2020 ට මෙහෙම අඩිය තියමු..

අලුත් අවුරුද්ද අදින් ඇරඹෙනවා.ගෙදර වෙනස් කරන හැටි, අලුත් අලුත් කෑම හදන හැටි ගැන අපි කතා කරාට අපේ ආකල්ප වෙනස් කර ගැනීමත් ඒ වගේම වැදගත්.

අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙන්න මෙහෙම ආකල්ප වෙනස් කර ගනිමු..

1. හිතට කරදර දෙන අයව අයින් කරන්න –

ඔබේ ජීවිතය ගැන ඕනෑවට වඩා වද වෙන, නිතරම අඩුපාඩු හොයන,කේලම් කියන නරක අය ගැන වද වෙමින් ඉන්නවට වඩා එයාලව ජීවිතේ ඔබේ රවුමෙන් අයින් කරන්න. සැනසීම ලැබෙයි.

2. නරක පුරුදු තේරුම් ගන්න.

සුදු මිනිස්සු හෝ කළු මිනිස්සු මේ ලෝකේ නැහැ. ඉන්න හැමෝම අළු පාට අය. ඒත් කළු පාටට වැඩිය එළියට එන්න නොදී ඉමු. නරක පුරුදු තේරුම් අරන් ඒවා නිවැරදි කර ගනිමු.

3. නිවැරදි අරමුණු පවත්වා ගනිමු.

අරමුණු ගොඩක පැටලිලා ඒවා ළඟා කරගන්න දඟලනවට වඩා හොඳ නැද්ද මේ අවුරුද්දේ නිශ්චිත අරමුණු තේරුම් අරගෙන ඒවා වෙනුවෙන් වෙහෙසීම.

4. සමාව දී අත් හරින්න.

පරණ තරහ මරහ හිතේ තියාගෙන මේ අවුරුද්ද පටන් අරන් මොකටද?
හිත රිදවපු අයට සමාව දීලා අමතක කරන්න.

5. අලුත් ආරම්භයක් ගන්න.

මේ අවුරුද්ද විශේෂ වෙන්න අලුත් වැඩක් මේ සතියෙම පටන් ගන්න.අලුත් පාඨමාලාවක්, උපාධියක් පටන් ගන්න එක ගැන හිතන එක, ගෙදර අලුත් කිරීමක් , විවාහය,දරුවෙක්.. මේ වගේ ඔබේ අලුත් පියවරක් ගැන මුල්ම සතියේ ප්ලෑන් කර ගන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles