දුරකතනය භාවිතාකිරීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙන්න!

මේ කාලයේ දුරකතනය කියන්නෙ  හැඳුනුම්පත තරමටම අවශ්‍ය දෙයක්. එය කෙනෙකුගේ සියලුම තොරතුරු සම්බන්ධතා  ඇතුලු අත්වශ්‍ය බොහෝ දේවල් පාලනය කිරීමට සමත්. ඒ වගේම තමන්ගේ තරාතිරම පෙන්වන සාධකයක් ලෙසත් එය ඉදිරියට ඇවිත්. කොහොම වුනත් දුරකතනය නිසි ලෙස පරිහරණය කිරීමට කිසියම් විනයක් අවශ්‍ය බව නොකියාම බැහැ.

  • පොදු තැන්වලදී නාද නොවන ලෙසට හෝ වයිබ්‍රේශන් වන ලෙස දුරකතනය සකසන්න.
  • මහා හඬින් සංවාදයේ නොයෙදෙන්න.
  • පහසුවෙන් සොයා ගත හැකිවන සේ බෑග් එකේ දුරකතනය තබාගන්න.
  • දුරකතනයේ තිරය නිතරම පිටතට නොපෙනෙන ලෙස පණිවිඩ යැවීම් ආදිය සිදුකරන්න.
  • දුරකතනයට පාස්වර්ඩ් එකක් දමා තබා ගන්න. එය විවර කිරීමේදී වෙන කෙනෙකුට හඳුනාගත නොහැකි ලෙස සකසන්න.
  • ඝෝෂාකාරී නොවන මිහිරි සoගීතයක් රින්ගින් ටෝන් එක ලෙස යොදා ගන්න.
  • කිසිවෙකුට ඇමතුමක් ලබා ගන්නා විට කතා කල හැකි ලෙස සිටිනවාද යන්න නිතරම විමසන්න. ඇමතුම ගත්තේ ඔබ නම් එය අහවර කලයුත්තේද ඔබ බව මතක තබා ගන්න.
  • පිරිසක් සමග කතා කරනවිට, ආහාර ගන්නා විට දුරකතනයඅ ඈත් කර තබන්න. නිතරම එහි කටයුතුවල යෙදීම අවිනීත බව සිහිතබාගන්න.
  • හමුවීමකට, පුස්තකාලයකට හෝ ප්‍රසිද්ධ දේශනයකට සහභාගී වීමේදී මතක ඇතිව සයිලන්ට් මෝඩ් දමාගන්න.
  • ඇමතුමක් ඒමේදී හෝ ලබා ගැනීමේදී අසල කිසිවෙකු සිටීනම් ඔහුගෙන් හෝ ඇයගෙන් අවසර ගන්න.
  • පාර පනින විට, බසයට ගොඩ වන විට වැනි වේලාවන් වලදී දුරකතනය පාවිච්චි නොකරන්න.
  • දරුවන් සමග සිටින විටදී දුරකතනයේ සිහියෙන් නොසිටින්න. නිදි යහනේදී කොට්ටය යටින් තබා ගැනීමෙන් වලකින්න.
  • සෙල්ෆි ආදිය ගැනීමේදී තැන නොතැන බලා කටයුතු කරන්න. පලමුව ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
  • තමන්ගේ ආර්තිකයට දරාගත හැකි පරිදි දුරකතන බිල හසුරුවා ගැනීමට සැලකිලිමත් වන්න.

 – ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles