බලන්න ලස්සන නියපොතු ඔබටත්

කාන්තාවක් හැටියට සොබාදහමින් ම උරුම වුණ  අලංකාර නිය පෙළකට ඔබත් හිමිකම් කියනවා ඇති. ඒත් ඔබේ දෑත්වල සහ දෙපාවල පිහිටා ඇති නිය පෙළ ගැන ඔබ විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනවාද?‍ එහෙමත් නැත්නම් ඔබ ඒ ගැන සැලකිලිමත් නොවීම නිසා ඔබේ නියපෙළ ගැන දැනටමත් ඔබ පසුතැවිල්ලෙන් පසුවෙනවාද?

ඔබේ වයස කවර මට්ටමක තිබුණත් ඔබේ නියපොතු පෙළ හැමදාම එකම විදියට පවත්වාගන්න ඔබට බැරි නැහැ. අවශ්‍ය වන්නේ ඒ ගැන ඔබ දක්වන සැලකිලිමත්බව විතරයි. රූපලාවන්‍යය ගැන උනන්දු වෙන බොහෝ කාන්තාවන් පවා නිය පෙළට දක්වන සැලකිල්ල මුහුණ, හිසකේ සම ගැන දක්වන සැලකිල්ල තරම් ප්‍රමාණවත් නැති අවස්ථා තියෙනවා. එහෙම කියන්න වෙන්නෙ සමහර ලස්සන හිසකෙස් තියෙන, පැහැපත් සමක් තියෙන කාන්තාවන්ගෙ පවා නියපෙළ දුර්වර්ණව තිබෙන අවස්ථා දකින්න ලැබෙන නිසයි.මේ තත්ත්වය වෙනස් කරගන්න අද සිට ක්‍රියාත්මක වෙන්න ඔබත් සූදානම් ද? ඒ සඳහා ඔබට මේ කරුණු කිහිපය ඉතා වැදගත් වේවි.

විටමින් බහුල ආහාර වේලක් ගන්න

ශරීරයේ විටමින් ප්‍රමාණය අඩුවු‍වහොත් ඔබේ නියපොතු අවපැහැ ගැන්වෙන්නට ඉඩතියෙනවා. මේ නිසා විටමින් ඇති කිරි, බිත්තර, ධාන්‍ය, කොළ පැහැති එළවළු, කැරට්, බතල, වට්ටක්කා, දොඩම්, ගස්ලබු අඹ වැනි දේ ඔබේ ආහාර වේලට නිතර නිතර එක් කරගන්න.

කලට වේලාවට නියපොතු කපන්න

දිග නියපොතුවලට සමහරවිට ඔබ කැමති ඇති. සමහර අයගේ දෑත් සහ දෙපාවලට දිග නියපොතු ගැළපෙන්නේ නැහැ. ඔබේ ඇඟිලි සිහින් සහ උස් සවභාවයක් ගන්නවා නම් ඔබ නියපොතු දික්ව වැවීමෙන් සමහර විට නොගැළපෙන්නට ඉඩ තිබෙනවා. මෙය එක් එක් අයගේ රුචිකත්වය මත ම තීරණය කරන්න එපා. ඔබේ ශරීරයේ සුන්දරත්වය වැඩිදියුණු වෙන විදියට නියපෙළ පවත්වා ගන්න ඔබට ඇති අවබෝධය අඩු නම් ඒ ගැන රූපලාවන්‍ය උපදෙස් නිවැරදි තැනකින් ලබාගන්න. සමහර අයට නියපොතු දිගට වවන්නට කොහෙත්ම බැහැ. එයත් උපතේ සිට තමන්ට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් නිසා හෝ අවශ්‍ය කැල්සියම් මට්ටම ශරීරයේ නොමැති නිසා වන්නට පුළුවනි. කෙසේ වෙතත් කලට වේලාවට කපා පිරිසිදු කර හැඩට නියපොතු තබාගැනීම අත්‍යවශ්‍යයි.

නියමහට තෙතමනය රැ‍‍ඳෙන පරිදි තබාගන්න

ඔබේ නියපොතුවලට තෙතමනය කොහෙත්ම අවශ්‍ය නැති වුණත් නියමහට තෙතමනය අත්‍යවශ්‍යයි. එහෙම නොවුණොත් නියමහ වියළීමෙන් දෙපැත්තෙන් නියපොතු කැඩී ඉරී යාම නිසා ඔබට දැඩි වේදනාවක් ඇතිවන්නට පුළුවනි. මෙය ඔ‍‍බේ ශරීරයේ උෂ්ණත්වය  ඉහළ ගිය විට සිදුවන අයහපත් තත්වයක්.

