One pot meal සංකල්පයෙන් අපි ඔබට විවිධ රෙසිපි ගෙනත් තිබෙනවා. වළං කිහිපයක් භාවිතා නොකර ඉක්මනින් පහසුවෙන් උයා ගන්න මේ රෙසිපි කදිමයි.
කලබල දවසකට හොඳ සමබල ආහාරයක් තමයි මේ.
අවශ්‍ය දේවල්.
- තම්බා ගත් අල ගෙඩි 2
- තම්බාගත් චිකන් 100g
- තම්බා ගත් බිත්තර 2
- නුඩ්ල්ස් (පොඩි) පැකට් 1
- ලුණු ස්වල්පයක්
- ඉඟුරු,
- කහ, ගම්මිරිස්,
- අමුමිරිස් කරල්
- සුදු ළූණු සහ ළූණු
- කිරි කෝප්ප 1
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම චිකන්, අල, ලුනු ටිකක් හා කහ ටිකක් දමා තම්බා ගන්න.
- චිකන් ස්ටොක් එක එයට එකතු කරන්න එපා.
- නුඩ්ල්ස් හා බිත්තර තමිබා ගන්න.
- පසුව භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඉඟුරු, ළූණු සුදු ළූණු සහ අමු මිරිස් බැද ගන්න.
- එයට කුඩාවට කපා ගත් (තම්බා ගත්) චිකන් දමන්න. කහ, ගම්මිරිස් ටිකක් එකතු කරන්න.
- පසුව එයට තම්බා ගත් අල හොඳින් පොඩි කර එකතු කරන්න.
- එයට චිකන් ස්ටොක් එක ද දමා ගන්න.
- දැන් එයට නුඩ්ල්ස් (තම්බා ගත් වතුර සමග) එකතු කර, තම්බා ගත් බිත්තර ද කුඩා කෑලිවලට කපා ගෙන එකතු කරන්න.
- අවසානයට කිරි කෝප්පය දමා, රස අනුව ලුණු දමා ලිපෙන් බාගන්න.
-නිබන්ධිකා-