මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 29

0
410

ගෑනුන්ට වැරදි කරන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ.

 ඒකට දවස් ගණන්, මාස ගණන් ප්ලෑන් කරන්න ඕනෙත් නෑ. 

එකම එක පුංචිම පුංචි තත්පරයක් ඇති මුළු ජීවිතේම අනිත් පැත්ත පෙරළලා දාන්න. අපි කොච්චර නම් දේවල් රකිනවද? 

ගෙදර මිනිහව, දරුවොන්ව, සමාජෙන් ලැබුණු ගෞරවය, අපිම හදාගත්ත ප්‍රතිරූපය

මේ හැමදේම එකම එක බැල්මක හරි, එකම එක ස්පර්ශයක හරි දියවෙලා යන්න යන්නේ තත්පර ගාණයි.

ඒ වෙලාවට මොළේ මොන දේ කිව්වත්, “මේක වැරදියි, මේකෙන් මං විනාශ වෙයි” කියලා පපුව ඇතුළෙන් මොරදුන්නත්, අපේ ඇඟ ඒ හැමදේම අමතක කරලා දානවා. ඒක හරියට මෝහනයක් වීමෙන් වගේ. එක අඩියක් එහා පැත්තට තිබ්බොත් ආයෙත් හැරෙන්න පාරක් නෑ කියලා දැන දැනම, ඒ අගාධයට වැටෙද්දී දැනෙන අමුතුම සතුටට අපි අපේ මුළු අනාගතයම වුණත් පාවා දෙනවා.

ගෑනියෙක් තමන්ගේ හිතේ තියෙන පිපාසය ඉස්සරහා අසරණ වුණු දවසට, එයාට ලෝකේ දකින සදාචාරයට වඩා තමන්ගේ පපුව කියන දේ ලොකු වෙනවා. ඉතින් ඒ එක තත්පරේ වැරැද්දෙන් පස්සේ හෙට උදේට මුළු ලෝකයම අපිට ගල් ගහයි කියලා දන්නවා වුණත්, ඒ වෙලාවේ ඒ විනාශකාරී ලස්සන අතහැරලා දාන්න තරම් හයියක් අපේ හිත්වල ඉතුරු වෙන්නේ නැහැ. 

හරිම අමුතුයි නේද? 

හැමදේම දැන දැනම අපි අපිවම පාවා දෙන එක තත්පරේකට වැරදි කරන එක!

ඒකට දවස් ගණන්, මාස ගණන් හිතලා බලලා, හරි වැරදි තීරණේ කරලා යන්න ඕන නෑ.

එකම එක තත්පරයක්.ඒ තත්පරේදි අපි ගන්න පුංචි decision එකක් නවත්තලා පස්සට හැරෙන්නද,නැත්තම් තව එක අඩියක් ඉස්සරහට තියන්නද කියන එක, ඒක තමයි අපි හිතනවටත් වඩා ලොකු දෙයක් වෙනස් කරන තැන.කවුරුවත් එහෙම වැරදි කරන්න යන්නේ නෑ කියලා හිතාගෙන. හිතන්නෙ නැතුව තමයි ඒක වෙන්නෙ. එක බැල්මක්.
 තවත් ටිකක් වැඩියෙන් නතර වෙච්ච බැල්මක්.එක ස්පර්ශයක්. “එපා” කියලා හිත ඇතුළෙන් කියද්දිත් අහකට ගන්න බැරිවුණු අතක්. එක මොහොතක්  “මෙතනින් නතර වෙන්න පුළුවන්” කියලා අපිටම හොඳටම දැනෙන,ඒත් එහෙම නොකරපු මොහොතක්.ඒක තමයි ටර්නින් පොයින්ට් එක.

ඒකෙන් පස්සේ හැමදේම හෙමින් හෙමින් අත ඇරෙන්න පටන් ගන්නවා.

අපි හදාගත්ත සීමා, අපිම දාගත්ත නීති,අපිම හිතාගෙන හිටපු “මං මෙහෙම කෙනෙක් නෙවෙයි” කියන ඉමේජ් එක ඒ හැමදේම ඒ තත්පරේදි කැඩිලා බිඳිලා යනවා.අපිට ඒක එවෙලාවේ රියලයිස් වෙන්නෙත් නෑ. ඒත් පස්සෙ හිතනකොට තේරෙනවා අපි වැටුනේ එදා නෙවෙයි අපි වැටුනේ ඒ තත්පරේදි කියලා.

ඊයේ රෑ මටත් තිබුණා ඒ වගේම තත්පරයක්.

