අපි හැමෝම දවසකට කී පාරක් නම් ෆෝන් එක ස්ක්‍රෝල් කරනවා ඇද්ද?
එහෙම කරන හැම වෙලාවකම අපිට පේන්නේ හරිම ලස්සන දේවල් නෙ.
මාරම ලස්සනට ඇඳලා කරලා ඉන්න ජෝඩු, හැමදාම ට්‍රැවල් කරන යාළුවෝ, නැත්නම් ලොකු ලොකු ජයග්‍රහණ ලබන අය.
හරිම කලාතුරකින් තමයි කෙනෙක්ගෙ ජීවිතේ දුකක් කරදරයක් අපිට සෝෂල් මීඩියා හරහා දකින්න වෙන්නෙ. මේවා දැකලා අපිට හිතෙන්නේ “ඇයි මගේ ජීවිතේ විතරක් මෙච්චර අවුල්? ඇයි අනිත් හැමෝම මෙච්චර සතුටින් ඉන්නේ?” කියලා.
හැබැයි මතක තියාගන්න, ඔයා ඒ දකින්නේ ඒ අයගේ ජීවිතේ “Highlights” විතරයි, මුළු ජීවිතේ කියන චිත්‍රපටියම නෙවෙයි.
ඉතින් ඇත්තටම අපි අද කතා කරන්න හිතුවෙ ඇත්තටම ඔය සමාජ මාධ්‍ය වල පෙන්නන තරම් අපේ ජීවිත Perfect ද කියන දේ ගැන.
1. “Behind the Scenes” කවුරුත් පෝස්ට් කරන්නේ නැහැ
කවුරුත් තමන් රණ්ඩු වෙන වෙලාවට, අඬන වෙලාවට, නැත්නම් සල්ලි නැතුව ප්‍රශ්න වල එරිලා ඉන්න වෙලාවට ෆොටෝ ගහලා ඉන්ස්ටග්‍රෑම් දාන්නේ නැහැ. හැමෝම පෝස්ට් කරන්නේ තමන්ගේ ජීවිතේ හොඳම මොහොතවල් විතරයි. ඔයා දකින්නේ ෆිල්ටර් එකක් දාලා ලස්සන කරපු පින්තූරයක් මිසක්, ඒ පින්තූරය ගන්න කලින් ඒ අය වුණු මහන්සිය, විඳපු පීඩනය නෙවෙයි.
2. සංසන්දනය කිරීම සතුට උදුරා ගන්න හේතුවෙනවා කියලා දන්නවද?
අපි කරන ලොකුම වැරැද්ද තමයි, අපේ ජීවිතේ තියෙන අවුල් සහගත ඇතුළාන්තය අනිත් අයගේ ඔප දැමූ පිට කවරෙ එක්ක සංසන්දනය කරන එක. ඔයාගේ සාමාන්‍ය දවසක් තව කෙනෙක්ගේ නිවාඩු දවසක ෆොටෝ එකක් එක්ක සංසන්දනය කරන්න එපා. ඒක හරියට ඇපල් ගෙඩියක් සහ අඹ ගෙඩියක් සංසන්දනය කරනවා වගේ වැඩක්.
3. සල්ලි සහ සතුට පේන තරම් ඊසි ලේසි නැහැ
සමාජ මාධ්‍යවල හැමතිස්සෙම අලුත් ගැජට්, අලුත් ඇඳුම්, මිල අධික කෑම වර්ග පෙන්වන එක දැන් ට්‍රෙන්ඩ් එකක්. හැබැයි ඒ දේවල් පෙන්වන ගොඩක් අය ඉන්නේ මාරම ණය බරකින් වෙන්න පුළුවන්. නැත්නම් ඒ දේවල් නිකම්ම Show-off එකක් විතරක් වෙන්න පුළුවන්. දකින හැම ලස්සන දේකටම යටින් ලොකු හිස් බවක් තියෙන්න පුළුවන් කියලා අපි තේරුම් ගන්න ඕනේ.
4. ඇල්ගොරිතම් එකට අහු නොවී ඉන්න
සමාජ මාධ්‍ය හදලා තියෙන්නේ අපිට නැති දේවල් ගැන හිතලා අපිට දුක හිතෙන විදිහට. එතකොට තමයි අපි වැඩි වැඩියෙන් ඒකේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න, ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාට ලැබෙන Like ප්‍රමාණයෙන්වත්, Comment ප්‍රමාණයෙන්වත් නෙවෙයි.
5. ඇත්ත ජීවිතේ සතුට තියෙන්නේ ෆෝන් එකෙන් එළියේ
නියම සතුට තියෙන්නේ පෝස්ට් එකක් දාන්න කලින් විඳින ඒ මොහොතේ මිසක්, පෝස්ට් එක දැම්මට පස්සේ ලැබෙන ප්‍රතිචාර වල නෙවෙයි. කෑමක් කද්දී ඒකේ රස විඳිනවා වෙනුවට ඒක ෆොටෝ ගහන්නම පැය භාගයක් ගන්නවා නම්, ඔයා ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය ඇතුළේ මිසක් සැබෑ ලෝකයේ නෙවෙයි.
