මෙච්චර දවසක් මූදෙ නෑවට මේවා දැනගෙන හිටියෙ නෑ නේද?

හවස් වරුවක වැල්ලේ වාඩි වෙලා, එහෙමත් නැත්තම් රළ පාගන ගමන් මුහුදු හුළඟ ඇඟේ වදිනකොට දැනෙන ඒ සුවපහසු හැඟීම විඳින්න අපි කවුරුත් ආසයිනේ. 

හැබැයි මුහුද කියන්නේ නිකම්ම ලස්සන බලන්න විතරක් තියෙන තැනක් නෙමෙයි, ඒක ඇත්තටම අපේ ඇඟට සුවය දෙන මහා විශාල ඖෂධ ගබඩාවක් වගේ.

ඔයා දන්නවද? ඉස්සර කාලේ ඉඳලම ලෙඩ රෝග සුව කරන්න වගේම ඇඟේ මහන්සිය නිවාගන්න මුහුදු වතුර පාවිච්චි කරලා තියෙනවා. අද අපි බලමු ඇයි අපි සතියකට සැරයක්වත් මුහුදට බහින්න ඕනේ කියලා.

ඇයි මුහුදු වතුර මෙච්චර ගුණ?

මුහුදු වතුරේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය මිනරල්ස් ගොඩක් අඩංගුයි. පොස්පරස්, පොටෑසියම්, සෝඩියම් වගේම යකඩ, සින්ක් සහ අයඩින් වැනි පෝෂක කොටස්  පිරිලා තියෙනවා. මේවා කෙළින්ම අපේ හදවතේ ක්‍රියාකාරීත්වයට වගේම ඇඟේ ප්‍රතිශක්තියටත් ගොඩක් උදව් වෙනවා. 

දවසට විනාඩි 12-15ක් විතර මුහුදේ පීනනවා නම් හෝ නානවා නම් ඔයාට මේ වාසි ටික නිකම්ම ලැබෙනවා:

  • දවස පුරාම තිබුණු කම්මැලිකම ගිහින් ඇඟට අමුතුම පණක් ලැබෙනවා.
  • මුහුදු වතුර කියන්නේ සමට හොඳ ස්වභාවික ස්ක්‍රබ් එකක් වගේ. ඒකෙන් සමේ මැරුණු සෛල ඉවත් කරලා සමට ලස්සන දීප්තියක් දෙනවා.
  • හිතේ තියෙන පීඩනය සහ මානසික ආතතිය අඩු කරලා හිත සන්සුන් කරන්න මුහුදු රැල්ලකට පුළුවන්.
  • ඇඟේ පතේ රුදාවන් සහ මාංශ පේශි වේදනාවන් සමනය කරන්නත් මුහුදු වතුරේ තියෙන ගුණය උදව් වෙනවා.

මුහුදේ නාන ගමන් ලැබෙන හිරු එළිය නිසා අපේ ඇඟට අවශ්‍ය විටමින් D හොඳින් ලැබෙනවා. මේකෙ තියෙන කැල්සියම් නිසා අස්ථි ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම අස්ථි බිඳීමක් වගේ දෙයක් වෙලා සුවය ලබන කෙනෙක්ට මුහුදු ස්නානය කියන්නේ ඉක්මනින් සුව වෙන්න උදව් වෙන තෙරපි එකක් වගේමයි.

ඉතින්, ඔයාගේ ඇඟට ඒ හයිය ලබාගන්න මුහුදු රළත් එක්ක පොඩි වෙලාවක් ගත කරන එක ඇත්තටම වටිනවා.

මුහුදු වතුරෙන් ලැබෙන දිදුලන ලස්සන සමක් 

ඔයා දන්නවද? මුහුදු වතුර කියන්නේ ස්වභාවධර්මයෙන් අපිට ලැබුණු Natural Scrub එකක් වගේමයි. ඒකෙන් අපේ හමට ලැබෙන වාසි මෙන්න මේවා:

  • ස්වභාවිකව මැරුණු සම ඉවත් කිරීම : මුහුදු වතුරේ තියෙන ලුණු අංශු නිසා සමේ තියෙන මැරුණු සෛල ඉවත් වෙලා, අලුත් සමක් ඇති වෙන්න ලොකු උදව්වක් ලැබෙනවා.
  • කුරුලෑ වලට තිත: මුහුදු වතුරට පුළුවන් හමේ තියෙන කුරුලෑ ඉක්මනින් වියළලා දාන්න. ඒ වගේම තුවාල කැළැල් ඉක්මනින් සුව කරන්නත් මේක රහසක්.
  • සම පිරිසිදු කිරීම : මුහුදු නෑමෙන් පස්සේ ඔයාගේ හමේ තියෙන කුණු සහ අපද්‍රව්‍ය ඔක්කොම ඉවත් වෙලා, සමට අමුතුම පණක් සහ ලස්සන පෙනුමක් ලැබෙනවා.

ඔයා දන්නවාද? ලෝකයේ සමහර රටවල් (උදාහරණයක් විදිහට ඉශ්‍රායලය වගේ රටවල්) මුහුදු වතුර සහ මුහුදු පැළෑටි පාවිච්චි කරලා ලෝක ප්‍රසිද්ධ Thalassotherapy මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. මේ මුහුදු පැළෑටි වල තියෙන පෝෂ්‍ය පදාර්ථ නිසා හමේ තියෙන රෝග සමනය කරන්න වගේම හම තෙතමනයෙන් යුතුව  තියාගන්නත් පුළුවන්. 

හොඳින් හුස්ම ගන්න උදව් වෙන මුහුදු හුළඟ

ඔයා දන්නවද? මුහුදු වතුර කියන්නේ නිකම්ම නාන්න විතරක් නෙමෙයි, අපේ ශ්වසන පද්ධතියට ලොකු සහනයක් දෙන ස්වභාවික ඔසුවක්.

  • අද ගොඩක් ෆාමසි වල තියෙන නාසයට විදින බෙහෙත් හදන්නෙත් මුහුදු වතුර පාවිච්චි කරලයි. මුහුදු වතුර කියන්නේ හරියට Natural Physiological Serum එකක් වගේ. ඒකෙන් නාසයේ තියෙන අපහසුතා මගහරවාගෙන ලේසියෙන් හුස්ම ගන්න උදව් වෙනවා.
  • වෙරළට වෙලා වැල්ලේ වාඩි වෙලා හෝ රළ පාගන ගමන් ගන්න ඒ ගැඹුරු හුස්ම ඔයාගේ පෙනහළු වලට ලොකු සුවයක්. මුහුදු හුළඟේ තියෙන අයඩින් සහ අනෙකුත් පෝෂක කොටස් පෙනහළු වලට ඇතුළු වෙලා ශ්වසන මාර්ගය පිරිසිදු කරනවා. 
  • මුහුද අයිනේ තියෙන වාතය නගරයේ තියෙන වාතයට වඩා ගොඩක් පිරිසිදුයි. එහි දූෂණය ඉතාම අඩු නිසා ඔයාගේ පෙනහළු වලට ලැබෙන්නේ නැවුම් බවක්.

හිත නිවන, ස්ට්‍රෙස් එක නිවන මුහුදු රළ හඬ

මුහුදු වෙරළක ඉන්නකොට දැනෙන ඒ සන්සුන් බව පොඩි අයට වගේම වැඩිහිටි අපිටත් එක වගේම වැදගත්. ඒක අපේ ස්නායු පද්ධතියේ සමතුලිතතාවය රැකගන්න ලොකු උදව්වක් වෙනවා.

  • පොඩි අයට මුහුදු වෙරළ කියන්නේ දරුවන්ට නිදහසේ දුවලා පැනලා සෙල්ලම් කරලා තමන්ගේ ජවය පිට කරන්න නියම තැනක්. මුහුදේ නාලා, වැල්ලේ සෙල්ලම් කරලා ඉවර වුණාම එයාලට හොඳට බඩගිනි දැනෙනවා වගේම එදා රෑට හරිම සුවදායක නින්දකුත් ලැබෙනවා. 😉
  • වැඩිහිටි අපිට කාර්යබහුල ජීවිතෙන් මිදිලා පොතක් පතක් කියවන්න, නිදහසේ හුස්මක් ගන්න මුහුදු වෙරළ කියන්නේ පාරාදීසයක්. 
  • මුහුදු රළ හඬ නිතරම එකම රිද්මයකට ඇහෙද්දී ඒක හරියට භාවනාවක් වගේ. අපි හුස්ම ගන්නා රිද්මය ඒ රළ හඬත් එක්ක එකතු වුණාම හිතට පුදුම නිදහසක් දැනෙනවා. ඒ වගේම ඈතට පේන නිල් පාට සාගරය අපේ හිතේ තියෙන පීඩනය අඩු කරලා මනස අලුත් කරනවා.

ඔයාට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් හෝ ලොකු මානසික ආතතියක් තියෙනවා නම්, විනාඩි 15ක් මුහුදු වෙරළේ ගත කරන්න. ඒක ස්වභාවධර්මයෙන් දෙන Natural stress reliever එකක්.

ලස්සනට Tan වෙන්න මුහුදු වතුර 

මුහුදු වතුරේ තියෙන ලුණු කැට නිසා හිරු එළිය පරාවර්තනය වීම වැඩි වෙනවා. ඒකෙන් ඔයාගේ හම ඉක්මනින් ලස්සන Tan පෙනුමක් ලබාගන්න උදව් වෙනවා.

හැබැයි මේ ගැන සැලකිලිමත් වෙන්න! 

 මුහුදු හුළඟ නිසා අපිට අව්වේ රශ්මිය වැඩිය දැනෙන්නේ නැහැ. ඒත් හිරු කිරණ වලින් සමට හානි වෙන්න පුළුවන්. ඒ නිසා:

  • හොඳ Sunscreen එකක් පාවිච්චි කරන්න.
  • අව් කන්නාඩි සහ තොප්පි පාවිච්චි කරන්න.
  • විශේෂයෙන්ම පොඩි දරුවන්ගේ සම හරිම සියුම් නිසා ඔවුන්ව හිරු කිරණින් ආරක්ෂා කරන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles