අවශ්‍ය දේවල්:
- දැල්ලො ග්‍රෑම් 400
- රතු ළුෑණු ගෙඩි 7-8
- සුදු ළුෑණු බික් 4-5
- ඉඟුරු තේ හැදි 1/2
- කරපිංචා කොළ 5-6
- තෙල් තේ හැදි 3-4
- තුනපහ මේස හැදි 2
- උළුහාල් තේ හැදි 1/2
- අබ තේ හැදි 1/4
- මහදුරු තේ හැදි 1/4
- කහ කුඩු තේ හැදි 1/4
- උකු පොල් කිරි මිලි ලීටර් 200-250
- සියඹලා යුෂ මිලි ලීටර් 50 -60
සාදා ගන්නා ආකාරය
- මුලින්ම දැල්ලො සෝදගන්න.රවුම් මුදු හැඩයට කපා ගන්න.
- ළුෑණු සිහින්ව ලියා ගන්න. සුදු ළුෑණු හා ඉඟුරු චොප් කර ගන්න.
- සියඹලා යුෂ සකසා ගන්න.
- දැල්ලන් කහ සහ ලුණු දමා අතගා ගන්න.
- භාජනයකට තෙල් ටිකක් දමා රත් කර අබ පුපුරවා ගන්න .
- එයට ළුෑණු එක්කර බදින්න.
- උළුහාල්, ඉගුරු, සුදු ළුෑණු, මහදුරු, කරපිංචා එක්කර බැදෙන්නට හරින්න.
- දැල්ලො එයට එක්කර ලිපේ ගින්දර වැඩි කර භාජනය පියනකින් වසා විනාඩි දහයක් පමණ රත් කර ගන්න.
- ඉන්පසු පොල් කිරි සහ සියඹලා එකතු කරන්න.
- තුනපහත් ගැළපෙන පදමට එකතු කරන්න.
- හොඳින් පිස ගන්න.
-නිබන්ධිකා-