කැෆේන් වලින් ඇඟටයි මොළයටයි වෙන්නේ මොකක්ද? 

හරිම කම්මැලි උදේක ඇඳෙන් නැගිටගන්න බැරුව ඉන්නකොට හරි, ඉවරයක් නැති ඔෆිස් මීටින් එකක ඇස් පියවෙනකොට හරි අපිට මුලින්ම මතක් වෙන්නේ කෝපි එකක් නැත්නම් තේ එකක්නේ. 

හැබැයි අපි මේ බොන කැෆේන් ඇඟ ඇතුළට ගියාම ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දන්නවද?

අපේ ඇඟ කැෆේන් උරාගන්නේ හරිම වේගයෙන්. බොන දේ රුධිරයට යන්න ගතවෙන්නේ විනාඩි 15-20 වගේ පොඩි වෙලාවක්. හැබැයි ඒ ගැම්ම පැයක ඉඳන් පැය 10ක් විතර යනකම්ම ඇඟේ තියෙන්න පුළුවන්.

කැෆේන් ඇඟේ එක එක තැන්වලට බලපාන්නේ කොහොමද?

කැෆේන් බිව්වම අපිට හොඳ අවදියෙන්, අවධානයෙන් වගේම ලොකු ෆෝකස් එකකින් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම අපේ මූඩ් එකත් ටිකක් හැපි කරගන්න මේක උදව් වෙනවා.

හැබැයි ඉතින් ඕනෑවට වඩා ගත්තොත් අතුරු ආබාධත් සෑහෙන්න තියෙනවා. Blood Pressure වැඩි වෙන්න, බඩේ අමාරු හැදෙන්න වගේම ඇඟ වෙව්ලන ගතියක් එන්නත් පුළුවන්. හරිම කලාතුරකින් වුණත්, කැෆේන් ඕනෑවට වඩා ඇඟට ගියොත් Overdose ජීවිත අවදානමක් පවා ඇති වෙන්න ඉඩ තියෙනවා.

ඔන්න බලන්න කැෆේන් නිසා ඔයාගෙ ඇඟේ විවිධ පද්ධතිවලට වෙන හොඳ සහ නරක:

කැෆේන් සහ ඔබේ මොළය

කැෆේන් කියන්නේ අපේ මධ්‍ය ස්නායු පද්ධතිය පණගන්වන උත්තේජකයක්. සරලවම කිව්වොත්, අපි හිතන විදිහේ ඉඳන් ඇඟ පත හොලවන විදිහ දක්වා ශරීරයේ හැමදේම පාලනය කරන්නේ මේ පද්ධතියෙන්.

කැෆේන් මොළයට ගියාම ඒකේ හොඳ වගේම නරක පැති දෙකක් තියෙනවා:

කැෆේන් මොළයට ගියාම අපේ ඇඟේ තියෙන ඇඩිනොසීන් කියන නිදිමත ඇති කරන රසායනය අවහිර කරනවා. ඒ නිසා මොළයට ගැම්මක් ලැබෙනවා. ඇඟට අමුතු ශක්තියක් දැනෙනවා. වැඩක් කරනකොට තියෙන අවධානය වැඩි වෙනවා.

වැඩේ තියෙන්නේ මේ ගැම්ම නිසාම අපේ නින්දට බාධා වෙන එක.

රෑට කෝපි බිව්වොත් ඇස් දෙක පියවගන්න බැරුව ඉන්න වෙයි. මොළය ඕනෑවට වඩා වැඩ කරන්න ගත්තම සුවදායී නින්දක් ලැබෙන්නේ නැහැ. නින්ද අඩු වුණාම පහුවදාට ආයෙත් මහන්සිය දැනෙන්න ගන්නවා.

කෙටියෙන් කිව්වොත්, කැෆේන් කියන්නේ මොළය Reset කරන බට්න් එකක් වගේ. හැබැයි වෙලාව බලලා ඒක එබුවේ නැත්නම් වැඩේ අනාගන්න වෙනවා.

මාර ෆෝකස් එකකුයි, සුපිරි මූඩ් එකකුයි!

අර කලින් කිව්වා වගේ නිදිමත ඇති කරන කෙමිකල් එක බ්ලොක් වුණාම, මොළේ තවත් කෙමිකල් දෙකක් වැඩ පටන් ගන්නවා.

Dopamine සහ Norepinephrine කියන රසායනික ද්‍රව්‍ය දෙක නිසා තමයි අපේ අවධානයයි, Concentration එකයි වැඩි වෙන්නේ. මේ නිසා විශේෂයෙන්ම ADHD තත්ත්වය තියෙන අයට වුණත් එකම දේ දිගින් දිගටම කරගෙන යන්න මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

කම්මැලි නැතුව එක දිගට වැඩක් ෆෝකස් එකේ කරගන්න මේක මරු.

මූඩ් එක හැදෙන හැටි 

ඇත්තටම කැෆේන්වලට පුළුවන් අපේ වයිබ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න!

අර මම කලින් කිව්ව කෙමිකල් දෙකේ (ඩොපමින් සහ නොරෙපිනෙප්‍රින්) තියෙනවා හිතේ තියෙන පීඩනය අඩු කරන ගතියක්. ඒ නිසා පොඩි මාත්‍රාවකින් (මිලිග්‍රෑම් 20 සිට 200 දක්වා – ඒ කියන්නේ ප්ලේන්ටියක හෝ කෝපි කෝප්පයක වගේ ප්‍රමාණයකින්) කැෆේන් ඇඟට ගියොත්, අපිට නිකම්ම සතුටු හිතෙන, ප්‍රබෝධමත් ගතියක් දැනෙනවා.

කෙටියෙන් කිව්වොත්, කැෆේන් කියන්නේ අපේ මොළේ ඇතුළේ තියෙන හැපි කෙමිකල්ස් ටික ටියුන් කරන වැඩක්.

හිසරදයට සහනයක්ද? කරදරයක්ද?

කැෆේන්වලට පුළුවන් අපේ ලේ නහර පටු කරන්න. මේක හිසරදයට බලපාන්නේ මෙහෙමයි:

සාමාන්‍යයෙන් Migraine හෝ ආතතිය නිසා හැදෙන හිසරදයකදී වෙන්නේ මොළයට යන ලේ නහර පළල් වෙන එකයි. ඉතින් පොඩි කැෆේන් ප්‍රමාණයකින් (කෝපි කෝප්පයක් වගේ) ඒ නහර පටු කරලා වේදනාව අඩු කරගන්න පුළුවන්. (හැබැයි මතක තියාගන්න, හැම ජාතියේම ඔළුවේ කැක්කුම්වලට මේක හරියන්නේ නැහැ!)

ඕනෑවට වඩා කෝපි බිව්වොත්, නැත්නම් පුරුද්දට බීලා එකපාරටම නැවැත්තුවොත් ඒකෙන්ම ඔළුවේ කැක්කුම හැදෙන්නත් පුළුවන්.

ඇන්සයිටි සහ නොසන්සුන්කම

කැෆේන් පොඩ්ඩක් ගත්තම මූඩ් එක හැදුණට, වැඩිපුර ගත්තොත් වැඩේ අනිත් පැත්ත ගැහෙනවා. ඒක හරියට වැඩි වුණොත් විස වෙනවා වගේ වැඩක්.

කැෆේන් නිසා අපේ ස්නායු පද්ධතිය ඕනෑවට වඩා උත්තේජනය වෙනවා. එතකොට නිකම්ම බය හිතෙන ගතියක්, ඇඟ වෙව්ලන ගතියක් වගේම ඉක්මනින් කේන්ති යන ගතියක් ඇති වෙන්න පුළුවන්.

ඔයාට දැනටමත් ඇන්සයිටි වගේ තත්ත්වයක් තියෙනවා නම්, කැෆේන්වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන එක තමයි හොඳම දේ.

කෙටියෙන් කිව්වොත්, කැෆේන් කියන්නේ හරියට පාවිච්චි නොකළොත් බයයි කැක්කුමයි දෙකම දෙන දෙයක්.

නින්ද නැතිවීම 

කැෆේන්වලින් දවල්ට තියෙන නිදිමත ගතිය කපලා දාන්න පුළුවන් වුණාට, ඕනෑවට වඩා බිව්වොත් රෑට නින්ද යන්නේ නැතුව ඇස් දෙක උඩ තියාගෙන ඉන්න වෙයි.

රෑට නින්ද ගියේ නැති නිසා පහුවදාටත් සෑහෙන්න කෝපි බොනවා, එතකොට ආයෙත් එදා රෑටත් නින්ද යන්නේ නැහැ.

ඔයාගේ නින්දට බාධා නොවී ඉන්න නම්, දවල් කාලයෙන් පස්සේ සහ හවසට කැෆේන් පාවිච්චි කරන එක නතර කරන්න.

කැෆේන් සහ ඔබේ හදවත

කැෆේන් සහ හදවතේ සෞඛ්‍යය ගැන කරපු පර්යේෂණවලින් ගොඩක් වෙලාවට පෙන්නලා තියෙන්නේ කෝපි බීමේ තියෙන වාසි ගැනයි. ඒ කියන්නේ අනෙක් කැෆේන් තියෙන බීම වර්ගවලින් මේ වාසිය ඒ විදිහටම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.

ප්‍රමාණයකට කෝපි බොන එක හදවතට ගුණදායකයි කියලා තමයි පිළිගැනෙන්නේ.

හරියට පාවිච්චි කළොත් අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් මේක උදව් වෙන්න පුළුවන්.

ලේ පීඩනයයි, හදවතේ ගැස්මයි වැඩි වෙන හැටි

අර කලින් කිව්වා වගේ කැෆේන් නිසා මොළයෙන් නොරෙපිනෙප්‍රින්  වැඩිපුර නිදහස් කරන හින්දා, අපේ රුධිර පීඩනය සහ Heart Rate එක පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්.

සාමාන්‍ය කෙනෙක්ට මේක ලොකු අවුලක් වුණේ නැති වුණාට, දැනටමත් හෘද රෝග තියෙන කෙනෙක්ට නම් මේක ටිකක් අවදානම් වෙන්න පුළුවන්.

හැමදාම මිලිග්‍රෑම් 400කට වඩා (කෝපි කෝප්ප 4ක් වගේ) කැෆේන් ගන්නවා නම්, කාලයත් එක්කම ඔයාගේ ලේ පීඩනයයි හදවතේ ගැස්මයි ස්ථිරවම වැඩි වෙන්න ඉඩ තියෙනවා.

හදවත වේගයෙන් ගැහෙන එක 

එක පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා කෝපි බොන අයට හදවත ගැහෙන ගතිය වැඩි වෙන්න 54%ක විතර ඉඩක් තියෙනවා කියලා.

ඔයාගේ හදවත රේස් පදිනවා වගේ, ගැහෙනවා වගේ නැත්නම් එක පාරටම ගැස්ම නතර වෙලා වගේ දැනෙන්න පුළුවන්.

මේක සාමාන්‍යයෙන් මාරාන්තික දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඇඟට දැනෙනකොට සෑහෙන්න බය හිතෙනවා වගේම අපහසුතාවයක් දැනෙනවා.

ඔයාට දැනටමත් ඇන්සයිටි (Anxiety) තියෙනවා නම්, මේ විදිහට හදවත ගැහෙන එක ඔයාට තදින්ම දැනෙන්න පුළුවන්.

කැෆේන් කියන්නෙත් එක විදිහක ඩ්‍රග් එකක්. ඒක ඕනෑවට වඩා ඇඟට ගියොත් හරිම අපහසු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දිගින් දිගටම වැඩියෙන් ගත්තොත් ඔයාගේ හදවතටයි, ස්නායු පද්ධතියටයි හානි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේක ප්‍රමාණයකට පාවිච්චි කරන එක තමයි නුවණට හුරු.

අපිට පුළුවන් පොඩ්ඩක් අත්හදා බලලා, අපේ ඇඟට ගැලපෙනම ප්‍රමාණය හොයාගන්න. එතකොට අර නරක අතුරු ආබාධ නැතුව, ඇඟට හොඳ ගැම්මකුයි, අවධානයකුයි විතරක් ලබාගන්න පුළුවන්.

කැෆේන්වලින් වාසි තියෙනවා තමයි, හැබැයි පරිස්සම් වුණේ නැත්නම් ඒක ඔයාගේ පාලනයෙන් ගිලිහී යන්න පුළුවන්. ඕනෑම හොඳ දෙයක් වුණත්, ඕනෑවට වඩා ඕනෑම නැහැ.

Reference: https://health.clevelandclinic.org/what-caffeine-does-to-your-body

Related Articles

Don't Miss


Latest Articles