සුන්දර සිහින් සිරුරක් ලබා දෙන Detox Diet Plan

අපේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන ගමන් ශරීරයේ තැන්පත් වෙන විෂ ඉවත් කරන diet plan එකක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.මෙය detox diet plan ලෙස හඳුන්වන අතර ඔබට මෙය දින තුනක් හෝ දින හතක් වැනි කාල පරාසයන් වලදී අනුගමනය කල හැකියි.

තෙල් සහිත ආහාර සහ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පරිභෝජනය කිරීම මගින් ගැස්ට්‍රයිටීස් වැනි තත්වයන් ඇතිවීම ,නිතර නිතර මුහුණේ කුරුලෑ හට ගැනීම ,හිස කෙස් ගැලවී යාම , අජීරණ තත්ත්වයන් ඇතිවීම සහ මළබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වෙනවා.Detox diet plan එක අනුගමනය කිරීම මගින් ඉහත කී අහිතකර තත්වයන්ගෙන් මිදීමට ඔබට හැකියාව ලැබෙනවා

Detox diet plan එකක් අනුගමනය කිරීමෙන් අත්වෙන වාසි මොනවද ?

  • ශරීරයේ ඇති විෂ ඉවත් කරයි
  • ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි
  • පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කරයි
  • අනවශ්‍ය මේදය දහනය කරයි
  • නිරෝගී සමක් ලබාදෙයි
  • හිසකෙස් වැටීම සහ හානිවීම අවම කරයි
  • ගැස්ට්‍රයිටීස් තත්ත්වයන් ඇතිවීම අවම කරයි
  • මොලයේ ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි
  • රුධිර පීඩනය පාලනය කරයි

දින තුනක Detox diet plan එක අනුගමනය කරන්නේ මෙහෙමයි

හිමිදිරි උදෑසන ( පෙරවරු 7.30 – 8.00)

උදෑසන ඩිටොක්ස් පානය – මහදුරු ඇට තේ හැඳි දෙකයි ,දෙහි යුෂ මේස හැඳි එකයි , වතුර කෝප්ප එකයි

උදෑසන ආහාරය ( පෙරවරු 8.45 – 9.15 )

ඩිටොක්ස් ස්මූති – අලිගැට පේර ගෙඩි බාගයයි , චියා බීජ මේස හැඳි එකයි ,පිරිසිදු මී පැණි මේස හැඳි එකයි ,ඔබේ රික්ගේ පිහි පහක් හෝ හයක්

නැතිනම් ,

කෙසෙල් ගෙඩි එකක් ,blueberry ගෙඩි පහක් හෝ හයක් ,මීපැණි මේස හැඳි එකක් , කිරි කෝප්ප භාගයක්

මධ්‍යම උදෑසන ( පෙරවරු 10.30 – 11.00)

ඩිටොක්ස් ස්නැක් – දොඩම් ගෙඩි එකක් ,ආමන්ඩ් ඇට කිහිපයක්

නැතිනම් ,

ඇපල් ගෙඩි එකක් ,ආමන්ඩ් ඇට කිහිපයක්

දහවල් ආහාරය ( පස්වරු 12 30 – 1.00 )

ඩිටොක්ස් ආහාර – රතු බත් කෝප්ප එකක් , ඔලිව් තෙල් වලින් බදින ලද බිම් මල් සහ කැරට් , චෙරි තක්කාලි

නැතිනම් ,

චෙරි තක්කාලි, අලිගැටපේර ,කහ පැහැති බෙල්පෙපර් සහ කුකුල් මස් යොදා සැකසූ සලාද කෝප්ප එකක් ( අවශ්‍ය නම් salad dressing එකක් ලෙස ඔලිව් තෙල් ස්වල්පයක සහ ස්වල්පයක් භාවිතා කරන්න )

දිවා ආහාරයෙන් පසු සුළු කෑම  ( පස්වරු 3.00 – 4.00 )

ඩිටොක්ස් ස්නැක් – පිපිඤ්ඤා පෙති කිහිපයක් සමග දොඩම් යුෂ කෝප්ප එකක්

නැතිනම් ,

පිපිඤ්ඤා පෙති කිහිපයක් සමග පොල් වතුර කෝප්ප එකක්

රාත්‍රී ආහාරය ( පස්වරු 7.00 )

ඩිටොක්ස් ආහාර – එළවළු සහ බිම් මල් සුප් කෝප්ප එකක්

නැතිනම් ,

එළවළු සහ කුකුල් මස් සුප් කෝප්ප එකක්

එය ක්‍රියාත්මක වන්නේ කොහොමද ?

දින තුනක detox diet plan එක සකස් කර තිබෙන්නේ ඔබට ඉතාම පහසු අයුරින්.මෙහි අඩංගු සියලුම අමුද්‍රව්‍ය ඔබට ඉතා පහසුවෙන් මිලදී ගන්න පුළුවන් ඒවා වන අතර, ඒවා සකස් කිරීමේදී තෙල් භාවිතය ඉතා අඩු වන අතර සලාද සහ ස්මූති වර්ග නිසා ඔබේ ශරීරයට ලැබෙන පෝෂණ ගුණය ද ඉතා ඉහළ වනවා.මෙහිදී භාවිතා කරන සියලුම ආහාරවල කැලරි ප්‍රමාණය ඉතා අඩු වන අතර ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් , ඛනිජ ලවණ ,ආහාර තන්තු සහ ප්‍රෝටීන් වර්ග ලබා දෙනවා.

දින තුනක් පුරාවට අත්හදා බැලිය යුතු මෙම ඩයට් ප්ලෑන් එක අවසානයේදී ඔබේ ආමාශයේ ඇති ගැටලු පහව යාමට පටන් ගන්නා අතර ඔබට සෞඛ්‍ය සම්පන්න බවක් ද දැනෙනු ඇත .එමෙන්ම ඔබේ සමයේ සහ හිසකෙස් වල ඇති ගැටලු ද අවම වීම ආරම්භ කෙරෙනවා. ඉන්පසුව මෙම ඩයට් ක්‍රමයම හෝ දින හතේ ඩයට් ක්‍රමය අනුගමනය කරන්නට ඔබට පුළුවන්

දින හතක Detox diet plan එක අනුගමනය කරන්නේ මෙහෙමයි

පලවන දිනය සහ දෙවන දිනය

හිමිදිරි උදෑසන ( පෙරවරු 7.30 – 8.00 )

ඩිටොක්ස් වතුර – දෙහි යුෂ එකතු කළ මද රස්නය සහිත වතුර කෝප්ප එකක්

උදෑසන ආහාරය ( පෙරවරු 8.45 – 9.15 )

ඩිටොක්ස් උදෑසන ආහාරය – ලූනු, තක්කාලි ,බිම් මල් සහ සුදු ලූණු යෙදූ බිත්තර ඔම්ලට් එකක්

නැතිනම් ,

පලතුරු වර්ග දෙකක් එකතු කළ ඕට්ස් කෝප්ප එකක්

මධ්‍යම උදෑසන ( පෙරවරු 10.30 – 11.00 )

ඩිටොක්ස් ස්නැක් – නැවුම් පලතුරු යුෂ කෝප්ප එකක්

නැතිනම්,

පලතුරු සලාද කෝප්ප එකක්

දහවල් ආහාරය ( පස්වරු 12. 30 – 1.00 )

ඩිටොක්ස් ආහාර – දෙහි යුෂ ,ඔලිව් තෙල් යෙදූ එළවළු සලාද කෝප්ප එකක්

නැතිනම් ,

සලාද කොල ,බ්‍රොකලි සහ කැරට් යෙදූ ටූනා සලාද කෝප්ප එකක්

දිවා ආහාරයෙන් පසු ආහාර ( පස්වරු 3.00 – 4.00 )

ඩිටොක්ස් ස්නැක් – කොමඩු කෝප්ප එකක්

නැතිනම්

ග්‍රීන් ටී කෝප්ප එකක්

රාත්‍රී ආහාරය ( පස්වරු 7.00 )

ඩිටොක්ස් ආහාර – එළවළු සහ කුකුල් මස් සලාද කෝප්ප එකක්

නැතිනම්

ඔලිව් තෙල් , රෝස්මරී , ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් එක් කළ බේක් කළ බිම් මල් සහ අර්තාපල් කෝප්ප එකක්

තුන්වන දිනය සහ හතරවන දිනය


හිමිදිරි උදෑසන (පෙරවර 7:30 – 8:00)

ඩිටොක්ස් වතුර –  කාබනික මීපැණි මේස හැදි එකක් සහ දෙහි ගෙඩි එකක යුෂ සමග උණු වතුර

උදෑසන ආහාරය (පෙරවරු 8:45 – 9:15)

ඩිටොක්ස් ආහාර – මිදි, සැල්දිරි සහ දෙළුම් ස්මූති සහ ආමන්ඩ් 4 ක්

නැතිනම්,

එළවළු ක්විනෝවා සලාද කෝප්ප එකක් සහ ආමන්ඩ් ඇට කිහිපයක්

මධ්‍යම උදෑසන (පෙරවරු 10:30 – 11:00)

ඩිටොක්ස් ස්නැක් – ග්‍රීන් ටීකෝප්ප 1 ක්

දහවල් ආහාරය (පස්වරු 12:30 – 1:00)

ඩිටොක්ස් ආහාර –  එළවළු සහ කුකුල් මස් යෙදූ සුප් කෝප්ප එකක්

නැතිනම්,

පිපිඤ්ඤා ,තක්කාලි සහ දෙහි යුෂ යෙදූ සලාද කෝප්ප එකක්

දිවා ආහාරයෙන් පසු අතුරුපස( පස්වරු  3:00 – 4:00)

ඩිටොක්ස් ස්නැක් – කැරට් පෙති කිහිපයක් සමග පිපිඤ්ඤා පෙති කිහිපයක්

නැතිනම් ,

යෝගට් කෝප්ප එකක් සහ ස්ට්‍රෝබෙරි ගෙඩි 4ක් හෝ 5ක්

රාත්‍රී ආහාරය –  (ප.ව. 7:00)

ඩිටොක්ස් ආහාර – අබ සෝස්, ඔලිව් තෙල්, තක්කාලි, දෙහි යුෂ සහ වියලි රෝස්මරී සමඟ බේක් කළ මාළු

නැතිනම් ,

එළවළු සහ බිම් මල් සුප් කෝප්ප එකක්

පස්වන, හයවන සහ හත්වන දින

හිමිදිරි පාන්දර (පෙරවරු 7:30 – 8:00)

උදෑසන ඩිටොක්ස් වතුර – දෙහි යුෂ සමග උණු වතුර

උදෑසන ආහාරය ( පෙරවරු 8:45 – 9:15)

ඩිටොක්ස් උදෑසන ආහාරය – කෙසෙල්, ස්ට්රෝබෙරි සහ ඕට්ස් ස්මූති

මධ්‍යම උදෑසන (පෙරවරු 10:30-11:00)

ඩිටොක්ස් ස්නැක් – හරිත තේ කෝප්ප 1 ක්

දිවා ආහාරය ( පස්වරු 12:30 – 1:00)

ඩිටොක්ස් ආහාර – නිවිති, ටූනා, තක්කාලි සහ කැරට් සලාද

නැතිනම්

මිශ්‍ර පලතුරු කෝප්ප එකක්

දිවා ආහාරයෙන් පසු අතුරුපස (ප.ව. 3:00 – 4:00)

ඩිටොක්ස් ස්නැක් – ගම්බිරිස් ස්වල්පයක් යෙදූ දොඩම් යුෂ කෝප්ප එකක්

නැතිනම්

ග්‍රීන් ටී කෝප්ප එකක්

රාත්‍රී ආහාරය ( පස්වරු 7:00)

ඩිටොක්ස් ආහාර – බේක් කළ බ්‍රොකොලි, ටූනා සහ කැරට්

නැතිනම්,

දෙහි යුෂ සහ ඔලිව් තෙල් දමා බේක් කල සැමන් , චෙරි තක්කාලි කිහිපයක් ,පිපිඤ්ඤා පෙති කිහිපයක් සහ කැරට් පෙති කිහිපයක්

එය ක්‍රියාත්මක වන්නේ කොහොමද ?

මෙම සැලැස්මට එකතු කර ඇති පලතුරු සහ එළවළු බොහෝමයක් ඔබේ ශරීරයේ විශ ඉවත් කිරීමට හැකියාව ඇති ඒවා වන අතර ඔබේ සම හිසකෙස් ද පෝෂණය කරමින් ශරීරයට අවශ්‍ය තෙතමනයද ලබා දෙයි.

Detox diet plan එක අනුගමනය කරන අතර අතරතුර ඔබ ආහාරයට නොගත යුතු ආහාර මොනවාද?

  • බටර් සහ මාගරින්
  • චොකලට්
  • සීනි
  • සොසේජස් සහ බේකන්
  • මෙයොනීස් සෝස්
  • සැකසූ ආහාර
  • කෙටි ආහාර
  • රස කැවිලි
  • කෝපි

සැලකිලිමත් විය යුතු කරුණු

මෙම Detox diet plan අනුගමනය කරන අතරතුර ඉතා හොඳින් ජලය පානය කිරීම අනිවාර්ය වන අතර ඔබට සුදුසු ව්‍යායාම ක්‍රමද අනුගමනය කිරීම මගින් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා

අවම වශයෙන් දින විසි හතරක් වත් ඔබ මෙම ආහාර සැළැස්ම අනුගමනය කළ යුතු අතර දින විසි හතරකට පසුව ඔබම සකස් කරගත් ආහාර සැලැස්මකට අනුව පෝශ්‍යදායි ආහාර සහ තෙල් රහිත ආහාර පරිභෝජනය කළ හැකිය

අනිවාර්යයෙන්ම දිනකට පැය 8 ක නින්දක් ලබා ගන්න

පෝශ්‍යදායී ආහාර වේලක් සහ සුදුසු ව්‍යායාම ක්‍රම අනුගමනය කිරීම මගින් ඔබේ ශරීරයේ අනවශ්‍ය බර සහ විෂ ඉවත් කර ගැනීමට ඉවත් කරගැනීමට ඔබට හැකියාව තිබෙනවා.සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහ හොද ආහාර රටාවකට හුරු වීම මගින් නිරෝගී ජීවිතයක හිමිකරුවෙක් වන්නට ඔබට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles