ඉක්මනින්,රසවත් කුකුල් මස් ව්‍යංන්ජනයක් හදාගනිමුද…?
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග‍්‍රෑම් 500 ක්
- තක්කාලි ග‍්‍රෑම් 50 ක්
- අඹරාගත් ඉගුරු තේ හැදි 1 ක්
- රතු ළුණු 10 ක්
- අමු මිරිස් 2 ක්
- කරපිංචා කිනිති 2 ක්
- කුරුදු කැබලි 2 ක්
- කරාබු නැටි 5ක්
- කරදමුංගු 5 ක්
- අමු තුනපහ මේස හැදි 1/2 ක්
- බැදපු තුනපහ මේස හැදි 1 ක්
- කහ කුඩු තේ හැදි 1/2 ක්
- උළු හාල් තේ හැදි 1 ක්
- මිරිස් කුඩු මේස හැදි 2 ක්
- ලූණු රස පදමට
- තෙල් ස්වල්පයක්
- පොල් කිරි මි.ලී. 500 ක්
- දෙහි ගෙඩි 1 ක්
පිළියෙල කරන ආකාරය
- මුලින්ම කුකුල් මස් කැබලි වලට මිරිස් කුඩු, බැදපු තුනපහ, අමු තුනපහ, කහ කුඩු, ලූණු සහ දෙහි හොදින් මිශ‍්‍ර කරගන්න. මෙය කුකුල් මස් වල හොදින් තවරාගෙන පසෙකින් තබන්න.
- දැන් භාජනයකට තෙල් රත්වන්න දමා එයට ළුණු, ඉගුරු. කරපිංචා, අමු මිරිස්, කරදමුංගු, කරබු නැටි, සුදුළුණු කවලම් කර එයට තක්කාලි සහ උළුහාල්ද දමා රන්වන් පැහැය වන තුරු බැද ගන්න.
- දැන් කුකුල් මස් කැබලි මෙයට එකතු කර හොදින් කවලම් කරගන්න. මෙය පියනකින් වසා විනාඩි 10-15 ක් අතර කාලයක් හොදින් තැම්බෙන තුරු මද ගින්නේ පිසගන්න. මෙයට පොල් කිරි එකතු කර තවත් විනාඩි 10 ක් පමණ පිසගන්න.