උදේට ඔයා ඇහැරෙන්නම “අයියෝ තව නිදාගන්න තිබ්බනම් හොඳයි. මේ රස්සාවට මම යන්නම ඕනද?” වගේ දේවල් කියාගෙන නම් ඔන්න මේ tips ටික කියෙව්වට පස්සෙ ඔයාට පුලුවන් වෙයි එහෙම නැතුව ආයෙ නිකන් සුපිරියට, energetic විදියට උදේ ඇහැරෙන්න සහ දවස ගෙවාගන්න. Gallup Survey එකේ කියනවා 14% ඇමරිකානුවො එහෙමත් නැගිටින්නෙ මෙන්න මේ වගේ අදහස් එක්ක දවසෙ තමන්ගෙ වැඩ ටික කරගන්න කිසි energy එකක් නැතුව කියලා. ඇමරිකාවෙ එහෙම වෙනවනම් ලංකාවෙ අපිට එහෙම නොවී තියෙන්න බෑනෙ නේද?
ඉතින් ඇත්තටම අපිට මොකද කරන්න පුලුවන් මෙන්න මේ වගේ negative, කම්මැලි අදහස් වලින් මිදිලා මුලු දවසම නිකන් මාර energy එකකින් ඉන්න. ඉඳලා හිටලා ඔය පොඩ්ඩක් tired ගතියක් වගේ දැනෙන එක normal උනත් නිතරම හැමදාම වගේ එහෙම වෙන එක ඔයාගෙ productivity එක ලොකුවටම ප්රශ්න ඇති කරන්න හේතුවෙනවා.
ඉතින් ඔන්න අද අපි අරගෙන එන සුබ ආරංචිය වෙන්නෙ මෙන්න මේ වගේ අවස්තාවලදි ස්වාභාවිකවම ඔයාගෙ ශක්ති මට්ටම් උඩට අරගෙන එන්න උදව් වෙන සරළ, විද්යාත්මකව සනාථ කරපු tips කිහිපයක් තියෙනවා කියන එක.
1. Drain වෙන්න කළින් Stress Control කරන්න
Stress තියෙද්දි වෙන දේ තමයි ඔයා වැඩක් කරලා ඉවර වෙන්න තියා හිතන්න කලිනුත් ඔයාගෙ brain එක tired වෙන එක. Brain එක tired වෙන එකෙන් ඔයාගෙ body එකත් tired සහ slow වෙන්න පටන් ගන්නවා. ඔක්කොම වැඩ ටික තාම ඉතුරුවෙලා තිබුණත් ඔයා හිතන්න පටන් ගන්නවා “අයියෝ මට නම් මාරම මහන්සියි” කියලා.
එකට easy fix එකක් තමයි වැඩ කරන අතරවාරෙ හරි වැඩ කරලා stress වීගෙන එද්දි වගේ හරි ඔයා ළඟ ඉන්න තව කෙනෙක් එක්ක gossip එකක් වත් දාන්න. හරිම trust එකක් තියෙන යාළුවෙක් වගේ කෙනෙක් එක්ක පොඩ්ඩක් කඩයක් දාන්න. නැත්තං deep breath එකක්, හෙමින් music එකක් දාල relax වුනත් හොඳයි. හිත calm වුනාම body එකට energy එකක් ආපහු එනවා.
2. ඒ වැඩ ඔක්කොම ඔයාම කරන්න ඕනද කියලා පොඩ්ඩක් හිතමුකෝ
“මමම කරන්න ඕනෙ”, “මමම manage කරන්න ඕනෙ” කියලා කියනකොට tired වෙන එක surprise එකක් නෙවෙයි. Family එක, job එක, friend circle එක ඒ ඔක්කොම ඔයාම handle කරන්න ඕන දේවල් උනාම පස්දෙනෙක්ගෙ වැඩ එක්කෙනෙක් කරද්දි ඔයාගෙ battery බහින එක normal ඉතින්.
ඒකට දෙන්න පුලුවන් පට්ට ලේසි solution එකක් තමයි “අදට මේක තමා මම ලොකුවටම priority දෙන්න ඕන වැඩිම වැදගත් දේ” කියලා filter කරගන්න. අනෙක් ඒවා පොඩ්ඩක් skip කරන්න, වෙන වෙලාවකට හරි කල් දාන්න. ඒක ඔයාගෙ තියෙන නොහැකියාවක් නෙවෙයි එක විදියක self-care එකක්.
3. Body එකට move වෙන්න දෙන්න
Tired වෙද්දි rest වෙන්න හිතන එක හරි. එහෙම වෙලාවකට ඔයා කරන ඕන දේ තමයි පොඩි walk එකක් දාන එක. එලියට ගිහින් පොඩි රවුමක් ඇවිදලා එන එක. ඒ ගිහිල්ලා ආවට පස්සෙ ඔයාටත් හිතෙන්න පුලුවන්— “Now I am Feeling better!” කියලා.
මේ වගේ walk එකක්, stretch එකක් brain එක refresh කරනවා. ඒ වගේම ඒවයින් feel good hormone ටික එළියට එනවා.
උදේට 5-10 mins walk එකක් හරි try කරන්නකො. ජීවිතේ change වෙනවා බලාගෙන ඉද්දි
3. දුමක් දැම්මම calm වෙනව කියන එක total lie එකක්
ගොඩක් අය ඔය වැඩ දාහක් අස්සෙ ගිහිල්ලා පොඩි දුමක් එහෙම දාලා එන්නෙ “මට calm වෙන්න ඕනෙ” කියලා නේද? ඇත්තටම ඒකෙන් calm වෙන එකක් නෑ. Body එක stimulate වෙනවා. Heart beat එක fast, pressure up, brain එක active වෙනවා. ඒත් result එක? Sleep crash.
රෑට නිදාගන්න බෑ. හෙට tired. ආයෙ ඔයාම තමා හිරවෙන්නෙ. ඒ නිසා ඒ වගේ unhealthy options වලට නම් යන්න එපා.
5. හොඳට නින්දක් ගන්න එක තමයි key එක
“මට tired කියලා දැනෙන එකෙන් කියන්නෙ මට නින්ද අඩු වෙලා” කියන එක හැමෝම හිතන thought එකක්. ඒත් sometimes කොච්චර නිදාගෙන ඉඳියත් tiredness යන්නෙ නෑ.
එකට trick එකක් තියෙනව — 4 hours විතර sleep එකක් first day try කරන්න. හොඳට rest එකක් ලැබුනොත්, gradually 15 mins වගේ වැඩි කරන්න. ඒකෙන්ම body clock එක reset වෙනවා. Naps avoid කරන්න — specially 4pm වලට පස්සෙ.
6. Sugar Rush කියන්නෙ Energy Boost එකක් නෙවෙයි
මොකක් හරි sweet එකක් කාලා, sugary drink එකක් බිව්වම එන sugar rush එකට ඔයා කියන්නෙ “Energy” කියලද? ඔයත් එහෙම හිතනවනම් ඉස්සරහට energy crash එකක් වෙන්න පුලුවන් කියන එක guaranteed.
එකට හොඳම solution එක තමයි brown bread, oats, කඩල, එලවලු පලතුරු, කැඳ වගේ slow release energy තියෙන දේවල් කන්න බොන්න. මේවා ඔයාට stable power එකක් දෙනවා වගේ,අ Sweet crash එකක් ඇතිකරන්නෙ නෑ.
7. කෝපි නම් okay – උදේට!
Caffeine වලින් focus වැඩි වෙනව, sleepy feeling එක යනවා. ඒක ඇත්ත හැබැයි මෙන්න මෙහෙමයි. 2pm වලට පස්සෙ ඒ වගේ දේවල් ගන්න එක එච්චර හොඳ නෑ. මොකද ඒක ඔයාට රෑට නින්ද එහෙම නැති කරන්න හේතුවෙන්න පුලුවන් නිසා.
So best plan එක — morning coffee okay. ඊට පස්සෙ බොනව නම් බොන්න ඕන tea හෝ mint tea, chamomile වගේ calm කරන තේ ජාති. Sleep disturb වෙන්න දෙන්න එපා කියන එක තමා මෙතන main point එක.
Energy එක අඩු වෙලා හිටියා කියලා ඒක “ඒකයි හැමෝටම normal” කියලා මග හරින්න එපා. මේ ටික හරිම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් ටිකක්නෙ. හැබැයි consistency එකක් තියාගෙන කරන්න ඕන කියන එක අමතක කරන්න එපා. ඒකෙන්ම body එක energetic, brain එක calm, mood එක on-point වෙනවා.











