මේ වෛරස් සමයේ අත්‍යවශ්‍ය ම ප්‍රතිශක්තිකරණ පාන 6ක්

නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ඔබ දන්නවා.නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් රෝග වැළඳීමේ සම්භාවිතාව අඩු කරනවා. ඒ නිසා මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවා. 

ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග කියන්නේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත පාන වර්ගයි.ඒවා මගින් ඔබේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට අමතරව සමහර රෝග වැළඳීමත් පාලනය කරනවා.ඒ වගේම ඕනෑම ආසාදන තත්ත්වයකින් සුවය ලබා ගැනීමටත් මෙවැනි පාන වර්ගවලින් හැකියාව තියෙනවා.

ප්‍රතිශක්තිය වර්ධනය කරන පාන වර්ග වල තිබිය යුතු පෝෂ්‍ය පදාර්ථ මොනවද ?

ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 

විටමින් A

විටමින් D

විටමින් C 

ප්‍රෝබයෝටික්ස්

සින්ක්

සෙලේනියම්

ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග

කහ සහ කුරුදු පානය 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

වතුර වීදුරු දෙකක්

නැවුම් කහ

කළු ගම්මිරිස් කුඩු තේ හැඳි 1

බැසිල් කොල කිහිපයක්

කුරුදු පොතු කැබැල්ලක්

කරාබු නැටි කිහිපයක්

තලාගත් ඉගුරු ස්වල්පයක්

ලෙමන් යුෂ ස්වල්පයක්

මී පැණි තේ හැඳි 1 

හදන්නෙ මෙහෙමයි

භාජනයක් ලිප තබා එයට වතුර එකතු කරන්න. ඉන්පසු එයට මී පැණි හැරෙන්නට අනිත් අමුද්‍රව්‍ය සියල්ල එකතුකර හොඳින් උතුරවා ගන්න

පසුව එය පෙරා මදක් නිවෙන්නට හැර මී පැණි එකතු කරගන්න

ඇපල් සයිඩර් විනාකිරි පානය 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

වතුර වීදුරු 2

ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 1 

තලාගත් ඉගුරු කැබැල්ලක්

කහ කුඩු තේ හැඳි 1

මී පැණි තේ හැඳි 1 

හදන්නෙ මෙහෙමයි

භාජනයක් ලිප තබා එයට මී පැණි හැර අනෙක් අමුද්‍රව්‍ය සියල්ල එකතුකර හොඳින් උතුරවා ගන්න 

මඳක් නිවුණු පසු මී පැණි එකතු කරගන්න 

බීට් රූට් සහ ඉඟුරු පානය 

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

බීට් රූට් ගෙඩි 1

තලාගත් ඉගුරු කැබැල්ලක්

වතුර

ලෙමන් යුෂ

මී පැණි තේ හැඳි 1

හදන්නෙ මෙහෙමයි

බීට් රූට් සහ ඉගුරු වලට ජලය ස්වල්පයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න 

ඉන්පසුව එයට ලෙමන් යුෂ ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කර හොඳින් කලවම් කරන්න 

Pink mint immunity booster 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

කොමඩු කෝප්ප 1

ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්

මින්ට් කොළ කිහිපයක් 

මී පැණි තේ හැඳි 1 

හදන්නෙ මෙහෙමයි

සියලුම අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මෙහි කොමඩු අඩංගු නිසා වතුර එකතු කිරීම අවශ්‍ය නොවේ 

Green booster 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

නැවුම් කොත්තමල්ලි කොළ කෝප්පයක් 

නැවුම් මින්ට් කොළ කෝප්පයක් 

නැවුම් නිවිති කොළ කෝප්පයක් 

කොල ඇපල් ගෙඩි 1

පිපිඤ්ඤා ගෙඩි භාගයක් 

ලෙමන් යුෂ තේ හැඳි 1 

ලුණු කුඩු ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

සියලුම අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.මෙය පානය කිරීමට මද වේලාවකට පෙර සකස් කරගත යුතු අතර කල් තබා ගැනීම සඳහා ශීතකරණයේ තබා පරිභෝජනය කිරීම සුදුසු නොවේ 

කොමඩු සහ මින්ට් පානය 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඇට ඉවත් කරගත් කොමඩු ගෙඩි 1

මින්ට් කොළ කෝප්ප 1

මී පැණි තේ හැඳි 2 – 3

අවශ්‍ය නම් අයිස්

හදන්නෙ මෙහෙමයි 

සියලු අමුද්‍රව්‍ය එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. කොමඩු වල ඉතා හොඳින් වතුර  අඩංගු නිසා වතුර එකතු එකතු කිරීම අවශ්‍ය නැත 

මේ සියලුම පාන වර්ග වල අපි ඉහත සඳහන් කළ පෝශ්‍ය පදාර්ථ අඩංගු වනවා. ඒ නිසා මේ පාන වර්ග ඔබ සාමාන්‍යයෙන් පරිභෝජනය කරන තේ , කෝපි හෝ වෙනත් බීම වර්ග වෙනුවට භාවිතා කරන්න ඔබට පුළුවන්. නිරෝගී ජීවිතයක් ගත කරන්නට උනන්දු වෙන Smart කාන්තාවන් වන ඔබට මෙවැනි දේවල් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම ඉතාම නුවණැති දෙයක්

Related Articles

Don't Miss


Latest Articles