ගර්භණී කාලයෙන් පසු බොලිවුඩ් නිළියන් තම සිරුරේ සුන්දරත්වය නැවත ලබා ගත් අයුරු.

ගර්භණී බවෙන් පසු කාන්තාවකගේ ශරීරයේ බොහෝ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. මේ අතරින් ශරීරයේ බර අධික ලෙස වැඩි වීම් , strech marks ඇතිවීම බොහෝ දෙනාට ඇතිවන ගැටලු අතර ප්‍රදාන වනවා. නමුත් මෙවැනි තත්වයන් යථා තත්වයට පත් කරගත හැකි තත්වයන් නිසා යම් කාලය් අරන් ඉස්සර වගේම සුන්දරව ඉන්න ඔබටත් පුලුවන්

වර්තමානයේ බොහෝ මව්වරුන් තම සිරුර ඉක්මනින් පෙර පරිදි සුන්දර කර ගන්න බොහෝ උනන්දු වෙනව. ඒ අතරින් නිරූපණ ක්ශේත්‍රයේ හෝ රංගන ක්ශේත්‍රයේ නියැලෙන කාන්තාවන් කෙසේ හෝ ඉක්මනින් සිරුර යථා තත්වයට පත් කර ගත යුතුමයි.

ඉතින් අද අපි ඔබට කියන්නෙ ගර්භණී බවෙන් පසුව ශරීරය යථා තත්වයට පත් කරගත් බොලිවුඩයේ සුරූපි නිළියන් කිහිපදෙනෙක් ගැනයි. ඔවුන් කොහොමද සියල්ල ඉක්මනින් යතා තවයට පත් කර ගත්තෙ කියල අපි බලමු..

කරීනා කපූර්

කරීනා තමන්ගේ පලමු දරු ප්‍රසූතියට මුහුණ දෙන්නේ 2016 වර්ශයේදී. සුරතල් පුතෙකුට උපත දෙන ඇගේ ගර්භණී සමයේදි කිලෝ 18 කින් බර වැඩි වූ තිබූ බව වාර්තා වෙනවා.කරීනා ගර්භණී සමයේ වැඩිවූ බරින් වැඩි ප්‍රමාණයක් මාස පහක් වැනි කෙටි කාලයක් තුළදී අඩු කරගෙන ඇති අතර ඇය ගර්භණී සමයේදී පවා ආහාරවේදියෙකු වන රුජූටා දීවෙකර්ගේ උපදෙස් අනුව ආහාර ගෙන තිබෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු කරීනා යළිත් වරක් එවැනි ප්‍රසිද්ධ ආහාරවේදියෙකු සමඟ එකතු වී ඇගේ පෙර ශරීර හැඩයම ලබාගන්නට සමත් වී තිබෙනවා.ඇත්තෙන්ම ඒ හරහා ඇය දරු ප්‍රසූතියෙන් මාස පහකට පසු කිලෝ 12 කට ආසන්න ප්‍රමාණයක් බර අඩු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.දිනපතා යෝගා පුහුණුවීම සහ ආහාර පාලනය කරන කරීනා කපූර් නැවතත් ඇය දරු ප්‍රසූතියට පෙර තිබූ ඇගේ ශරීර හැඩයම පවත්වාගෙන යනු ලබනවා.

කාජල් මුකර්ජි දෙව්ගන්

කාජල් යනු බොලිවුඩයේ කාගෙත් ආදරය දිනාගත් සුරූපි නිළියකි.තවමත් ඇය විසින් ඇගේ ශරීරයේ හැඩය ලස්සනට පවත්වාගෙන යන අතර දරු ප්‍රසූතියෙන් පසුව මාස පහක් වැනි කෙටි කාලයකදි ඇය ඇගේ ශරීරයේ බරින් කිලෝ 18 ක ප්‍රමාණයක් අඩු කරගෙන තියනව.
කාජල් සිය පුහුණුකරු සමඟ ශරීරයේ මූලික මාංශ පේශි හා මේද ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉහල තීව්‍රතාවයකින් යුක්ත ව්‍යායාම වල නිරත වෙලා තියනව
සෑම දිනකම පැය එකහමාරත් දෙකත් අතර කාලයක් ඇය ව්‍යායාම සඳහා වෙන් කර ඇති අතර ඇය පිරිසිදු ආහාර ගැනීමේ සංකල්පය දැඩි ලෙස විශ්වාස කරන්නියක්.එමෙන්ම සැකසු ආහාර , ක්ශණික ආහාර සහ සීනි පරිභෝජනය සීමා කිරීමටත් ඇය වග බලාගෙන තිබෙනවා.

ශිල්පා ශෙට්ටි

වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම නොමැතිකම නිසා ගර්භණී සමයෙන් පසු ශිල්පාගේ බර අධික ලෙස වැඩිවී තිබෙන බව සඳහන් වෙනවා.මේ නිසාම ශරීරයේ ශක්ති මට්ටම අඩු වී , බෙල්ල, දණහිස සහ සන්ධි ආභාධ වලටත් ඇය ලක්වී තිබෙනවා.දරු ප්‍රසූතියෙන් පසු මාස හතක්ම නිවසටම වී සිටින ඇය දිනක් සැමියා සමඟ රාත්‍රි ආහාරය සඳහා පිටතට ගිය අවස්ථාවේදී කාන්තාවන් කීප දෙනෙක් ඇගේ ශරීරයේ බර පිළිබඳව කතා කරනු ඇසී ඇය ඉතා අපහසුතාවට සහ ලැජ්ජාවට පත්වී තිබෙනවා.
ඉන්පසු ඇය සරල ක්‍රියාකාරකම් වල නිරත වී , එනම් ඇවිදීම ,පඩිපෙල් නැගීම සහ යෝගා කරමින් ඇගේ ශරීරයේ හැඩය වෙනස් කර ගැනීම කටයුත්ත ආරම්භ කල ඇය ඉන්පසු කෙමෙන් කෙමෙන් එම ව්‍යායාම ක්‍රම වෙනස් කරගනිමින් ඇයටම ආවේණික වු ආහාර රටාවන් සකස් කරගත් ඇය මාස හතරක් ඇතුලත කිලෝ 28 ක ප්‍රමාණයකින් ශරීරයේ බර අඩු කරගන්නට සමත් වී තිබෙනවා.

අයිශ්චර්‍යා රායි බච්චන්

ගර්භණී බවෙන් පසු ශරීරයේ බර අඩු කරගැනීම සඳහා තමන් දැඩි ලෙස කිසිවක් නොකල බවත් දිනපතාම හොඳ ආහාර වේලක් අනුගමනය කරමින් එය දිගින් දිගටම පවත්වාගෙන ගිය බවත් අයිශ්චර්‍යා පවසනවා.
ලෙමන් සහිත උණුසුම් වතුර වීදුරුවකින් දවස ආරම්භ කරන ඇය ටෝස්ට් කල දුඹුරු පාන් , ඕට්ස් , තම්බපු එළවලු , පරිප්පු සහ මාලු වැනි දේවල් පමණක් ආහාරයට ගන්න බව පැවසෙනවා.ඒ වගේම මේදය රහිත ආහාර සහ ක්ශණික ආහාර වලින් ඇය වැළකීමටත් වග බලාගන්න බව ඇය සඳහන් කර තිබෙනවා.අනෙක් විශේශම කරුණ නම් ඇය අනිවාර්යයෙන්ම දිනකට වතුර වීදුරු අටක් හෝ එයට වඩා පානය කිරීමටත් විශේශ සැලකිල්ලක් දක්වන බව සඳහන් වෙනවා
දරු ප්‍රසූතියෙන් පසු සෑම දිනකම ,දිනකට විනාඩි 45 ක් බැගින් යෝගා ව්‍යායාම වල නිරත වෙන අයිශ්චර්‍යා සතියකට දින දෙකක් ජිම් එකට යාම වෙනුවෙනුත් කාලය වෙන් කරන බව සඳහන්

ඇත්තෙන්ම මවක් වූ පසු කාන්‍තාවක් තමන්ගේ සුන්දර බව අමතක කල යුතු නැහැ. සිරුරේ සුන්දරත්වය ගැන හිතීම වරදක් නෙවෙයි.. තමන්ගේ සෞඛ්‍යයමත් බව රැකගනිමින් නීරෝගී දිවි පෙවතක් ගත කිරීම දරුවන් සිටින මව්වරුන් ලෙස අපගේ වගකීම.. නොසැලිකිලිමත් කමින් කිසිදු පාලනයකින් තොරව පවත්වාගෙන යන නොගැලපෙන අහාර රටාව තුල කාන්තාවන් ලෙස ඉතා ඉක්මනින් බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමේද ඉඩක් තියන බව අපි සිහිපත් කර ගත යුතුම කාරණයක්.
ඒ වගේම කාන්තාවන් ලෙස ඇය තමන්ගේ රූපය නැවත යතා තත්වයට රැගෙන ඒමට දරණ කැපවීමට පවුලක් ලෙස අනෙක් සාමාජිකයන්ගේ සහයද ඇයට අනිවාර්යයෙන් හිමිවිය යුතුයි. දරුව ගැන නොහිතා ඇග ගැන සිතන මවක් ලෙස පවසමින් කිසිසේත්ම ඇයට සිනහ සීම සමාජයක් ලෙස, පවුලක් ලෙස මෙන්ම කාන්තාවන් ලෙසද අප නොකල යුත්තක්.. මන්ද නීරෝගීමත් සිරුරක් , සුන්දර සිරුරක් පවත්වා ගෙන යාම සෑම කාන්තාවකගේම අයිතියක්..

තමන්ගේ දරුවන්ට සහ සැමියාට ආඩම්බර විය විය හැකි ආකාරයේ මවක් ලෙස සුන්දරව ජීවිතේ ගත කරන කාන්තාවන් විවේචනය කිරීම නොව ඔවුන් වචනයකින් හෝ දිරිමත් කිරීම අප සැමගේ වගකීමක් .

Related Articles

Don't Miss


Latest Articles