තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම
තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන්
ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ
ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා.
- ඔහු ඔබ සමග සිටින කිසිම මොහොතක් අසීරු අපහසු හෝ අසතුටුදායක නැහැ. ඔව්/නැහැ
- ඔහු ඔබේ මිතුරන් තෝරාගන්නට ඔබට ඉඩ දෙනවා. ඊට බලපෑම් කරන්නේ නැහැ. ඔව්/නැහැ
- ඔහු නිරන්තරයෙන් ම ඔබට හොඳින් සවන් දෙනවා. ඔව්/නැහැ
- ඔහු ඉතා විශිෂ්ට පොළඹවන්නෙක්. ඔව්/නැහැ
- ඔහු නිරන්තරයෙන් ම ඔබේ අනාගත දියුණුව දකින්න කැමතියි. ඔව්/නැහැ
- ඔහු ඔබට අවශ්‍ය නිදහස දෙනවා. බලපෑම් කරන්නේ නැහැ. ඔව්/නැහැ (ඇඳුම් අඳින එකට/කෑම තෝරාගැනීම්/ගමන් බිමන් යාම)
- ඔබ නොකියා සිටියත් ඔබේ අවශ්‍යතා ඔහු අවබෝධ කරගන්නවා. ඔව්/නැහැ.
- ඔබට සහාය අවශ්‍ය හැම මොහොතක ම ඔහු ඔබ ගැන සැලකිලිමත් වෙනවා. ඔව්/නැහැ
- ඔහු ඔබ සමඟ ඔහුගේ අදහස්, හැඟීම්, අවශ්‍යතා හොඳින් බෙදාගන්නවා. ඔව්/නැහැ
- ඔබ යම් අපහසුවක/අසීරුතාවක සිටින මොහොතක දී සංයමයෙන් ඊට විසඳුම් ලබාදෙනවා. ඔව්/නැහැ
- ඔහු ඔබව අගය කරනවා. අන් අය සමඟ ප්රශංසාත්මකව ඔබ ගැන කතාකරනවා. ඔව්/නැහැ
- ඔහු ඔබව විවේචනය කරන්නේ නැහැ. අඩුපාඩු ආදරයෙන් කියා දෙනවා. ඔව්/නැහැ
- ඔහු ඔබට, ඔබේ දෙමව්පියන් සහ නෑ හිතවතුන්ට ගරු කරනවා. ඔව්/නැහැ
- ඔහු වගකීම්සහගතව කටයුතු කරනවා. ඔව්/නැහැ
- ඔහු ප්රශ්නවල දී අනවශ්‍ය ලෙස කලබල වන්නේ නැහැ. ප්‍රශ්නවලට ඉවසීමෙන් මුහුණ දෙනවා. ඔව්/නැහැ
ඉහත ගුණාංග අඩුම තරමින් 10කට ඔබේ උත්තරය ඔව් නම් ඔහු ඔබේ සහකරුවා වීම කිසිසේත් ම ගැටළුවක් නැහැ.
– නිරංජලා –