ඔයාත් කවදාහරි event එකකට යන්න දවස් දෙක තුනකට කලින් කණ්ණාඩියෙන් මූණ දිහා බලලා “අනේ මගේ හමට පොඩි glow එකක් තිබ්බා නම්” කියලා හිතලා දුක් වෙලා තියෙනවද?
අව්වට පිච්චිලා, දවස පුරා දූවිලිවලට expose වෙලා, පරිසර දූෂණයත් එක්ක, අපි නිතර පාවිච්චි කරන එක එක skincare සහ makeup products නිසාත් අපේ හම ටිකක් tired වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඉක්මනින්ම හම fresh කරගන්න අපි ගොඩක් වෙලාවට හිතන්නේ facial එකක් ගැන.
හැබැයි හමට instant glow එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම හැමදාම අපි අහලා පුරුදු හයිඩ්රෆේෂල් එකක්ම කරගන්න ඕනද?
ඇත්තටම එහෙමම නෑ.
හයිඩ්රෆේෂල් එක කියන්නේ හමට එක එක treatment කීපයක් එකට ලබාදෙන හොඳටම ජනප්රිය facial treatment එකක්. හැබැයි අද වෙද්දි හමට අවශ්ය care එක දෙන්න තියෙන options ගොඩක් තියෙනවා. ඒ අතරින් මේ දවස්වල වැඩි අවධානයක් ලැබෙන treatment එකක් තමයි OxyGeneo facial එක.
OxyGeneo facial එක කියන්නේ මොකක්ද?
සරලව කිව්වොත්, මේ facial එකේදී හම උඩ එකතු වෙලා තියෙන dead skin cells සහ impurities ඉවත් කරගන්න උදව් කරන අතරේම, හමට hydration සහ nourishment ලබාදෙනවා.
මේකෙදි cleansing, exfoliation, hydration වගේ steps කීපයක්ම වෙනවා. ඒ වගේම හැමෝගෙම හම එක වගේ නැති නිසා, හමේ අවශ්යතාවය අනුව treatment එක customize කරගන්නත් පුළුවන්.
ඒ කියන්නේ ඔයාගේ skin type එක මොකක් වුණත්, ඒකට ගැළපෙන විදිහට treatment එක adjust කරගන්න පුළුවන් කියන එක.
හැබැයි මේකේ තියෙන ලොකුම හොඳකම තමයි treatment එක කරලා ඉවර වුණාම හමේ fresh, glowing look එක ඉක්මනින්ම දැකගන්න පුළුවන් වෙන එක.
ඒ නිසා wedding එකක්, party එකක්, photo shoot එකක් වගේ special event එකක් ළඟ එනවා නම්, නැත්නම් නිකම්ම තමන්ගේ හම ටිකක් pamper කරගන්න හිතුණොත්, මේ වගේ facial treatment එකක් ගැන හිතලා බලන්න පුළුවන්.
Massage එකත් මේකෙ විශේෂයි
OxyGeneo facial එකේදී කරන massage එකත් සාමාන්ය facial එකකදී කරන massage එකට වඩා ටිකක් advanced.
ඒ වගේම red light therapy එකත් මේ treatment එකට ඇතුළත් වෙනවා. ඒකෙන් හමේ puffiness එක අඩු කරගන්නත්, හමට fresh, healthy-looking glow එකක් එකතු කරගන්නත් උදව් වෙනවා.
ඒ නිසා treatment එක ඉවර වෙද්දි හම වඩාත් smooth, hydrated සහ radiant විදිහට පේන්න පුළුවන්.
Event එකකට කලින් facial එකක් කරගන්නවා නම් මේක හිතන්න
හැබැයි event එකකට කලින් facial එකක් කරගන්න හිතනවා නම් එක දෙයක් මතක තියාගන්න ඕන.
සමහර facial treatments කරාට පස්සේ හම ටිකක් sensitive වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ skin type එකට ගැළපෙන treatment එක තෝරගන්න එක හරිම වැදගත්.
ඒ වගේම facial එකක් කියන්නේ “ඕන තැනකින් කරගන්න පුළුවන් දෙයක්” කියලා හිතන්නත් එපා. Facial එකකදී හමේ pores සහ outer layer එකත් එක්ක වැඩ කරන නිසා, භාවිත කරන උපකරණ, products සහ ඒවා handle කරන විදිහ ගැන හොඳ hygiene standards තියෙන තැනක් තෝරගන්න ඕන.
“Facial එකක් කළාට පස්සේ මගේ මූණේ pimples වැඩි වුණා” කියලා සමහරු කියනවා ඔයා අහලා ඇති. හැබැයි ඒකට එකම හේතුව facial එක කියලා කියන්න බැහැ. හරියට පිරිසිදු නොකළ උපකරණ, hygiene standards අඩු salon එකක්, එහෙමත් නැත්නම් තමන්ගේ skin type එකට නොගැළපෙන products පාවිච්චි කිරීම වගේ දේවල් නිසාත් මේ වගේ ප්රශ්න ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා facial එකක් කරගන්නවා නම්, හොඳ reputation එකක් තියෙන, hygiene ගැන හොඳට සැලකිලිමත් වෙන තැනක් තෝරගන්න එක තමයි වැදගත්.
එතකොට හැමෝම facial කරන්න ඕනද?
ඇත්තටම නෑ.
ඔයාගේ daily skincare routine එක හරියට කරගෙන යනවා නම්, හැමදාම facial එකක් කරගන්නම ඕන කියලා දෙයක් නෑ. Facial එකක් කියන්නේ තමන්ගේ skin එකට extra care එකක් දෙන්න, විශේෂ occasion එකකට කලින් skin එක ටිකක් pamper කරගන්න වගේ අවස්ථාවලදී තෝරගන්න පුළුවන් දෙයක්.
අන්තිමට වැදගත්ම දේ තමයි තමන්ගේ skin එක හඳුනාගන්න එක. ඔයාගේ skin type එක මොකක්ද, ඔයාගේ skin එකට තියෙන ප්රශ්නය මොකක්ද කියලා තේරුම් අරගෙන, ඒකට ගැළපෙන products සහ treatments තෝරගන්නවා නම්, ලස්සන glow එකක් වෙනුවෙන් හැම වෙලාවෙම ලොකු දෙයක් කරන්න අවශ්ය වෙන්නේ නෑ.
මොකද ලස්සන හමක් කියන්නේ facial එකක් කරපු දවසේ විතරක් ලස්සනට පේන හමක් නෙවෙයි. දිනපතා හරියට බලාගන්න හමක්, අවශ්ය වෙලාවට හොඳ treatment එකක් එක්ක තවත් ලස්සනට glow වෙන එක තමයි ඇත්තටම වැදගත්.
Reference Video: https://youtu.be/10Ha4EFfhXY?