නියපොතු පිරිසිදු කරන්නට බේකිං සෝඩා යොදාගන්න

ඔබේ දෑත්වලට සාමාන්‍ය සේදීමකින් නියපොතු පිරිසිදු වුණත්, දෙපාවල නියපොතු ඊට වඩා වැඩි සත්කාරයක් නිතරම අපේක්ෂා කරනවා. තෙත බුරුසුවක් මතට බේකින් සෝඩා ගෙන දෙපාවල නියපොතු පිරිසිදු කිරීමෙන් විශාල වෙනසක් ඔබේ දෙපාවලට ගෙන දේවි. මීටත් වඩා අමතර පිරිසිදු කිරීමක් අවශ්‍ය නම් ඊට පෙරොක්සයිඩ් බිංදු කිහිපයක් හෝ දෙහි බිංදු කිහිපයක් එක් කරගත හැකියි.

නියපොතු නිවැරදි ආකාරයට පීරි ගාන්න

ඔබේ නියකපනයේ ඇති පීරිගාන කොටස භාවිත කරන විට එය හොඳ අවධානයෙන් සිදු කළ යුතුමයි. කිසිවිටෙකත් ඉතා රළු සහ කලබලකාරී ලෙස පීරිගෑම් ‍කරන්න යන්න එපා. එය ඉතා සංයම‍යෙන් සහ මෘදුව කළ යුතු කාර්යයක්.

නියපොතු ඔපදමන්න

මෙයත් ඉතාම පරිස්සමින් කළ යුතුයි. වැඩිපුර ඔපදමන්නට ගොස් නියපොතුවල ස්වභාවික ශක්තිය සහ අලංකාරයට හානි සිදුකරගන්නට යන්න එපා.

නියපොතු ආරක්ෂා කරගන්න

නිවසේදී ඔබට රෙදි සෝදන කුඩු සබන්, සෝදන දියර, පිරිසිදුකාරක ආදිය භාවිත කරන්නට නිතර නිතර සිදුවෙනවා. මේ නිසා ඔබේ නියපොතුවලට සිදුවන හානිය වළක්වා ගැනීමත් ඔබ සිතනවාට වඩා පහසුයි. ඔබ කළ යුත්තේ ඒ හැම කටයුත්තක දී ම අත්ආවරණ පැළඳීම පමණයි. එය තරම් ආරක්ෂිත වෙනත් ක්‍රමයක් නැහැ.

Nail Polish Remover භාවිතය අවම කරන්න

රිමූවර් වල ඇති ඇසිටෝන් නම් රසායනිකය ඔබේ නියපොතුවල ස්වභාවික ගුණය විනාශ කරන්නට ඉඩ තියෙනවා. මේ නිසා ඇසිටෝන් රහිත රිමූවර් එකක් භාවිත කරන්නට වගබලාගන්න. වෙළඳ පොළේ ඇති කාබනික Nail Polish  භාවිතය පමණක් භාවිත කරන්න. මඳක් මිළෙන් අධික වුවත්, කාබනික Nail Polish  භාවිතය ඔබේ නිය පෙළ හොඳින් ආරක්ෂා කර දෙනු නිසැකයි. නියපොතුවල පැවැත්ම ගැන වැඩියෙන් හිතන ඔබට තත්ත්වයෙන් බාල නිය ආලේපන භාවිතය කොහෙත්ම සුදුසු නැහැ.

නි‍යපොතු නිදහසේ තබන්න

නියපොතු සැපීම, නියපොතු කැපීමේ දී කොන් ඇද දැමීම වැනි දේ නිසා ඔබේ නියපෙළ අසාමාන්‍ය ලෙස විකෘති වන්නට පුළුවනි. එවැනි පුරුදුවලින් ඉක්මණින්ම අත්මිදෙන්න. නිය ආරක්ෂණ ආලේප භාවිතකරන්න. මෙය අත්‍යවශ්‍ය වන්නේ ඔබේ නියපෙළට දැනටමත් නිරන්තරයෙන් නිය ආලේපන භාවිත වනවා නම් එහිදී ඇතිවන රසායනික බලපෑම්වලින් නිය පෙළ බේරාගන්නටයි. සුන්දර නියපෙළක් කියාපාන්නේ යුවතියකගේ සුන්දරත්වය විතරක් ම නොවෙයි.

 

Related Articles

Don't Miss


Latest Articles