අම්මලාට තියෙන ලොකුම ගැටළුවක් තමයි දරුවන්ට සමහර එළවළු – පළතුරු කවන එක. ගුණදායක එළවළු-පළතුරු කන්න ගොඩක් පොඩ්ඩෝ මැලියි. එවැනි අවස්ථා වලදී පොඩ්ඩෝ ආසාකරන විදිහකට එළවළු – පළතුරු සකස්කරගන්න පුළුවන් පුංචි උපක්‍රමයක් SmartLady තුළින් Chef චතුරිකා ගෙනත්.
වියලූ පළතුරු (Dehydrated Fruits)
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඔබ කැමති පළතුරු විශේෂයක් (අඹ, අන්නාසි, කෙසෙල්, දොඩම්)
- දැවටීම සඳහා සීනි
සාදන ක්‍රමය:
- පළතුරු හොඳින් සෝදා පොතු හැර තරමක ඝණකමට සිටිනසේ පෙති කපාගන්න.
- උඳුනක භාවිතා කල හැකි තැටියක් මත මෙම පළතුරු කැබලි තුනී තට්ටුවක් ලෙස සිටින සේ අතුරන්න.
- සෙල්සියස් අංශක 200 කට රත්කල උඳුනක තබා පැයක පමණ කාලයක් බේක් කරගන්න. (අවශය නම් උෂ්ණත්වය අඩුකර ඊට වැඩි වේලාවක් බේක් කරගන්න)
- පසුව වියලූ පළතුරු කැබලි වලට සීනි එක්කර යන්තම් කලවම් කොට සුළං නොවදින සේ බෝතල් වල අසුරා දරුවන්ට කැමති විටක ආහාරයට ගන්නට තබන්න.
විවිධ පළතුරු බේක් කරගැනීමට ගතවන කාලය අඩු-වැඩි වන බැවින් එක් වරකට එක් පළතුරු වර්ගයක් පමණක් බේක් කරගන්න.
වට්ටක්කා සහ දොඩම් සුප් පොප්සිකල්ස් (Pumpkin and Orange Soup Popsicle)
අවශ්‍ය ද්‍රව්‍ය:
- වට්ටක්කා 500g
- නොර් චිකන් කියුබ් 2
- දොඩම් යුෂ කෝප්ප ½
- වතුර ලීටර් 1 ½
- ලුණු රස පදමට
- ෆ්‍රෙෂ් ක්‍රීම් මේස හැඳි 4
සාදන ක්‍රමය:
- වට්ටක්කා හොඳින් සුද්දකර කුඩා කැබලි වලට කපාගන්න. දැන් මෙය වතුර හා නෝර් කැට දෙක සමඟ හොඳින් තම්බා ගන්න.
- වට්ටක්කා තැම්බුනු පසු නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක් ආධාරයෙන් පියුරි එකක් ලෙසට අඹරා ගන්න.
- නැවතත් වට්ටක්කා මිශ්‍රණය ලිප තබා උතුරණ විට දොඩම් යුෂ දමා කලවම් කරන්න. අවසානයට ෆ්‍රෙෂ් ක්‍රීම් ද එක්කර ලිපෙන් බා නිවෙන්නට හරින්න.
- පසුව මෙම මිශ්‍රණය පොප්සිකල් මෝල්ඩ් වලට දමා අධි ශීත කරණයේ තබා පිළිගන්වන්න.
මෙම සුප් මිශ්‍රණය වඩාත් දියාරු නොකර ඝණත්වයෙන් යුතුව සාදනවා නම් වඩාත් සුදුසුය.