සම පැහැපත් කරමින් සුවිශේෂී වාසි රැසක් ලබා දෙන කස කසා ඇට ෆේස් ජෙල්

ලස්සන පිවිතුරු සමක් හිමි කර ගැනීම කාන්තාවන් බොහෝ විට උත්සහා කරන කාරණාවක්.ඒ නිසාම අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබේ  සම පැහැපත් කරන ෆේස් ජෙල් එකක් පිළිබඳවයි.ඒ විශ්මිත ගුණ ලබා දෙන කස කසා ඇටවලින් සකසා ගන්නා ෆේස් ජෙල් එකක් පිළිබඳවයි.

කස කසා ඇට පානයක් වශයෙන් ද ඉතා ගුණදායි දෙයක් වන අතර කස කසා 100g කින් ඔබට ලබා ගත හැකි පෝෂණ ගුණ බොහොමයක් තිබෙනවා.ඒවා නම් ,

• ශක්තිය කිලෝ කැලරි 525

• කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 28.13

• ප්‍රෝටීන් ග්‍රෑම් 17.99

• මේදය ග්‍රෑම් 41.56

• තන්තු19.5

• ෆෝලේට් මයිකෝ ග්‍රෑම් 82

• නියසීන් මිලිග්‍රෑම් 89

කස කසා ඇටවල ගුණ

  • ශරීරයේ තිබෙන උණුසුම පාලනය කිරීම
  • ඔබට ඇත්තේ ඉතා උණුසුම් සහිත ශරීරයක්
  • ශරීරයේ පවතින මේද ප්‍රමාණය අඩු අඩු කිරීම
  • තරුණකම රැක දෙමින් සම පැහැපත් කිරීම
  •  මැරුණු සම ඉවත් කරමින් සිනිඳු සමක් ලබා දීම
  • ශරීරයේ කොලැජන් ප්‍රමාණය ආරක්ෂා කිරීම

කස කසාවලින් සකසා ගන්නා ෆේස් ජෙල් එක සකසා ගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍

  • කසා කසා ඇට – මේස හැඳි 3ක්
  • කෝමාරිකා ජෙල් – මේස හැඳි 2ක්
  • fresh milk – මේස හැඳි 1ක්

 සාදා ගන්නා ආකාරය

කස කසා ඇට පැය දෙකක් පමණ වතුරේ දමා  පෙඟෙන්න තබන්න.

මෙහිදී මේස හැඳි තුනක  පමණ කස කසා ඇට වතුර කෝප්ප එකකට පමණ ප්‍රමාණවත්.

පසුව  කසා කසා ඇට වතුර බේරා ඉවත් කර ගෙන පෙඟෙන්න තිබූ වතුර ටික පෙරාගෙන උණු කරගන්න.

ඉන්පසු එම උණු කරගත් කස කසා වතුර එක නිවෙන්න තබා එයට කෝමාරිකා ජෙල්  මේස  හැඳි  දෙකක් පමණ එකතු කරගෙන පෙර  අප  පොඟවාගත් කසා කසා ඇට ටික මෙයට එකතු කරන්න.

ඉන්පසු  එයට fresh milk එකතු කරන්න.

මේ සියල්ලම එකතු කරගත් පසු ජෙල් එක සකසා ගන්න පුළුවන්.

විශේෂ කරුණු

ශීතකරණයේ තබාගෙන සතියක් පමණ මෙය  පාවිච්චි කරන්න පුලුවන් .

සමේ පවතින  ආසාදන සඳහාද මෙය ඉතා සුදුසුයි

මෙම කස කසා ජෙල් එක උදෑසන හෝ රාත්‍රි කාලයේ භාවිතා කිරීම වඩාත් සුදුසුයි

 වඩාත් හොද ප්‍රථිපල සදහා දිනපතා භාවිත කළ යුතුය.

මේ face gel එක භාවිතා කර ඔබත් සුන්දර සමක හිමිකාරිණියක් වන්න.

Related Articles

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...