ආතරයිටිස් වලට නුසුදුසු ආහාර.

ආතරයිටිස් රෝගය ගැන අපි ඔබව ලිපියකින් වගේම වෘත්තියවේදිනියක හරහා වීඩියෝ එකකින් ද දැනුවත් කළා ඔබට මතක ඇති.ඒ වගේම ආතරයිටිස් වලට ගුණදායක ආහාර ගැනත් අපි ඔබට කිව්වා.ඕනෑම රෝගයකට ගුණදායක ආහාර වගේම නුසුදුසු ආහාර ගැනත් අපිට වැටහීමක් තිබිය යුතුමයි.අද අපි ආතරයිටිස් වලින් පෙළෙන ඔබ වැලකිය යුතුම ආහාර ගැන කියන්න හිතුවා.

රතු මස්.

රතු මස් වර්ග අධික තෙල් සහ ප්‍රෝටීන් අඩංගුයි.මේවා ආහාරයට ගැනීම ඔබට සන්ධිවල දැවිල්ල සහ වේදනාවන් ඇති වෙන්නට හේතුවක්.ඒ නිසා ඔබ ආතරයිටිස් වලින් පීඩා විඳිනවා නම් හරක් මස්, බැටළු මස්,ඌරු මස්,එළු මස් වැනි රතු මස් වර්ග ආහාරයට ගන්න එපා.කුකුළු මස්,කළුකුම් මස්,තාරා මස් වගේ දේවල් ඔබට ගැලපෙනවා.

අධික මේදය ඇති කිරි ආහාර

චීස්,සම්පූර්ණ යොදය ඇති යෝගට් පමණක් නෙවෙයි සමහර අයිස් ක්‍රීම් වර්ගත් ඔබට අගුණයි.මේවාගේ අධික තෙල් සහ සීනි තිබීම තමයි හේතුව වෙන්නේ.එය ඔබේ සන්ධි රෝග වලට විවිධ ආබාධ ගෙන එන්නට සමත් වෙනවා.

ඔමේගා -6 අඩංගු ආහාර

සෝයා බෝංචි, තිරිඟු, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, ඔබට හිතකර ආහාර වෙන්නේ නෑ.සැමන් ටූනා වැනි අධික පිෂ්ඨය සහිත ආහාරත් ඔබ ආහාරයට නොගැනීම හොඳයි.සන්ධිවල දැවිල්ල සහ කැක්කුම ඇති වෙන්න මේවාත් ප්‍රධාන වශයෙන් හේතු වෙනවා.

ලුණු

ලුණු අධික ලෙස ආහාරයට ගැනීම කාටත් හොඳ නැති දෙයක්.ආතරයිටිස් රෝගීන්ට දැඩි ලෙස ලුණු ආහාරයට ගැනීම කොහොමත් නුසුදුසුයි.රූමටයිඩ් ආතරයිටිස් වැඩි වෙන්න අධික ලුණු සහිත ආහාර හේතුවක් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

අධික පැණි රස බීම

සෝඩා වර්ග, සැකසූ පළතුරු බීම, සීනි දැමූ තේ සහ කෝපි ඔබට අගුණ ආහාර වර්ග.සිරුරේ සීනි මට්ටම ඉහළ යාමත් ඔබේ සන්ධි වලට වඩා තදින් දැවිල්ල දැනෙන්නට හේතුවක් වෙනවා.

ඇල්කොහොල් වර්ග

ඔබ රෝගියෙකු නිසා ඔබට ඇල්කොහොල් වර්ග ඇත්තටම සුදුසු නැහැ.රූමටයිඩ් ආතරයිටිස් රෝගය වැඩි කරන්න වයින් අවුන්ස පහකට වුවත් හැකි බවයි කියවෙන්නේ.

සකස් කළ ආහාර වර්ග, තදින් තෙලේ බදින ලද ආහාර වර්ග, අධික සීනි අඩංගු කේක් ඩෝනට් වගේ දේවල් පවා ඔබේ ආහාර ලැයිස්තුවේ තිබෙන්නට බැහැ. ආතරයිටිස් රෝගයේ අසීරුම දේ වන්නේ සන්ධි වලට දැනෙන අධික වේදනාව සහ දැවිල්ලයි.මේ තත්ත්වය පාලනය කරන්න නම් ඔබේ ආහාර රටාවේ පාලනයක් තියෙන්නම ඕනෑ.

ගන්නා සීමිත ආහාර නිසා ඔබට ආහාර ගන්න එක හිරිහැරයක් නම් පෝෂණවේදියෙකු මුණ ගැහිලා ආහාර රටාව සකස් කර ගැනීම ගැන උපදෙස් ගැනීමත් වටිනා දෙයක්.

Related Articles

Don't Miss


Latest Articles