6. අඩුපාඩු තිබීම සාමාන්‍ය දෙයක්
සමාජ මාධ්‍යවල හැමෝම උත්සාහ කරන්නේ තමන්ට කිසිම අඩුවක් නැහැ කියලා පෙන්වන්න. හැබැයි ඇත්ත ජීවිතේ අපිට ප්‍රශ්න තියෙනවා, අපි වැරදි කරනවා, අපිට බය හිතෙනවා. මේ හැමදේම සාමාන්‍යයි. ඒ අඩුපාඩු පෙන්වන්න කවුරුත් අකමැති වුණාට ඒක තමයි ඇත්ත ජීවිතේ.
7. Digital Detox එකක වටිනාකම
සමහර වෙලාවට දවසක් දෙකක් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් නොබලා හිටියම තමයි තේරෙන්නේ ලෝකේ මොන තරම් නිදහස්ද කියලා. අනුන්ගේ ජීවිත දිහා බල බලා ඉන්න එක නතර කළාම, තමන්ගේ ජීවිතේ තියෙන වටිනාකම ඔයාට ඉබේම පෙනෙන්න ගනීවි.
8. Influencers ලගෙ රස්සාව ඒකයි
සමහර අය පෝස්ට් දාන්නේ සල්ලි වලට. ඒ අය පාවිච්චි කරන ක්‍රීම් එකක්, ඇඳුමක් හෝ යන හෝටලයක් සුපිරියි කියලා කියන්නේ ඒකට සල්ලි හම්බවෙන නිසයි. ඒක ඒ අයගේ බිස්නස් එක, ආදායම් මාර්ගය කියන දේ කිසිම වෙලාවක අමතක කරන්න එපා.
සමාජ මාධ්‍ය කියන්නේ හරිම ලස්සනට මවපු මායාවක්. ඒ මායාව ඇතුළේ අතරමං වෙලා තමන්ගේ තියෙන සැනසීම නැති කරගන්න එපා. ඔයාගේ ජීවිතේ අවුල් සහගතයි කියලා හිතෙන වෙලාවට මතක තියාගන්න, ඒ පර්ෆෙක්ට් කියලා පේන අයගේ ජීවිතත් ඒ වගේම අවුල් සහගතයි. ඒ අය ඒක ලස්සනට වහලා පෙන්වනවා විතරයි.
ඇත්තටම කිව්වොත්, අපි හැමෝම මේ Filters පාවිච්චි කරන්නේ මූණට විතරක් නෙවෙයි, අපේ මුළු ජීවිතේටමයි. අපි සතුටින් ඉන්න හැම තත්පරයක්ම Record කරලා ලෝකෙට පෙන්නන්න හදනකොට, ඒ සතුට ඇත්තටම විඳින්න අපිට වෙලාවක් නැති වෙනවා. ඔයා රෑ තිස්සේ ඇඬුවත්, උදේට හිනා වෙලා දාන එක සෙල්ෆි එකකින් ඒ හැම දුකක්ම වහන්න පුළුවන් කියලා අපි දන්නවා.
ඉතින් ඇයි අපි අනුන්ගේ ඒ වගේ සෙල්ෆි දැකලා අපේ සැබෑ ජීවිතේ අවුල් කියලා දුක් වෙන්නේ?
මතක තියාගන්න, කිසිම පෝස්ට් එකක Caption එකකින් කියන්න බැහැ මනුස්සයෙක් ඇතුළතින් විඳින වේදනාව. කිසිම Story එකකට පෙන්වන්න බැහැ මනුස්සයෙක් තනියම දරන පීඩනය. ඔයා දකින අර දිලිසෙන වීදුරු මාලිගා ඇතුළෙත් ඕනෑතරම් කුණු කන්දල්, රණ්ඩු සරුවල් සහ කඳුළු තියෙන්න පුළුවන් කියන reality එක අමතක කරන්න එපා.
අපි කරන්න ඕනේ අනුන්ගේ ජීවිත වල Highlights එක්ක අපේ ජීවිතේ Behind the scenes සංසන්දනය කරන එක නතර කරන එකයි. ඔයාගේ ජීවිතේ අද අවුල් වෙන්න පුළුවන්, රස්සාව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් හිත රිදිලා වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත ජීවිතේ. ඒ ඇත්ත ජීවිතේ ඇතුළේ තියෙන ඒ සාමාන්‍ය බවට ආදරේ කරන්න, ඒක accept කරන්න පුරුදු වෙන්න.
ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලලා සුසුමක් හෙලනවා වෙනුවට, මොහොතකට ඒක පැත්තකින් තියලා ඇස් දෙක පියාගෙන හුස්මක් ගන්න. අන්න එතනයි ඔයාගේ සැබෑ සැනසීම තියෙන්නේ. ලෝකෙට පේන්න ලස්සනට ජීවත් වෙනවට වඩා, තමන්ට දැනෙන්න සතුටින් ජීවත් වෙන එක තමයි වටින්නේ.










