ක්ලේ කියන්නේ පොඩිත්තන්ට හසුරු කුසලතා වර්ධනයට හොඳින් උපකාරි වෙන දෙයක්. ඒත් පොඩිත්තන් මේවා හොරෙන් කටේ දා ගැනීමත් ගැටලුවක්. ඒ නිසා නිවසේ දීම ක්ලේ හදා ගන්න ඔබට පුලුවන්.
අවශ්‍ය දේවල්:
- පාන් පිටි 100g
- ලුණු කුඩු 40g
- පොල්තෙල් 10ml
- දෙහි යුශ 10ml
- නටන උණු වතුර 100ml
- කලරින්
සාදාගන්නා ආකාරය:
-
පාන් පිටි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර දෙහි සහ පොල්තෙල් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
-
නටන උණු වතුර මේ මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරමින් හැන්දකින් කලවම් කරන්න.
-
එක ගුලියකට ගතහැකි තරමට හොඳින් කලවම් වූ පසු එයට කලරින් එකතු කර නැවත හොඳින් කලවම් කර ගන්න.
-
මේ අයුරින් විවිධ පාට යොදා සාදා ගන්න පුලුවන්.
-
හුලං නොවදින ලෙස සිප් ලොක් බෑග් වල අසුරා ශීතකරණයේ තබන්න.
-නිබන්ධිකා-