මතින්ද්‍ර මට ලං වෙද්දි, මට පස්සට ගන්න පුළුවන් වෙලාවක් තිබුණා.

එයාගේ අත මගේ මුහුණට එනකොට, මට “එපා” කියන්න පුළුවන් වෙලාවක් තිබුණා.

මගේ ඇස් පියාගත්ත තත්පරේ මට තවමත් හැරෙන්න පුළුවන් වෙලාවක් තිබුණා.

හැබැයි මං ඒක කළේ නෑ.

ඒක රොමෑන්ස් නෙවෙයි.

ඒක සුරංගනා කතාවක් නෙවෙයි.

ඒක මං මටම දාගත්ත සීමාවක් කඩා වැටෙන සද්දෙ.

හරිම හෙමින්. කවුරුවත් දන්නෙ නැතුව.

ඒත් මට හොඳටම ඇහුණා.

කාමරේ තාම හරිම සයිලන්ට්. හුළඟට කර්ටන්ස් තිබ්බෙ හෙල්ලි හෙල්ලි. ඒකත් හරිම හෙමින්. අපි දෙන්නා උන්නෙ මගේ ඇඳේ හාන්සිවෙලා බෙඩ් ශීට් එක අස්සෙ එකිනෙකාගෙ ඇඟවල් වලට හේත්තු වෙලා එකිනෙකාගෙ උණුහුමට අවුරුදු දෙකකට පස්සෙ ආයෙ වතාවක් හුරු වෙන ගමන්. මතින්ද්‍ර උන්නෙ ඇස් ඇරලා මගේ ඇඳට උඩින් තියෙන සීලිම දිහා බලාගෙන. ඉස්සරත් එහා එහෙමයි. මේ වගේ ඉන්ටිමේට් මෝමන්ට්ස් හැම එකකටම පස්සෙ එයා කරේ ඇඳේ හාන්සිවෙලා මහන්සි අරින ගමන් සීලිම දිහා බලාගෙන උන්න එක.

“මේඝා… මං කවදාවත් ඔයාට මේ දේවල් හරියට කියලා නෑ නේද…”

මං ඔලුව හෙමින් හලලා “නෑ” කිව්වා.

“ඒක තමයි ප්‍රශ්නෙ”

එයා ටිකක් දිග හුස්මක් ගත්ත එහෙම කියලා.

“ඔයා දන්නවද  මං කසාද බැඳිලා තියෙන්නෙ හරි ඩිසිශන් එකක් විදියට…”

මං කතා කළේ නෑ. අහගෙන හිටියා විතරයි. 

“එතකොට… හැමෝටම හිතෙනවා මං සෙට්ල් වෙලා කියලා…
 good job, good wife, good life”

එයා හිනා වුණා. ඒත් ඒ හිනාව හරිම හිස්.

“ඒත්… මං සෙට්ල් වෙලා නෑ මේඝා.
 මං හිර වෙලා ඉන්නෙ”

අන්න ඒ වචනෙ තමයි මගේ පපුව අස්සටම ගිහින් වැදුණෙ.

“මන්දස්මිතා වැරදි නෑ” එයා හෙමින් කිව්වා.
 “එයා actually… perfect.”

මං එකපාරටම හැරීලා එයා දිහා බැලුවා.

“perfect?”

“ඔව්…
 එයා calm, understanding, drama නෑ, questions නෑ”

“එහෙනම් ප්‍රශ්නෙ මොකද්ද’” මං හෙමින් ඇහුවා.

එයා ටිකක් මගේ දිහා බැලුවා.

“මට එයාව ෆීල් වෙන්නෙ නෑ”

“මොකක්…”

“ඔව්…”

ඒ වචනෙන් පස්සෙ ඇතිවෙච්ච සයිලන්ස් එක අස්සෙ මං උන්නෙ හිතාගන්න බැරුව මොනවද කියන්න ඕන කියලා. 

 “ඔයාට මතකද අපි රණ්ඩු වෙච්ච හැටි” එයා අහුවා.

මං හිනා වුණේ ඒ අතීතෙ මතක් වෙලා. “අමතක වෙන්න මං මැරිලා ඉපදුනේ නෑනෙ ඉන්ද්‍ර” කියලා මං කිව්වට එයා උන්නෙ ඒ වචන ඇහුනෙ නෑ වගේ එයාගෙ කතාව දිගටම කියාගෙන යන ගමන්.

“අපි කෑගහනවා argue කරනවා ඒත් ඒක ඇතුළේ ලයිෆ් එකක් තිබුණා”

මට ඒ වචන ටික අහද්දි පරණ දවස් එක පාරටම ආයෙ මතක් වුණා.

