රජ පවුල ආශ්‍රිතව නිර්මාණය කෙරුණු ලොව පුරා උන්මාදයක් වූ -The Crown

එංගලන්ත රජ පවුල ගැන ගොසිප්ස් වගේම තොරතුරු දැන ගන්න ලෝකය පුරාම ජනතාව ඇත්තටම හරිම කැමතියි.විලාසිතා සහ ජීවන රටා අධ්‍යයන කරන්න අපි හැමෝම කැමතියි.ඒත් රජ පවුලේ අභියෝග සහ විසිවන සියවසේ මැදභාගයේ ඉදල බ්‍රිතාන්‍ය දේශපාලනේ විශේෂ සිදුවීම්, අගමැතිවරු , රජ පවුලේ විශේෂ සිදුවීම් ටීවී සීරිස් එකකින් බලන්න තියනවා නම් ටිකක් අමුතුයි නේද?

The Crown ටීවී සීරිස් එක නිසා තවදුරටත් ඒ දේ අමුතු නෑ.Netflix Tv සීරිස් එකක් විදියට නිකුත් වුණු The Crown ලෝකය පුරාම උන්මාදයක් වුණා.තවමත් ඒ උන්මාදය නිමා වෙලා නැහැ.

Historical Drama කැටගරි යටතට අයත් The Crown මේ වෙද්දි Season 4ක් නිමාකරල තියෙනවා. Golden Globe ඇතුළු සම්මාන උත්සව රැසක Best Television Series,Best Actress, Best Supporting Actor වැනි සම්මාන කීපයක්ම The Crown දිනාගෙන තිබෙනවා.

ප්‍රධාන චරිතය වූ එලිසබෙත් මහ රැජින සඳහා පළමු කතා මාලාව සහ දෙවන කතා මාලාව දක්වා තරුණ කාලය Claire Foy විසින් ද තුන්වන කතාමාලාවේ සුට රැජිනගේ මැදිවිය Olivia Colman විසින් නිරූපණය කරනවා.මේ දෙදෙනාම මේ චරිතය වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශ වී තිබෙනවා.

වින්සන්ට් චර්චිල්ගෙ චරිතය John Lithgow, පිලිප් කුමරුගෙ තරුණ කාලය Matt Smith,, චාල්ස් කුමරුගෙ චරිතය රගපාන Josh O’Conner මාග්‍රට් තැචර් ලෙස Gillian Anderson ඩයනා කුමරිය ලෙස Elizabeth Debicki මෙහි විශේෂ රංගන ප්‍රතිභාවක් දක්වන බව නොකියාම බෑ.

The Crown සඳහා IMDB Ratings 8.7 ක් සහ Rotten Tomatoes වල 89% ක් හිමි වෙනවා.

ලෝකය පුරා ජනතාව බොහොම ආසාවෙන් මඟ බලන මෙහි පස්වෙනි අදියර මේ වසරේ ජූලි මාසයේ රූපගත කිරීම අරඹනවා.එහි ඩයනා චාල්ස් වෙන්ව යාම සම්බන්ධ කතාව දිග හැරෙන බව කියවෙනවා.ලෝකයක් දැන සිටි ශෝකාන්තයක සැබෑ තතු සිනමාරූපිව දැක ගන්න මේ ටීවීසීරිස් එක නරඹන හැම කෙනෙකුටම තියෙන්නේ නොඉවසිල්ලක්.

මේ ටීවී සීරිස් එක හැරී මේගන් සහ විලියම් කේට් ආදර කතා දක්වා රැගෙන එන්න දැනට නිෂ්පාදකයන්ගේ බලාපොරොත්තුවක් නැති බව කියවෙනවා.

ඒත් බ්‍රිතාන්‍යයේ ඇවිද යන්නට එහි සංස්කෘතිමය දෑ අත් විඳින්නට ආහාර රටා සහ ඇඳුම් පැළඳුම් ගැන අධ්‍යනය කරන්නට වගේම මෑතකාලීන ඉතිහාසය අත් විඳින්නට මේ ටීවී සීරිස් එක හරිම ප්‍රයෝජනවත්.

ඒ විතරක් නෙවෙයි, එය සිනමා ගුණයෙන් ඉහළ නිර්මාණයක්.The Crown Drama Category එකේ TV series බලන්න කැමති, Historical Drama, Political Drama බලන්න කැමති අයට ආසාවෙන් බලන්න පුලුවන් විශිෂ්ඨ කතා මාලාවක්.ලෝකය පුරා පැතිරෙන The Crown උන්මාදයට බිලි වෙලා බලන්න කියලා ඔබට අපි කියන්නේ ඒ නිසා.

Related Articles

Don't Miss


Latest Articles