“ඔයා හිතනවද මේඝා මං හරිම සතුටින් ඉන්නවා කියලා? ඇත්තටම මටවත් ඒකට උත්තරයක් නැහැ දැන්. පිටින් බලන මිනිස්සු හිතනවා ඇති මං සෙට්ල් වෙලා, හැමදේම ලස්සනට තියෙනවා කියලා. ඒත් ඇතුළෙන් මං ඉන්නේ මාරම අවුලක. මගේ ජීවිතේ ඔයා ඔය හිතන තරම් පර්ෆෙක්ට් නෑ. මන්දස්මිතායි මමයි හරිම සාමාන්‍ය කපල් එකක් වගේ ඉන්නවා. අපි කතා කරනවා, ප්ලෑන් කරනවා, තීරණ ගන්නවා.
ඒ උනාට මට දැනෙන්නෙ ඕවරෝල් මොකක් හරි ලොකු අවුලක් තියෙනවා වගේ. I feel disconnected from the world. There are issues that I am not comfortable talking about. මට තේරෙන්නෙ නෑ සමහර දේවල් ඔයාට උනත් පැහැදිලි කරලා කියන්න මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. මං ඔයා ගාවට ආවෙ සැනසීමක් හොයාගෙන මේඝා.
මට වෙලාවකට හිතෙනවා මං කතා කළාට කවුරුත් ඇත්තටම මං කියන දේ අහන්නේ නෑ කියලා. මං හිනා වෙලා හිටියට ඒක ඇත්තටම හිතෙන් එන හිනාවක් නෙවෙයි. මං ජීවිතේ රන් කරනවා තමයි, හැබැයි මං ජීවත් වෙනවා කියලා මට කොහේවත් දැනෙන්නේ නෑ. මං හිතුවා මේක තමයි නෝමල් විදිය, මේක තමයි ලයිෆ් එක කියලා. හැමෝම මෙහෙම තමයි ඉන්නේ කියලා මගේ හිත හදාගන්න මං මාර ගේමක් දුන්නා. ඒත් සමහර වෙලාවට ඒක හරියන්නේ නෑ. රෑට නිදාගන්න යද්දි හරියට මොකක් හරි අඩුවක් තියෙනවා වගේ මට දැනෙනවා. මං ඉන්නේ මට අයිති තැන නෙවෙයි වගේ, මං මීට වඩා වෙනස් කොහේ හරි තැනකට අයිති මිනිහෙක් වගේ මට හිතෙනවා. ඒ හැඟීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ, ඒක සාධාරණීකරණය කරන්නත් බෑ, ඒත් ඒක නෑ කියලා අමතක කරලා දාන්නත් මට බෑ.
මං මේ දේවල් කාටවත් කියන්න යන්නේ නෑ මේඝා. ඒක කියන්න බැරි කමකට නෙවෙයි, මං කියන දේ තේරුම් ගන්න පුළුවන් එක් කෙනෙක්වත් නෑ කියලා මට හිතෙන නිසා. ඒත් ඔයා එක්ක ඉද්දි ඒක වෙනස්. ඔයා ගාවදි මට රඟපාන්න ඕනේ නෑ, බොරු විස්තර දෙන්න ඕනේ නෑ, මං කරන දේවල් සාධාරණීකරණය කරන්න ඕනෙත් නෑ. මට මං වගේම ඉන්න පුළුවන්. ඒකයි මං බය වෙන්නේ, මට මේ විදියට ඔයා ගාවටම එන්න හිතෙන එකට. මං මේ කරන දේ හරි කියලා කියන්නේ නෑ, මේක ජස්ටිෆයි කරන්නත් මට බෑ. ඒත් මං මෙතන ඉන්නේ මට වෙන යන්න තැනක් නැති නිසා නෙවෙයි මට යන්න ඕනෑ තරම් තැන් තියෙනවා.
ඒත් මට ඉන්න හිතෙන්නේ මෙතන නිසා”
මං ඇත්තටම ඒ වීකෙන්ඩ් එකම ගෙව්වෙ මගේ අපාට්මන්‍ට් එකට වෙලා මතින්ද්‍ර මට ෆෝන් එකෙන් ටෙක්ස්ට් කරලා කිව්ව එයාගෙ ෆැමිලි ලයිෆ් එකේ තිබ්බ ප්‍රශ්න ගැන කල්පනා කරන ගමන්.
“උඹ නිකන් ඕව ගැන හරියට කල්පනා කරන්නෙ ඕක උඹ කරලා දුන්න කසාදයක් වගේනේ” කියලා රුවිනි මට කොච්චර කෝචෝක් දැම්මත් මං ඇත්තටම ඒ වෙද්දිත් උන්නෙ මතින්ද්‍රට ජීවිතේ දෙවනි පාරටත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පටන් අරගෙන. ඒ නිසාම මං උන්නෙ එයාගෙ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගෙන “මතින්ද්‍රව මම කම්ෆර්ට් කරන්නෙ කොහොමද?” කියන එක ගැන ආයෙ වතාවක් මෝඩ ගෑනියෙක් වගේ කල්පනා කරන්න පටන් අරගෙන.
මං දන්නවා.
මේ හැමදේම වැරදියි කියලා මං හොඳටම දන්නවා.
හැබැයි ආදරේ කියන්නෙ සමහර වෙලාවට හරි වැරදි තේරෙන තැනක් නෙවෙයි. විශේෂයෙන්ම ඔයා කවදාවත් සම්පූර්ණයෙන්ම අමතක කරලා නැති මනුස්සයෙක් ආයෙමත් ඔයාගේ ජීවිතේට ඇවිත් “මං හොඳින් නෑ” කියලා ඔයා ඉස්සරහ බිඳිලා වැටෙද්දි.
මං ඒ වීකෙන්ඩ් එකේ හරි අමුතු විදියට තමයි ජීවත් වුණේ. මං ගේ අස් කරා. බෙඩ් ශීට්ස් මාරු කරා. ෆ්‍රිජ් එකේ තිබුණ එක්ස්පයර් වෙච්ච කෑම බීම ටිකත් අයින් කරලා ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම අස් පස් කරා.
මටම තේරුණා මං මේ හැමදේම කරන්නේ මතින්ද්‍ර වෙනුවෙන් කියලා. එයා එනවා කියලා කවුරුවත් කියලා තිබුණේ නැහැ. එයා එන්නම් කියලවත් කියලා තිබුණේ නැහැ.
ඒත් මගේ ඇඟ, මගේ හිත, මටත් කලින් ඒක දැනගෙන වගේ වැඩ කළා.
මතින්ද්‍ර කැමතිම dark roast coffee powder එක online order කරද්දි ඇත්තටම මගේ හිත තප්පරේකට වේගෙන් වේගෙස් ගැහුනා වගේ මට දැනුනා.
“මේඝා, උඹ ආයෙ ආයෙත් ඒකම කරනවා.” මගේ හිත ඇතුළෙන් කවුරුහරි හෙමින් කියනවා වගේ මට ඇහුණා.
ඒත් මං ඒ හඬ අමතක කරලා වගේ දැම්මා.
මොකද මට ඊට වඩා ලොකු හඬක් මගෙ ඇතුළෙන්ම ඇහෙමින් තිබුණා. “එයාට දැන් කවුරුහරි ඕන.” කියලා
ඉරිදා හවස මතින්ද්‍ර මට මැසේජ් එකක් එව්වෙ මං ඔය වගේ කල්පනාවල් දහස් ගානක් අස්සෙ තෙරපි තෙරපි ඉද්දි.
“ඔයා ගෙදරද?”
ඒ මැසේජ් එක දැක්ක තත්පරේ මගේ හදවත ගැහෙන විදිය වෙනස් වුණා.හරියට ටීනේජර් කෙනෙක් එයාගෙ ක්‍රශ් එකෙන් ටෙක්ස්ට් එකක් ආවම පැනික් වෙනවා වගේ.
මං ටයිප් කරා.
“ඔව්.”
එයා typing typing typing
ඊට පස්සේ මැසේජ් ටයිප් වෙන එක නැතිවෙලා ගියා. ආයෙත් typing.
“මං එන්නද?”
මං ඒ මැසේජ් එක දිහා විනාඩියක් විතර බලන් හිටියා.
මට එපා කියන්න තිබුණා.ඇත්තටම එදා මට එහෙම කියන්න ඕන වුණා.
හැබැයි මං එපා කියන ගෑනියෙක් වෙලා තිබුණේ නැහැ.
“හරි.”
ඒ මැසේජ් එක සෙන්ඩ් කරලා ඉවර වෙද්දිම මං හෙමින් ඇස් පියාගත්තා.මට මං ගැනම තේරුණා.මං ආයෙත් වතාවක් මතින්ද්‍ර වෙනුවෙන් සේෆ් ප්ලේස් එකක්, කම්ෆර්ට් සෝන් එකක් වෙන්න හදනවා. ඒක තමයි මගේ ලොකුම ප්‍රශ්නෙ.මං ආදරේ කරන මිනිස්සුන්ව සනසන්න හදනවා. මගේ හිත් වේදනාවල්, මගේ ට්‍රෝමා අමතක කරලා ඒ මිනිස්සුන්ගෙ ට්‍රෝමා හීල් කරන්න හදනවා.ඒත් අන්තිමේ හැම වතාවෙම තුවාල වෙන්නේ මං.
ගෙදර ඩෝ බෙල් එක වැදුණෙ හවස හතට විතර.
මං දොර අරිද්දි මතින්ද්‍ර දොර ඉස්සරහා හිටගෙන හිටියේ හිනාවක් එක්ක වුනාට එයාගෙ ඇස් යට ටිකක් කළුවෙලා. හරියට දවස් ගාණක් හරියට නිදාගෙන නැති කෙනෙක් වගේ.
“සොරි ටිකක් ලේට් වුණා.”
“කමක් නෑ.”
එයා ඇතුළට ආවට පස්සේ මට දැනුනෙ මගේ අපාට්මන්‍ට් එක ඇතුලෙ තිබුණ කාම් ගතිය නැතිවෙලා ගියා කියලා.
“Coffee?” මං ඇහුවා.
එයා එකපාරටම මං දිහා බැලුවා.
“තාමත් මං කැමති විදිය මතකද?”
මං හිනාවුණා.
“Double shot. Sugar නැතුව.”
මතින්ද්‍ර ටිකක් වෙලා බිම බලාගෙන ඉඳලා හිනාවුණා. ඒ හිනාව ඇතුළේ තිබුණේ සතුටකට වඩා දුකක්.
“ ඔයා තාමත් හැමදේම මතක තියාගෙන කරනවා නේද?”
මං කුස්සියට යද්දි එයා බැල්කනි එක ළඟට ගිහින් හිටගත්තා. එළියෙ වැස්ස වැටෙන්න ඔන්න මෙන්න.කොෆි මැශින් එකේ සද්දෙ අපාට්මන්ට් එක පුරා පැතිරෙද්දි, මං හොරෙන් එයා දිහා බැලුවා.
මට එයා ගැන දුක හිතුණා.ඒක තමයි ඇත්ත. මට එයාව තුරුලු කරගන්න හිතුණා.“ඔයාට දැන් කොහොමද?” කියලා අහන්න හිතුණා.මට එයාව බේරගන්න හිතුණා.
ඒත් මං එක දෙයක් දැනගෙන හිටියා.
සමහර මිනිස්සුන්ව බේරගන්න යන ගෑනු අන්තිමේ තමන්වම ගිලගන්න අගාධ වලට වැටෙනවා කියලා.


