නව වසරක් සැලසුම් කිරීම යනු ජනවාරි පළමුවැනිදා සඳහා ඉලක්ක තැබීම පමණක් නොවේ. සැලසුම් කිරීම යනු එක්තරා ආකාරයක ජීවන රටාවක් වන අතර එය ඔබේ ජීවිතයේ දිශාව, ඔබේ අනාගතය සහ ඔබේ සාමය පාලනය කිරීමට උපකාරී වන ක්‍රියාවලියක්ද වනවා. බොහෝ අය කිසිදු සූදානමකින් තොරව නව වසරකට පිවිසෙමින් දේවල් නිරායාසයෙන්ම වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. නමුත් සාර්ථක පුද්ගලයින් සිතන්නේ වෙනස් ආකාරයටය . වසර ආරම්භ වීමට පෙර ඔවුන් සූදානම් වන අතර ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් තේරුම් ගෙන එය සාක්ෂාත් කරගන්නේ කෙසේද යන්න ඔවුන් වඩාත් හොඳින් සැලසුම් කරනවා. 2026 වඩා හොඳ වසරක් ලෙස ගත කිරීමට ඔබත් සිතනවා නම් ඔබට වඩාත් වැදගත් වන පියවර හතකුයි මේ.
නැවත හැරී බැලීමකින් ආරම්භ කරන්න
ඔබේ අනාගතය සැලසුම් කිරීමට පෙර, ඔබ ඔබේ අතීතය දෙස බැලිය යුතුය.එය ඔබට ඔබේ ගත වූ කාලය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙනවා.එහිදී ,
2025 දී මගේ විශාලතම ජයග්‍රහණ මොනවාද?
මම මුහුණ දුන් අභියෝග මොනවාද?
මට උදව් කළ පුරුදු මොනවාද?
මාව වෙනස් කළ පාඩම් මොනවාද?
මෙය ඔබට ගෙවුණු වසර පිළිබඳව පැහැදිලි බවක් ලබා දෙන අතර ඔබ දිගටම කරගෙන යා යුතු දේ, ඔබ වළක්වා ගත යුතු දේ සහ ඔබ වැඩිදියුණු කළ යුතු දේ පිළිබඳව අවබෝධයක් ඔබට ලබා ගත හැකි වෙනවා.මෙවැනි අවබෝධයකින් තොරව ඔබ ඉතිරි වසරට පා තැබුවහොත් ඔබ අතින් සිදුවූ වැරදි නැවත නැවත සිදුවීමේ හැකියාව බොහෝ දුරට පවතිනවා.
ඔබේ ප්‍රමුඛතා තුන තීරණය කරන්න
බොහෝ අය එක් වසරක් තුළ සෑම දෙයක්ම කිරීමට උත්සාහ කරනවා. ඔවුන් ඕනෑවට වඩා ඉලක්ක තබා ගෙන පසුව ඒවා අත්හැරදමනවා. නමුත් එයට වඩා නුවණැතිම ක්‍රියාව වන්නේ ප්‍රමුඛතා තුනක් පමණක් තෝරා ගැනීමයි. එම ප්‍රමුඛතා 2026 සඳහා ඔබේ ප්‍රධාන දිශාව බවට පත් කරගන්න ඔබට පුළුවන්.එහිදී,
වෘත්තීය හෝ ව්‍යාපාර දියුණුව
වඩා හොඳ ශාරීරික හෝ මානසික සෞඛ්‍යය
මූල්‍ය ස්ථාවරත්වය
අධ්‍යාපනය හෝ කුසලතා සංවර්ධනය
ශක්තිමත් සබඳතා
ඔබ ප්‍රමුඛතා තුනක් කෙරෙහි අවධානය යොමු කරන විට ඔබට වසර තුළදී සැබෑ ප්‍රගතියක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
යථාර්ථවාදී සහ මැනිය හැකි ඉලක්ක
ඔබේ ඉලක්ක පැහැදිලි වූ විට සැලැස්මක් බලවත් වනවා. “මට සාර්ථක වීමට අවශ්‍යයි.” වැනි ඉල්ලකයක් වෙනුවට, ඔබේ ඉලක්ක මැනිය හැකි ක්‍රියා වලට වෙන්කර ගන්න.
මම සෑම මසකම ස්ථාවර මුදලක් ඉතිරි කරමි.
මම සහතික පත්‍ර පාඨමාලාවක් සම්පූර්ණ කරමි.
මම සතියකට දින තුනක් ව්‍යායාම කරන්නෙමි.
වැනි ඉලක්ක තබා ගන්න.
කුඩා පියවර විශාල ප්‍රතිඵල ගෙන එන අතර ඔබේ ඉලක්ක මැනිය හැකි විට, ඔබට ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කළ හැකිය.
ඔබේ ඉලක්කවලට සහාය වන පුරුදු ගොඩනඟා ගන්න
ඉලක්ක තාවකාලික වන නමුත් පුරුදු ස්ථිර වනවා. පුරුදු ඔබේ දින චර්යාවේ කොටසක් බවට පත්වන නිසා ඒවා සාර්ථකත්වය ඔබට ළඟා කර දෙනවා.
දිනපතා කියවීම හෝ ඉගෙනීම
වේලාසනින් අවදි වීම හෝ ඔබේ දවස සැලසුම් කිරීම
ඔබේ වියදම් අයවැය කිරීම
ජර්නල් කිරීම හෝ භාවනා කිරීම
වැනි පුරුදු කුඩා ලෙස පෙනුනද, ඒවා ශක්තිමත් අනාගතයක් නිර්මාණය කරනදා. හොඳ පුරුදු ඔබව ආතතියෙන් ආරක්ෂා කරන අතර ඔබේ විශ්වාසය ද වැඩි දියුණු කරනවා.
මූල්‍ය සැලැස්මක් සාදන්න
මූල්‍ය කරුණු ජීවිතයේ සෑම අංශයකටම බලපානවා. සාමකාමී වසරකට මූල්‍ය උපාය මාර්ගයක් අවශ්‍ය වන අතර ඔබේ මුදල් සැලසුම් කිරීමට ඔබ පොහොසත් විය යුතු නැත. ඔබට අවශ්‍ය වන්නේ මූල්‍ය විනය සහ අනුකූලතාව පමණි.
එහිදී ඔබ මෙම ක්ෂේත්‍ර හතර කෙරෙහි අවධානය යොමු කල යුතුය,
අනාගතය සඳහා ඉතිරි කිරීම
හදිසි අරමුදල
අධ්‍යාපනය හෝ වෘත්තිය සඳහා ආයෝජනය කිරීම
විනෝදය: සංචාරය, පුද්ගලික රැකවරණය සහ අත්දැකීම්
මුදල් සැලසුම් කළ විට, ජීවිතය පහසු වනවා. ඔබ ඥානවන්තව තීරණ ගන්නා අතර දුෂ්කර කාලවලදී ඔබ මුදල් හිඟතාවයකට මුහුණ දෙන්නේද නැත.
ඔබේ මානසික ශක්තිය ආරක්ෂා කරන්න
2026 දී, ඔබ ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරන ආකාරයටම ඔබේ මානසික සාමයද ආරක්ෂා කර ගතයුතුය. ඔබේ මානසික ශක්තිය ඔබේ පදනම වන අතර ඔබේ සතුටට හානි කරන දේවල් ඔබේ ජීවිතයෙන් ඉවත් කිරීමට ඔබ සැලසුම් කරගත යුතුය.
සීමා සකසන්න
විෂ සහිත පුද්ගලයින් අඩු කරන්න
අවශ්‍ය විට විවේක ගන්න
ස්වයං රැකවරණය පුරුදු කරන්න
“නැහැ” කියන්න ඉගෙන ගන්න
සාමකාමී මනසක් වඩා හොඳ තීරණ ගන්නා අතර ශක්තිමත් මානසික තත්වයක් ඔබට අභියෝගවලට සන්සුන්ව සහ විශ්වාසයෙන් මුහුණ දීමට ඉඩ සලසනවා.
නව අත්දැකීම් සඳහා ඉඩ තබන්න
ඔබේ වසර වැඩ සහ වගකීම් වලින් පමණක් ඔබ පිරවිය යුතු නැහැ.එය සතුට ,සාමය , හොඳ අත්දැකීම් සහ මතක වලින් ද සමන්විත විය යුතුය.2026 දී ඔබට උත්සාහ කිරීමට අවශ්‍ය අලුත් දේවල් වල ලැයිස්තුවක් සකස් කරන්න,
ඔබට කියවීමට අවශ්‍ය පොත්
ඔබට සංචාරය කිරීමට අවශ්‍ය ස්ථාන
ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය කුසලතා
ඔබට හමුවීමට අවශ්‍ය පුද්ගලයින්
නිර්මාණාත්මක හෝ විනෝදජනක ක්‍රියාකාරකම්
ඔබ ඔබටම අලුත් දේවල් අත්විඳීමට අවසර දෙන විට ජීවිතය අර්ථවත් වනවා.වසර අවසානයේදී නැවත හැරී බලන විට ඔබට වඩා තෘප්තිමත් බවක් දැනෙන්නේ එවිටයි.
2026 සැලසුම් කිරීම ඔබ ඔබටම ලබා දෙන ත්‍යාගයක් වැනිය. ඔබ මඟ පෙන්වීම ,සැලසුම් සහ සූදානම සමඟ වසරට පිවිසෙන විට ඔබට ආතතියකින් තොර වසරක් ගෙවීමට ලැබෙනවා. ගැඹුරින් සිතා බලා ප්‍රමුඛතා සකසන්න, ඔබේ සාමය ආරක්ෂා කරගන්න, සහ ඔබට අවශ්‍ය අනාගතය ගොඩනඟන්න. විශිෂ්ට වසරක් ගත කිරීමට ලැබීම අහම්බෙන් සිදු නොවන අතර එය ඔබ විසින්ම කරන තේරීමක් බව මතක තබා ගන්න.











