වෙද්දි මම තමයි එයා හැම වෙලේම කැඩුණම, ආයෙ එක්කාසු කරපු කෙනා උනේ. එයාට තමන්ව බාරගන්න බැරි වෙලාවෙත් එයාව බාරගත්ත කෙනා වුණේ.
මගෙයි ගයාන්ගෙයි “නාද්‍යාව හොයාගන්නෝන” කියන ඉන්ටෙන්ශන් එක අතරේ තිබ්බ අන්න ඒ වෙනස කුණාටුවක් වගේ තමයි එවෙලෙ අපි දෙන්නා අතරෙ හුවමාරු උනේ. ගයාන් ෆයිට් කළේ වරදකාරී හැඟීමකින් ආපු රළු ගතියකින්. මම ෆයිට් කළේ බය හින්දා හිට ආපු ගින්දරකින්.
“මම වෙච්ච දේ ගැන පසුතැවෙන්නේ නෑ කියලා උඹ හිතුවද? මම වැරදි කළා කියලා මම දන්නේ නෑ කියලා උඹ හිතුවද? ඒ දරුවා මගේ, තාරානාත්. මගේ! තාත්තාගෙන් හංගලා දරුවෙක්ව අන්තරස්දාන කරනවා කියන්නේ, අවුරුදු දෙකක විතර යනකම් දරුවෙක් ඉන්න බව හංගගෙන උන්නා කියන්නේ සමාව දෙන්න පුළුවන් වැරැද්දක් කියලද තමුසෙ හිතන්නේ?
තමුසෙලා දෙන්නා එක්කහු වෙලා නැති කරන්න හදන්නෙ මගෙ අයිතිය” කියලා ගයාන් ඇස් දෙක රතු කරගෙන කියද්දි හිත අස්සෙ කොච්චර තරහක් තිබ්බත් ඇත්තටම මට හිනා ගියා.
අයිතිය.
“ප&^* අයිතියක් ගැනනෙ මූ මේ කතාකරන්නෙ” කියලා හිතලමයි මම උට උත්තර දෙන්න හිතුවෙ.
“කෙල්ලෙක්ව ගෑනියෙක් කරලා, තමන්ගෙ වයස වගේ දෙගුණයක් විතර බාල කෙල්ලෙක් එක්ක නිදාගෙන, ඒකිව නිකන් බඩුවක් ගාණට දාලා, දරුවෙක් හම්බෙන්න ආව වෙලාවෙ ඒකිව අසරණ කරලා ගිය උඹද යකෝ මේ අයිතියක් ගැන කතාකරන්නේ?
අයිතිය ගැන තමුන්ට හිතන්න තිබ්බෙ අද නෙවෙයි ඕයි එදා. එදා. ඒකිව අත ඇරලා, අසරණ කරලා යද්දි ඒකිගේ බඩේ තමන්ගේ ලේ වලින් දරුවෙක් ඉන්නවා කියලා දැනගෙන නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන පැනලා යද්දි.
ඒවා එදා හිතන්නෙ නැතුව අද තමුසෙ හිතුවට මට කරන්න දෙයක් නෑ. තමුසෙ මෙතන හනුමන්තා වගේ නැට්ට ගිනි තියන් මාව පුච්චලා දාලා යන්න ආවට ඒව කරන්න ලේසි වෙන එකක් නෑ කියන එක හොඳට මතක තියාගන්නවා.
නාද්‍යා ගෙදරින් ගියේ තමුසෙ හින්දා කියලා මං දැන් දන්නවනෙ.
අයි වීල් ඩීල් විත් යූ ඔන් දැට්.
ඒ ඇරෙන්න ආයෙ නාද්‍යාව හරි දරුවව හරි හොයන්න මහන්සි වෙලා තිබ්බොත් උඹට ආයෙ මම පණ පිටින් ගෙදර යන්න ඉඩ සලස්සන්නෙ නෑ කියන එක හොඳට මතක තියාගන්නවා”
මොකද නාද්‍යායි, දරුවයි ගැන මගේ හිතේ තියෙන හැඟීම නිසාම මම කන්ට්‍රෝල් කරගෙන උන්නා මම මොන වගේ එකෙක්ද කියන එක. මම පනින්න ලෑස්ති සීමාවල් මොනවද කියන එක. මම කඩන්නෝන හරි කඩන්නෝන නැති හරි නීති මොනවද කියන එක.
ඉතින් කවුරුහරි හිතනවා නම් එයාලව මගෙන් උදුරගන්න පුළුවන් කියලා… අන්න එයාලට මට කියන්න තියෙන්නේ “ඔබට වැරදිලා” කියලා තමයි.
මොකද, මගේ දේවල්, මං ආදරේ කරන දේවල් පරිස්සම් කරගන්න මේ ලෝකෙ ඉන්න ඕනම එකෙක්ට “කෙළවන” එක මට එච්චර අමාරු දෙයක් නොවිච්ච හන්දා.












