ඉන්දුනීසියානු රසට බතක් සහ සලාදයක්

හැමදාම එකම රසට කන්න අපි කවුරුත් කැමති නැහැ. ඉතින් මෙන්න මේ රසම රස කෑම ඔබේ දවස වර්ණවත් කරන බවට කිසිම සැකයක් නැහැ.

ඉන්දුනීසියානු රසට බතක්

අවශ්‍ය දේවල්:

  • බාස්මතී සහල් කිලෝ 1
  • මධ්‍යම ප්‍රමාණයේ අන්නාසි ගෙඩි 1
  • බෙල් පෙපර්, රතු සහ කොළ ගෙඩි 2
  • කුඩා ඉස්සන් ග්‍රෑම් 250
  • කුරුඳු කුඩු කරගෙන තේ හැන්දක්
  • ස්ටොක් වතුර අඬු කෝප්ප එක හමාරක්
  • එළවලු තෙල් මේස හැඳි 4
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1,
  • කොත්තමල්ලි කුඩු ¼,
  • සූදුරු කුඩු ¼,
  • ලුණු මේස හැඳි 1,
  • අඹරාගත් ඉඟුරු තේ හැඳි 1,
  • අඹරාගත් සුදුලූනු තේ හැඳි 2

සාදන අයුරු:

අන්නාසි ගෙඩිය හොඳින් පොතු ගසා කුඩා කොටු හැඩයට කපා බෙල් පෙපර් ද එම ප්‍රමාණයටම කොටු හැඩ කපා ගන්න. ඉස්සන්ද පිරිසුදු කොට තම්බා ගන්න. ඉස්සන්තම්බා ගත් වතුර ගෙන බාස්මතී බත පිස ගන්න. කැටි නොගැසෙන ලෙස පිසගන්න. පසුව ලිහිල් වනතුරු කූරු ගාන්න. ඉඟුරු,සුදුලූනු, කුරුඳුපොතු, එකට ගුලියක්ව සිටින සේසකසා ගන්න.

දැන් බඳුනක් අඩු ගින්දරේ ළිප තබා එයට තෙල් වත්කරන්න. තෙල් රත්වූ පසු අඹරාගත් පේස්ට් එක දමන්න. එය බැදී සුවඳ හමන විට, ඉස්සන්, සූදුරු, කොත්තමල්ලි සියල්ලම තෙලෙන් පිසින්න. අනතුරුව පිසගත් බත ද එකතු කර හොඳින් කලවම් වන සේ අනා ගම්මිරිස් සහ ලුණු එක්කරන්න.

චීස් ක්‍රීම් එළවලු සලාදය

අවශ්‍ය දේවල්:

  • කොළ පාට ගෝවා ග්‍රෑම් 100,
  • දම්පාට ගෝවා ග්‍රෑම් 100,
  • බෙල් පෙපර් රතු සහ කොළ ගෙඩි 2,
  • ගර්කින් ගෙඩි 1,
  • සලාද ක්‍රීම්

සාදන අයුරු:

පළමුව ගෝවා සිහින්ව ලියාගන්න. බෙල් පෙපර් ද ගෙඩි පිටින් ගෙන, සිහින් තීරු හැඩයට කපා ගන්න. ඉන්පසු දීසියක් ගෙන සියල්ල එයට දමා කළවම් කර සලාද ක්‍රීම් එයමතට වත්කරන්න.

සලාද ක්‍රීම් සාදන අයුරු:

මෙයොනෙස් සෝස් මේස හැඳි 3, චීස් ක්‍රීම් මේස හැඳි 2, සුදු ගම්මිරිස් මේස හැඳි 1, දෙහි යුෂ බිංදු කිහිපයක්, ලුණු රස අනුව.

සකසන අයුරු:

මෙයොනොස් සෝස් දීසියකට දමා ගන්න.පසුව එයට චීස් ක්‍රීම්,දෙහි යුෂ ටිකක්,ලුණු ගම්මිරිස් සියල්ල කලවම් කරගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles