පසළොස්වක මල් – 85

0
1392

” මොන මඟුලක්ද මේ ?

එයා කෑගැහුවේ යකින්නක් වගේ. මං බෝඩිමට එද්දි මගේ පොත් මේසේ , මගේ බඩු හැමදේම ඇදලා දාලා. එයාගේ අතේ මගේ කවි පොතක් තිබුණා. ඒක පුරාම ලියලා තිබුණේ අස්නක ගැන. එයා ඒක මගේ මූණටම දික් කරා. මට බයටම වචන පිට උනේ නෑ. ඊට පස්සේ මං බලන් ඉද්දිම ඒ කවි පොත කීතු කීතු වලට ඉරලා දාලා , මගේ කොණ්ඩෙන් අල්ල ගත්තා. මම තමයි අස්නකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. කවදාහරි එයාගේ වයිෆ් වෙන්නෙත් මං. ඇස් දෙක ලොකු කරන් එයා දිහා බලන් ඉද්දිම මං තේරුම් ගත්‍තා තමුසේ එන පොට හොඳ නෑ කියලා. මං ජීවිතේට අහලාවත් නැති කුණු හරප මහා ගොඩක් එයා කිව්වා. අනේ මට ඉවසගන්න බෑ. ඒ වෙලේ බෝඩිමේ ගොඩක් ළමයි හිටියෙ නැති නිසා හොඳයි. ඒත්.. හිටපු අයගෙන් මේවා කටින් කට යයි. එයා මට ජරා කෙල්ලෙක් කියලා බැන්නා. අනුන්ගේ කොල්ලෝ අල්ලගන්න එන ජරා කෙල්ලෙක් කිව්වා. මොනවදෝ කුණු හරප නම් වගයක් කිව්වා. මගේ අම්මටයි තාත්තටයිත් බැන්නා. අනේ මට මේවා ඉවසගන්න බෑ.. “

දෙනෙතින් රූරා වැටෙන කඳුළු බිඳු එලෙසම තිබියදී මිහිදුමී නැවතත් එකට ඇළවුණු පිටු කිහිපයක් අත හැර දැමුවාය. 

” අද සුභාවි ආවා. එයා ඉස්සරහා කොච්චර නෝමල් විදිහට ඉන්න හැදුවත් එයා මගෙන් දෙතුන් පාරක් ඇහුවා ප්‍රශ්නයක්ද කියලා ? මං හිටියැයින් භාගයයිලු. කලු වෙලාලු. මං කිව්වා එයාත් නැතුව තනියම හිටපු නිසා මට ස්ට්‍රෙස් වගේ කියලා. සිංදුමීගේ කරදර ගැන එයාට කියන්න බෑ. එයයි , අයියයි මීට් උනේ කාලෙකින්. ඒ දෙන්නට නිදහසේ ඉන්න දෙන්න ඕනේ. “

” මං අම්මගෙන් ඇහුවා ගෙදර එන්නද කියලා. ඒත් ඇත්ත හේතුව කිව්වෙ නෑ. එයා හිතන්නේ මං කැම්පස් එකට බය වෙලා කියලා. එයා මගේ හිත හදන්න කතා කළාට ඒ කිසි දේකින් හිත හැදුන්නෑ. 

අනේ අම්මේ.. ! මෙයාලා මට වද දෙනවා අම්මේ.. මට මේවා උහුලගන්න බෑ.. “

ඉදිරි ලියවිලි ඉතාම වේදනා සහගත බව හැඟුණත් මිහිදුමී වෙව්ලන අතැඟිලි වලින් පිටු කිහිපයක් පෙරළුවාය. 

” අනේ මගේ දකුණු අතේ අල්ල රිදෙනවා. අද උන් පස් දෙනා මාව රබර් වත්ත පාරෙදි අල්ල ගත්තා. මේන් ගේට් එකෙන් නොගිහින් මං ඒ පාරෙන් ආවෙත් එයාලව මඟාරින්න. සිංදුමී හිටියේ මාත් එක්ක පුදුම වෛරෙකින්. මං එයාට දණ ගහලා වැඳලා කිව්වා අස්නකයි , මගෙයි අතරේ කිසිම දෙයක් නෑ. එයාව මං කැම්පස් එන්න කලින් දැකලා තිබුණෙත් එක පාරයි. වචනෙකට දෙකකට වඩා මං එයා එක්ක කතා කරලා නෑ කියලා. ඒත්.. එයා ඒක ඇහුවෙ නෑ. එයා මට කිව්වා කැම්පස් නෑවිත් ගෙදර නවතින්න කියලා. අපේ අම්මලා අඳුරන නිසා කොහොමත් අස්නකගෙයි , මගෙයි සම්බන්ධයක් ඇති වෙන්න තියන ඉඩ වැඩියිලු. ඒ නිසාලු එයාලගේ ෆැකල්ට් එකේවත් නැතිව , එයාලගේ බැච් එකේ නිසාවත් නැතිව උනත් අස්නක ඇවිත් මාත් එක්ක කතා කළේ. මං කිව්වා වැඳ වැඳ කිව්වා. මං අස්නක ගැන හිතන එක නතර කරන්නං. එයාව දැක්කත් අහක බලන් යන්නං. මට කරදර කරන්නෙපා. මට කැම්පස් නෑවිත් ඉන්න බෑ කියලා. ඒත්.. එයාලා ඇහුවෙ නෑ. අම්මලගේ යාළුකම නිසා කවදාහරි මං එයාගෙන් අස්නකව උදුර ගනියිලු. උඹ .. පරට්ටි. . මේ අතින් නේද අස්නකට කවි ලිව්වේ කියල එයා මගේ දකුණු අතේ අල්ල කෙනිත්තුවා ලේ එනකන්. ඒත්.. මං ලියන්නේ වමෙන්. ඒ අතත් රිද්දගන්න බැරි නිසා මං ඉවසන් හිටියා…”

” අනේ.. සමන් දෙවියනේ.. මට බෑ. තවත් ජීවත් වෙලා ඉන්න මට බෑ. අද මං එද්දි ආපහු වතාවක් සිංදුමීලා මගේ බෝඩිමේ තිබ්බ බඩු ඇදලා දාලා. එයාගේ අතේ පේපරයක් තිබ්බා. ඒක එග්සෑම් එකට දෙන්න දොඩංගොඩ සර් පෲෆ් බලපු එකක්ලු . අද දවල් මං බාශා එක පැත්තේ ඉඳලා ගල් පිට්ටනිය  පැත්තට ආවේ අපේ ගෑනු ළමයි දෙන්නෙක්ගෙන් නෝට් වගයක් ඉල්ලගන්න.  ඒ   එද්දි ගෑනු ළමයෙක් ඇවිත් කිව්වා මට දොඩංගොඩ සර් එන්න කිව්වා කියලා. මං සර්ගේ ඔෆිස් එකට යද්දි සර් නෑ. මං ඇතුළට ගිහින් බලලා ආයේ ආවා. සමන් දෙයියන්.. මං ඇතුළේ තිබ්බ කිසි දේකට අතක් වත් තිබ්බේ නෑ. ඒත්.. සිංදුමියි , එයාගේ යාළුවොයි දිගටම කිව්වා මං දොඩංගොඩ සර් පෲෆ් බලපු පේපරේ උස්සලා කියලා. මේක එයාලා හැමෝටම කියනවා කිව්වා. එතකොට හොරකමකට හිරෙත් යන්න වෙයි කිව්වා. ආයේ කවදාවත් කැම්පස් එන්න ලැබෙන එකක් නෑ කිව්වා. මං එයාලගෙන් වැඳ වැඳ ඒක කරන්න එපා කිව්වම එයාලා මාව කාමරේට දාලා දොර වහලා යන්න ගියා. සිංදුමී කිව්වා දැන්ම කොහෙට හරි පැනලා යන්න. නැත්තන් කැම්පස් එකේ තියා කොළඹවත් ඉන්න ලැබෙන එකක් නෑ කියලා. එයා කොහොමත් අස්නකට මේ ගැන කියනව කිව්වා. අම්මගේ යාලුවෙක්ගෙ දුවෙක් දිහා බලපු විදිහටවත් අනුකම්පා කරලවත් අස්නක ආයේ මං දිහා බලන එකක් නෑ කිව්වා. 

ඒ.. ඒ .. මදිවට එයා මට අස්නකයි , එයායි මැරි කළා කියලා එයාලගේ මැරේජ් සෙටිෆිකේට් එකත් පෙන්නුවා. එයා මගෙන් ඇහුවා මං මුලින්ම කිව්වා නේද අස්නකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මම , කවදහරි එයාගේ වයිෆ් වෙන්නෙත් මම කියලා. ? අනේ.. දෙවියනේ.. මට මේක උහුලගන්න බෑ. මං.. මං අස්නකට ආදරේ කළා. කවදාවත් එයාගෙන් ආයේ ආදරයක් බලාපොරොත්තු නොවීම. ඒත්.. ඇයි මෙහෙම දෙයක් ? අනේ.. අස්නක ඇයි ඔයා මේ වගේ නපුරු කෙනෙක්ව මැරි කළේ. ? මගේ පපුව පිච්චෙනවා දෙයියනේ.. මට හුස්ම ගන්න බෑ. මගේ හුස්ම හිර වෙනවා වගේ..

අනේ මට තවත් ජීවත් වෙන්න බෑ. දැන් ඇති .. හොඳටම ඇති. මට මේවා දරාගන්න බෑ. මගේ පපුව පැළෙන්න වගේ. දොඩංගොඩ සර් පේපරේ හොයනවා ඇති. සර් deans office එකට complain කරල ,examination unit එකටත් කියල ඇති. VC office එකෙන් inquiry  තියල මාව අස් කරලම දායි.  සිංදුමී කියපු විදිහට දැන් බෝඩිමට පොලීසියෙනුත් එයි. සමන් දෙයියනේ.. මං කොහොමද අයියටයි , අම්මාටයි මූණ දෙන්නේ ? එතකොට අස්නකට ?  මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ. මට මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ. ඒත්. මං කාටමහරි මේක කියන්න ඕනේ. කාටහරි කියන්න ඕනේ. 

ශමෙල් අයියා.. ඔව් මං ශමෙල් අයියට කියනවා. කවදහරි මං නැති උනත් ශමෙල් අයියා අපේ අයියට කියයි මං ගැන වැරදියට හිතන්න එපා කියලා. මං හොරෙක් නෙමෙයි කියලා. එයා කියයි.. “

ඉන්පසුව දිනපොතේ අග දක්වාම පිටු පෙරළමින් ගියද එකදු අකුරක් හෝ මිහිදුමීගේ ඇස ගැටුණේ නැත. මින්දුලාගේ ශෝකාන්තය ලියැවුණු දිනපොත ළැම මත තුරුළු කර ගත් මිහිදුමී ඉකි ගසමින් හැඬුවාය. කෑ ගසමින් හැඬුවාය. සිංදුමීටත් , ඇගේ මිතුරු පිරිසටත් සාප කරමින් හඬා වැටුණාය. 

බොහෝ වේලාවකට පසු හිස එසවූ මිහිදුමී නැවතත් මින්දුලා අකුරු කර තිබූ අවසන් පිටුවට දෑස යොමු කළාය. 

” අන්කල් ශමෙල් ? එතකොට අන්කල් ශමෙල්ට මින්දුලා මේ දේවල් කිව්වද ? එතකොට එයා මේ දේවල් ගැන දැනගෙන හිටියද ?  අම්මයි , මාමයි තාමත් හිතන්නේ මින්දුලා නැති උනේ කැම්පස් එකේ ස්ට්‍රෙස් එකට කියලා. එතකොට හැමදේම කියන , හැමදේම මාමා එක්ක ශෙයා කරගන්න අන්කල් ශමෙල් මේවා මාමා එක්ක කිව්වේ නැද්ද ?  එහෙම නැත්තන් කියනවා කියලා කිව්වට මින්දුලාට මේවා අන්කල් ශමෙල්ට කියන්න වෙලාවක් ලැබුණේ නැද්ද ? මින්දුලා ඉන්න ඇත්තේ සෑහෙන්න අසරණ වෙලා. අන්කල් ශමෙල්ටවත් එයාට උදව් කරන්න බැරි උනාද ?  සමන් දෙයියනේ.. ඇයි මෙහෙම උනේ ?  

අනේ.. ලොකූ.. ! ඔයා මුල ඉඳන්ම මින්දුලා ගැන දැනගෙන ඉඳලා ? ඒත්.. ඔයා මට කිව්වේ මින්දුලාව දැනගත්තේ එයා මැරුණටත් පස්සේ කියලා. ඔයා මුල ඉඳන් හසරංග අයියව දැනගෙන ඉඳලා. ඒත්.. ඒ කිසි දෙයක් ඔයා මට කිව්වේ නෑ. අඩුම මං හසරංග අයියා ගැන කියද්දිවත් ඔයා මට එයාව කලින් දැනන් හිටියා කියලා කිව්වේ නෑ. මට බෑ ලොකූ.. ඇත්තටම මට බෑ.. ඇයි දෙයියනේ .. ඔයා මට මේව හැංගුවේ.. ? ඔයයි , මින්දුලායි අතරේ සම්බන්ධකමක් , යාළුකමක් නොතිබ්බත් අඩුම දැන ඇඳුනුම්කමක්වත් තිබ්බනේ ලොකූ ? ඇයි ඔයා මට මේ දේවල් හැංගුවේ දෙයියනේ.. ? මින්දුලා නැති වෙන්න කලින් මොන තරම් මානසික දුකක් විඳවන්න ඇත්ද ? ඒ දේවල් මාමා දන්නවානං ? “

බොහෝ වේලාවක් මින්දුලාගේ දිනපොත තුරුළු කර ගනිමින් හඬා වැටුණු මිහිදුමී සෙමින් එය පසෙක තබා ජංගම දුරකතනය අතට ගත්තාය. 

” අන්.. අන්කල් ශමෙල්… “

” හෙලෝ.. දුමී.. ! කියන්න දුමී.. !” 

” අන්කල් මේ දවස්වල කොළඹද ඉන්නේ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here