“දැන් මං කතා කරනවා එයා කතා කරනවා අපි හිනාවෙනවා”

එයා ටිකක් නතර වුණා.

“හැබැයි ඒක මට ඇත්ත වගේ දැනෙන්නේ නෑ. මට ෆීල් වෙන්නෙ නෑ”

“ඔයා උත්සහ කරේ නැද්ද ඒක වෙනස් කරගන්න?” මං හෙමින් ඇහුවා.

“කරලා තියෙනවා. මං මටම කියනවා වෙලාවකට දැන්වත් මේක ඇති කියලා. මං මාවම කන්වින්ස් කරන්න ට්‍රයි කරනවා මොක උනත් මන්දස්මිතා මගෙ පස්සෙන් ආවෙ නෑනෙ. මමනෙ එයාට ප්‍රපෝස් කරේ කියලා. මං උත්සහ කරනවා හොඳින් ඉන්නවා. රණ්ඩු වෙන්නෙ නැති බව ඇත්ත ඒත් මොනාහරි දෙයක් මිසින්. හැබැයි මං රෑට නිදාගන්න යද්දි”

එයා හෙමින් මගේ දිහාවට හැරුණා.

“මට මතක් වෙන්නේ ඔයාව”

මං හුස්ම අල්ලගත්තෙ ඇත්තටම මට ඒ වචන දරාගන්න බැරිවෙච්ච හන්දා

“ඒක වැරදි නේද” මං කිව්වා.

“මං දන්නවා”

“ඒත් ඔයා ඒක නවත්තන්නේ නෑ”

“මං උත්සහ කරේ නැතුව නෙවෙයි ඒක නවත්තන්න. මං දැනං උන්නා ඒක වැරදි විත්තිය. ඒත් මට ඒක නවත්තගන්න පුළුවන් උනේ නෑ මේඝා. ”

තත්පරයක් ආයෙම අපි දෙන්නම සයිලන්ස් වුණා.

“ඔයා දන්නවද මං ඇයි එදා ඔයාගෙන් ඈත් වුණේ කියලා” එයා අහුවා.

මගේ හදවත එකපාරටම ගැස්සුණේ ඒකට උත්තරේ දරාගන්න මට පුළුවන් වෙයිද කියලා හිතාගන්න බැරුව. 

“ඔයා කියලා නැහැනෙ. ඔයා කිසිම හේතුවක් නොකියනෙ ඉන්ද්‍ර මගෙන් ඇත්වුණේ”

“මම බය වුණා”  එයා සරලව කිව්වා.

මං බලාගෙන හිටියා.

“ඔයා too much කියලා මට හිතුණා මේඝා…”

“too much?”

“ඔයා too intense, honest, too good to be true වගේ කියලා මට හිතුණා. ඔයාගෙ ආදරය 100% කොම්ප්ලීට්. එතකොට මට ආපු දේ තමයි ටූ ගුඩ් ටු බී ටෲ කියන දේ. ඒ කියන්නේ ඔයා මට දුන්න ආදරය හරිම 100% එකක්. එතකොට මාව ගොළු උනේ ඔයා කොහොමද එච්චර පියෝ ආදරයක් දෙන්නෙක් කියන එක. ඔයා ආදරයෙදි පර්ෆෙක්ට්. ප්‍රයිම් එක්සාම්පල් එකක්. මං ඒකට බය වුණා මේඝා”

“ඒක වැරදියි කියලද ඔයා මට කියන්නෙ?”

“නෑ හැබැයි මට ඒක හැන්ඩ්ල් කරන්න බැරි වුණා…”

මං කතා කරන එක නැවත්තුවෙ එතනින්.

“ඔයා මට love කරන විදිය, ඔයා expect කරන විදිය, ඔයා fight කරන විදිය ඒක deep”

“ඒක තමයි ආදරේ” මං කිව්වා.

“ඔව් හැබැයි මට ඒකෙන් පැනලා යන්න හිතුණා”

ඒ වචනෙ මට තරහක් ගෙනාවා.

“එතකොට ඔයා මන්දස්මිතාව කසාද බැන්දෙ මගෙන් බේරිලා යන්නද?”

එයා ටිකක් සයිලන්ට් වුණේ ඒ වචන එක්ක.

“සමහරවිට”

“මතින්ද්‍ර” මං තදින් කිව්වෙ තවදුරටත් එයාගෙ එහෙටවත් නැති මෙහෙටවත් නැති කතන්දර මට දරාගන්න උවමනා වෙච්ච නැති හන්දා.

“මං ඇත්තටම දන්නේ නෑ. ඒ වෙලාවේ මට සිම්පල් ජීවිතයක් ඕන වුණේ.”

“මං කොම්ප්ලිකේටඩ් කියලද ඔයා කියන්නෙ” මං ඇහුවා.

“ඔයා ආදරේදි පර්ෆෙක්ට් වැඪි”

“ඒක කම්ප්ලිකේටඩ් ද”

තවත් ටිකක් සයිලන්ස් වුණා එයා.

 “මං තේරුංගත්තෙ පස්සෙ”

“මොනවද”

“සිම්පල් කියලා මං හිතන දේ තමයි කම්ප්ලිකේටඩ් කියල”

“එහෙනම් දැන් ඔයා මොනවද හොයන්නේ…”

“මං හොයන්නෙ මාවමයි”

“මාව පාවිච්චි කරලා?”

“මං ඔයාව පාවිච්චි කරනවා කියලා ඔයාට හිතෙනවද…”

“මට හිතෙන්නේ ඔයා කොහෙ හරි අතරමං වෙලා. ඒත් මාව පාවිච්චි කරනවා.
 අර අතරමං වීමෙන් ඔයාට එලියට එන්න විදියක් හොයාගන්න කියලා

 “ඔයා තාමත් මාව හොඳට රීඩ් කරනවා…”

“හැමදාම මගෙ තිබ්බ ප්‍රශ්නෙ ඒකනෙ” මං කිව්වා.

“ඔයා මාව රීඩ් කරනවා ඒත් මට ඒක තවදුරටත් ඉග්නෝර් කරන්න බැරි වෙලා”

“එහෙනම් ඇයි ආවේ” මං ආයෙත් ඇහුවා.

“මොකද ඔයා මං දිහා බලපු විදිය ඒක invitation එකක් වගේ”

“ඒක invitation එකක් නෙවෙයි” මං හෙමින් කිව්වා.

“ඒත් මට එහෙම දැනුණා”

“ඔයාට ඕන දේවල් දැනෙන්නේ එහෙමයි”

“වෙන්න ඇති. ඒත් ඒක මට හිතිච්ච දෙයක් විතරක් නෙවෙයි නේද? ඒක බොරුවක් විතරක් නෙවෙයි නේද?”

තවත් ටිකක් අපි අතරෙ තිබිච්ච සයිලන්ස් එක වැඩි වුණා.

“මේඝා” එයා හෙමින් කිව්වා.

“හ්ම්”

“අපි දෙන්නාම වැරදි කියලා දැනගෙන ඒත් මේක continue කරනවා”

“ඔව්”

“ඒක භයානකයි”

“දන්නවා”

“ඒත් අපි නතර වෙන්නේ නෑ නේද”

මං හුස්ම ගත්තේ හරි අමාරුවෙන් වගේ.

“මං නතර වෙන්න ට්‍රයි කරනවා…”

“ඔයා ෆේල් වෙනවා”

“ඔයා නිසා” මං හෙමින් කිව්වා.

එයා හිනාවෙලා කිව්වා “මං ඒ blame එක accept කරනවා” කියලා.

“ඒක හිනාවෙන්න දෙයක් නෙවෙයි…”

“මං සීරියස්ලි කියන්නෙ”

එයාගේ අත හෙමින් මගේ පපුව උඩට ඇවිත් නතර වුණා.


“මේඝා”

“හ්ම්”

“මට තේරෙනවා මං හරි කෙනා නෙවෙයි. හැබැයි මට ඔයාට අයින් වෙන්න කියන්නත් බෑ”

මං ඇස් පියාගත්තේ ඒක ඇහුණ ගමන්.

“මටත්” මං හෙමින් කිව්වා. “මටත් ඔයාට යන්න කියන්න බෑ”

ඒක තමයි ඇත්ත. කාමරේ ආයෙත් සයිලන්ට් වුණා.

ඒ සයිලන්ස් එක ඇතුළේ අපි දෙන්නම එක දෙයක් දැනගෙන හිටියා. 

මෙක explain කරන්න පුළුවන්.

justify කරන්නත් පුළුවන්.

හැබැයි, නවත්තන්න

ඒක අපි දෙන්නටම තවමත් බැරි දෙයක්.

“නේක දුක් හද රැඳුනා

සඳ එලිත් නිවුනා

අඳුර මැද තනිවී

පවන් රොදකට සවන් දොර අරුනා

තරු ඇසත් පිපුණා

සඳ ලබන්නී මා

සරා සඳ ලඟ මා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here