ආතතිය නිසා වැඩිපුර ආහාර ගැනීම නතර කරගන්නේ කොහොමද?

ආතතියට ආහාර ගැනීම බොහෝ අය සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට සිදු කරන දෙයක්. එසේ සිදුවන්නේ ආතතිය අධික වූ විට, ආහාර ඉක්මනින් සැනසීමක් ලබා දෙන ප්‍රභවයක් ලෙස දැනෙන නිසාය. ආහාර භුක්ති විඳීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වුවත්, ආතතියට මුහුණ දීම සඳහා එය මත යැපීමෙන් සමහර විට පසුව ඔබට වඩාත් නරක ප්‍රතිඵල ලැබෙන්නට පුලුවන් . ආතතිය සහ පීඩනය සහිත හැඟීම් කළමනාකරණය කිරීම සඳහා ආහාර ගැනීමෙන් තොර බොහෝ සෞඛ්‍ය සම්පන්න ක්‍රම තිබෙනවා.මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ ගැනයි.

කෙටි ඇවිදීමක නිරත වන්න 

මිනිත්තු 10-15 ක ඇවිදීම ඔබේ මනස පිරිසිදු කිරීමට, ආතති හෝමෝන අඩු කිරීමට සහ ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා . නැවුම් වාතය ලබා ගැනීම සහ ඇවිදීම මගින් ආහාර හරහා ඔබ සොයන මානසික සහනය ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා.

වතුර වීදුරුවක් බොන්න

සමහර විට ආතතිය නිසා ඔබේ ශරීරයට ඔබ සැබවින්ම පිපාසයෙන් සිටින විට ඒ වෙනුවට කුසගින්නක් දැනිය හැකිය. එම නිසා ප්‍රධාන ආහාර වේල් අතරතුර දැනෙන කුසගින්නට කුඩා ආහාර වේල් ලබා ගන්නවා වෙනුවට ජලය පානය කිරීම සහ මිනිත්තු කිහිපයක් බලා සිටීම ඔබේ ශරීරයට සැබවින්ම අවශ්‍ය දේ වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා ඔබට උපකාරී වෙනවා. 

ඔබේ හැඟීම් ලියන්න

ජර්නල් කිරීම ඔබට ඔබේ හැඟීම් මුදා හැරීමට හැකි ප්‍රබල ක්‍රමයක්. සුලු කෑම වලට හුරු වීම  වෙනුවට, ඔබට ආතතිය ගෙන දෙන දේ පිළිබඳව ලිවීමට මිනිත්තු කිහිපයක් ගත කරන්න. සිතුවිලි ලියා තැබීමෙන් බොහෝ විට ඒවා වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

ඔබ විශ්වාස කරන කෙනෙකු සමඟ කතා කරන්න 

මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ ඔබට සහයෝගය දක්වන පුද්ගලයෙකු සමඟ කරන සංවාදයකට ඔබට සැනසීමක් ලබා දිය හැකි අතර ආතති සහගත අවස්ථාවන්හිදී ඔබට දැනෙන තනිකම අඩු කර ගැනීමට ද උපකාරී වනවා.

ඔබව කාර්ය බහුල කර තබා ගන්න 

චිත්‍ර ඇඳීම, ගෙතීම, ගෙවතු වගාව, ක්‍රීඩාවක නියැළීම හෝ විනෝදාංශයක් වෙනුවෙන් කාලය ගත කිරීම වැනි ක්‍රියාකාරකම් උත්සාහ කරන්න. ඔබව කාර්යබහුලව තබා ගැනීමෙන් ආතතිය හේතුවෙන් ඔබ ආහාර ගැනීම අඩු කළ හැකිය.

හුස්ම ගැනීමේ අභ්‍යාස වලට හුරු වෙන්න  

ආතතියට ආහාර ගැනීමේ අවශ්‍යතාවය  බොහෝ විට කාංසාව සහ ආතතිය මගින්ම  අවුලුවනු ලබනවා. එවැනි අවස්ථාවලදී මන්දගාමී සහ ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස ඔබේ ස්නායු පද්ධතිය සන්සුන් කිරීමට සහ චිත්තවේගීය ආශාවන් අඩු කිරීමට උපකාරී වනවා 

සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් භුක්ති විඳින්න 

ඔබට සැබවින්ම කුසගින්නක් දැනෙනවා නම්, පලතුරු, යෝගට්, ඇට වර්ග හෝ එළවළු වැනි පෝෂ්‍යදායී කෙටි ආහාරයක් ලබාගන්න. සෙමින් ආහාර ගෙන අවධානය වෙනතකට යොමු කරන අතරතුර ආහාර ගැනීම වෙනුවට රසය,පෝෂණ ගුණය සහ ආහාරය කෙරෙහි අවධානය යොමු කරන්න.

සංගීතයට සවන් දෙන්න

සංගීතයට ඔබේ මනෝභාවය වෙනස් කිරීමට ඉතා හොඳ හැකියාවක් තියෙනවා. ආතතිය ඇති වූ විට ඔබට සැහැල්ලුවක්, අභිප්‍රේරණයෙන් හෝ සැනසීමක් දැනීමට උපකාරී වන ගීත හෝ සංගීත ඛන්ඩ ලැයිස්තුවක් සකස් කර තබා ගන්න.

අර්ථවත් දෙයක් සඳහා වැඩ කරන්න

පෞද්ගලික ඉලක්කයක්, නිර්මාණාත්මක ව්‍යාපෘතියක්, කියවීම, ලිවීම හෝ නව කුසලතාවක් ඉගෙන ගැනීම සඳහා කාලය ගත කරන්න. ඔබේ අවධානය කුමක් හෝ කාර්යයක් සඳහා යොමු කිරීමෙන් ආතතියට ආහාර ගැනීමේ ආශාවන් අඩු කිරීමට උපකාරී වෙනවා.

ප්‍රමාණවත් විවේකයක් ලබා ගන්න

නින්ද නොමැතිකම නිසා සීනි සහ අධික කැලරි සහිත ආහාර සඳහා ඇති වන තෘෂ්ණාව වැඩි කළ හැකිය. ගුණාත්මක නින්දට ප්‍රමුඛත්වය දීමෙන් ආතතිය සහ කුසගින්න යන දෙකම කළමනාකරණය කිරීම පහසු කරවන බැවින් සෑම දිනකම ප්‍රමාණවත් තරම් නින්දක් සහ විවේකයක් ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

ආතතියට ආහාර ගැනීම බොහෝ විට ඔබේ මනස සැනසීම, සහනය හෝ අවධානය වෙනතකට යොමු කිරීම සොයන බවට හැඟවෙන ලක්ෂණයක්. එවැනි අවස්ථාවලදී ව්‍යායාමය, නිර්මාණශීලිත්වය හෝ විවේකය හරහා ඔබේ ආතතිය කළමනාකරණය කර ගැනීමට වෙනත් ක්‍රම අත්හදා බැලීමට සැලකිලිමත් වීමෙන් ඔබට ඔබේ ආතති තත්ත්වයන් වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙනවා. එසේ නොවුනහොත් ඔබ සීමාවක් නොමැතිව ආහාර ලබා ගැනීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා මෙන්ම විවිධ ලෙඩ රෝග වලට ඔබ ගොදුරු වීමේ හැකියාව ද පවතිනවා 

Related Articles

Don't Miss


Latest Articles