ඉතිරි වන රතු බත් වලින් දෝසා හදමු

රතු සහල් යනු වඩාත් ගුණදායී සහල් වර්ගයක් බව ඔබ දන්නවා.විටමින් b , යකඩ , කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ පදාර්ථ වලින් රතු සහල් පොහොසත්. රතු සහල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇතිවන දැවිල්ල අඩු කිරිමට , පිළිකා වැළැක්වීමට සහ බර අඩු කර ගැනීමට උපකාරී වනවා.ඉතින් බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට වගේම රතු බත් ආහාරයට ගන්නා එතරම් කැමැත්තක් නැති ඔබට රතු බත් වලින් දෝසා හදාගන්න විදියයි අද අපි කියන්නේ. ඔබට මේ දෝසා උදේ ආහාරයට විතරක් නෙමෙයි රාත්‍රී ආහාරයට ගන්නත් පුළුවන්.ඒ වගේම ගෙදර ඉතිරි වෙලා තියන බත් වලින් උනත් මේ දෝසා හදාගන්න ඔබට පුළුවන්.

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

රතු බත් කෝප්ප 1 

සුදු හාල් පිටි මේස හැඳි 2 

පොල් කිරි කෝප්ප 1 1/ 2

රස අනුව ලුණු

සූදුරු ස්වල්පයක්

සුදු ළූණු ස්වල්පයක්

තෙල් ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි 

මුලින්ම රතු බත් කෝප්පයට සුදු ලූනු , සූදුරු සහ රස අනුව ලුණු ස්වල්පයක් එකතු කරන්න

ඉන්පසුව පොල් කිරි වලින් කොටසක් එකතු කර සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න 

සාදාගත් මිශ්‍රණයට ඉතිරි පොල් කිරි වලින් ටිකෙන් ටික එකතු කරමින් බ්ලෙන්ඩර් කරගන්න 

සකස්කරගත් මිශ්‍රණයට සුදු හාල් පිටි මේස හැදි දෙකක් එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න

ඉන්පසුව සාමාන්‍ය ආකාරයට දෝසා සකස් කර ගන්න

මේ දෝසා කන්න රසවත් පොල් චට්නි එකක් හදන විදිය ගැනත් අපි ඔබට කියන්නම් 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පොල් කප් 2

සුදුළූණු බික් 2

අමුමිරිස් කරල් 5

බී ළූණු  ගෙඩි 1

කරපිංචා

අබ

වියළි මිරිස් කරල් 2

එළවළු තෙල් මේස හැදි 2

රස අනුව ලුණු

දෙහි යුෂ

හදන්නේ මෙහෙමයි 

මුලින්ම ගා ගත් පොල් වලට සුදුළූණු, අමුමිරිස්, බී ළූණු එකතු කර රස අනුව දෙහි යුෂ එකතු කරගන්න

ඉන්පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වූ පසු වියළි මිරිස් සමග කරපිංචා හොඳින් තෙම්පරාදු කර කලින් සකස්කරගත් පොල් මිශ්‍රණය ද එකතු කර හොඳින් මිශ්‍ර  කර ළිපෙන් ඉවතට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles