ඇහිබැම සකසන්න ඕනෑ සැලෝන් එකට උවමනා විදියට ද?

ලස්සනට ඉන්න කැමති හැම ගෑනු ළමයෙක්ම වගේ ඇහිබැම සකස් කරනවාමයි. මේ ඇහිබැම හදන වැඩේ සැලෝන් එකටම පවරලා පාඩුවේ ඉන්න එපා.

ඔබ ගැන ඔබ දැනුවත් විය යුතුයි.

ඔබේ ඇහි බැම අඩු වුවත්, කෙස් අක්‍රමවත්ව පිහිටා තිබේ නම් ඒවා ගලවා දමන්න මැලි වෙන්න එපා.

ඇහි බැම වඩවා ගැනීම සඳහා ඔලිව් තෙල් හෝ එඬරු තෙල් ස්වල්පයක් ඇහි බැම මත ගල්වා රාත්‍රියේදී සම්බාහනය කරන්න. මෙය දිනපතා එක දිගට මාස 3ක් පමණ කරන්න.

ඇහි බැමේ අඩුව වසා ගැනීමට අයි බ්‍රෝ පැන්සලක් භාවිතා කරන්න. ඔබේ ඇහි බැමේ වර්ණයේම පැන්සලක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න.

මුහුණේ හැඩයට ඇහි බැම සකසන්න

කුඩා මුහුණකට ඇහි බැම සිහින්ව සැකසීම ගැලපෙනවා.

පැහැපත් මුහුණකට ගැලපෙන්නේ ඝන ඇහි බැමක්.

රවුම් හෝ විශාල මුහුණු වලට ගැලපෙන්නේ පළල් ඇහි බැමක්

ඕවල් හැඩැති  මුහුණකට ගැලපෙන්නේ පළලට පටන් ගෙන අවසානය සිහින් වන ස්වභාවයේ ඇහි බැමක්.

කුඩා මුහුණක් හිමි අයට සහ කුඩා හෝ ගිලුණු ඇස් පිහිටි අයට ගැලපෙන්නේ සිහින් ඇහි බැමකුයි

Related Articles

Don't Miss


Latest Articles