මේ කාලයේ දුරකතනය කියන්නෙ හැඳුනුම්පත තරමටම අවශ්‍ය දෙයක්. එය කෙනෙකුගේ සියලුම තොරතුරු සම්බන්ධතා ඇතුලු අත්වශ්‍ය බොහෝ දේවල් පාලනය කිරීමට සමත්. ඒ වගේම තමන්ගේ තරාතිරම පෙන්වන සාධකයක් ලෙසත් එය ඉදිරියට ඇවිත්. කොහොම වුනත් දුරකතනය නිසි ලෙස පරිහරණය කිරීමට කිසියම් විනයක් අවශ්‍ය බව නොකියාම බැහැ.
- පොදු තැන්වලදී නාද නොවන ලෙසට හෝ වයිබ්‍රේශන් වන ලෙස දුරකතනය සකසන්න.
- මහා හඬින් සංවාදයේ නොයෙදෙන්න.
- පහසුවෙන් සොයා ගත හැකිවන සේ බෑග් එකේ දුරකතනය තබාගන්න.
- දුරකතනයේ තිරය නිතරම පිටතට නොපෙනෙන ලෙස පණිවිඩ යැවීම් ආදිය සිදුකරන්න.
- දුරකතනයට පාස්වර්ඩ් එකක් දමා තබා ගන්න. එය විවර කිරීමේදී වෙන කෙනෙකුට හඳුනාගත නොහැකි ලෙස සකසන්න.
- ඝෝෂාකාරී නොවන මිහිරි සoගීතයක් රින්ගින් ටෝන් එක ලෙස යොදා ගන්න.
- කිසිවෙකුට ඇමතුමක් ලබා ගන්නා විට කතා කල හැකි ලෙස සිටිනවාද යන්න නිතරම විමසන්න. ඇමතුම ගත්තේ ඔබ නම් එය අහවර කලයුත්තේද ඔබ බව මතක තබා ගන්න.
- පිරිසක් සමග කතා කරනවිට, ආහාර ගන්නා විට දුරකතනයඅ ඈත් කර තබන්න. නිතරම එහි කටයුතුවල යෙදීම අවිනීත බව සිහිතබාගන්න.
- හමුවීමකට, පුස්තකාලයකට හෝ ප්‍රසිද්ධ දේශනයකට සහභාගී වීමේදී මතක ඇතිව සයිලන්ට් මෝඩ් දමාගන්න.
- ඇමතුමක් ඒමේදී හෝ ලබා ගැනීමේදී අසල කිසිවෙකු සිටීනම් ඔහුගෙන් හෝ ඇයගෙන් අවසර ගන්න.
- පාර පනින විට, බසයට ගොඩ වන විට වැනි වේලාවන් වලදී දුරකතනය පාවිච්චි නොකරන්න.
- දරුවන් සමග සිටින විටදී දුරකතනයේ සිහියෙන් නොසිටින්න. නිදි යහනේදී කොට්ටය යටින් තබා ගැනීමෙන් වලකින්න.
- සෙල්ෆි ආදිය ගැනීමේදී තැන නොතැන බලා කටයුතු කරන්න. පලමුව ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.
- තමන්ගේ ආර්තිකයට දරාගත හැකි පරිදි දුරකතන බිල හසුරුවා ගැනීමට සැලකිලිමත් වන්න.
– ඉරේෂා –