වියළි හිසකෙස් වලට හේතු සහ ප්‍රතිකාර…

හිසකෙස් වියලීමට ලක්වීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා ඔබ දන්නවා. මේ විදිහට හිසකෙස් වියලීමට ලක් වෙන්න විවිධ හේතු තියෙනවා. ඒවායෙන් බොහෝ හේතු එදිනෙදා ජීවන රටාවේදී අප කරන වැරදිමයි. ඉතින් වියලීමට ලක්වන හිස කෙස් වල තෙතමනය රඳා පවත්වා ගන්නේ කොහොමද ? එවැනි හිසකෙස් වලට සත්කාර ලබා දෙන්නෙ කොහොමද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු

හිසකෙස් වියලීමට ලක් වෙන්නේ ඇයි ? 

මෝස්තර මෙවලම් අධික ලෙස භාවිතා කිරීම 

hot rollers, curlers, flat irons, සහ blow dryers එවැනි හිස කෙස් වල මෝස්තර නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෙවලම් වලින් හිස කෙස් වලට අධික උණුසුමක් නිකුත් කෙරෙනවා. එදිනෙදා ජීවිතයේදී මෙවැනි මෙවලම් භාවිතා කිරීම නිසා ඔබේ හිස කෙස් දැඩි ලෙස වියලෙන්නට පුළුවන්

පාරිසරික තත්වයන් 

ඔබේ හිසකෙස් අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම , පරිසරයේ පවතින විවිධ විෂ දුම් වලට නිතර නිරාවරණය වීම සහ වියළි සුළඟට නිරාවරණය වීම වැනි විවිධ පාරිසරයක තත්ත්වයන් වලට ලක් වීම නිසාත් හිස කෙස් වියලීමට ලක්වනවා.

ෂැම්පු කිරීම 

නිතර ෂැම්පු කිරීමත් ඔබේ හිස කෙස් වියලීමට හේතුවක් වෙනවා.ෂැම්පු වල අඩංගු වන විවිධ රසායනික ද්‍රව්‍ය හිසකෙස් මත විවිධ ආකාරයෙන් ක්‍රියා කිරීම සහ ෂැම්පු කිරීමෙන් පසු කන්ඩිෂනර් නොකිරීම නිසා හිසකෙස් හානියට පත්වීමේ හැකියාව වැඩිවනවා.මෙමගින් හිස කෙස් වියළි, අඳුරු සහ පණ නැති ස්වභාවයක් ගන්නවා.

ගුණාත්මක භාවයකින් තොර පනා සහ බ්‍රශ් භාවිතා කිරීම 

නොගැලපෙන කෙඳි , ප්ලාස්ටික් සහ ලෝහ වලින් නිපදවන ලද පනා සහ බ්‍රශ් වලින් නිතර හිසකෙස් පීරීම නිසා හිසකෙස් වියලීම සහ කැඩීමට ලක් වීමේ හැකියාව තියෙනවා.

බ්ලීච් කිරීම

බොහෝ රූපලාවණ්‍යාගාර වල හිස කෙස් වර්ණ ගැන්වීමට පෙර හිස කෙස් බ්ලීච් කිරීම සිදු කරනවා. මෙය හිස කෙස් වලට විය හැකි ඉතාම හානිදායක තත්ත්වයක්. එම ක්‍රියාවලියේදී ඉතාම සැර රසායනික ද්‍රව්‍ය මගින් හිසකෙස් වල ස්වාභාවික තෙතමනය  ඉවත් කරනවා. මෙමගින් හිස කෙස් දැඩි ලෙස වියලීමට ලක්වීම සහ පසුකාලීනව හිසකෙස් කැඩී යාම සහ හානියට පත් වීම සිදු වෙනවා.

හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගන්නේ කොහොමද ?

මොයිස්චරයිසින් ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරන්න

ඔබ ෂැම්පු වර්ග තෝරා ගැනීමේදී ඔබේ හිස කෙස් වර්ගය සඳහා වඩාත් සුදුසු තෙතමනය ආරක්ෂා කරන අමුද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගන්න. ඒ වගේම කන්ඩිශනර් කිරීමේදි leave-in conditioners හෝ hair moisturizers තෝරා ගන්න. 

සීතල වතුරෙන් ස්නානය කරන්න

උණු වතුරෙන් ස්නානය කිරීමෙන් සහ ඔබේ හිසකෙස් සේදීමෙන් හිසකෙස් වල ස්වාභාවික තෙතමනය සහ ස්වභාවික තෙල් ඉවත් වෙනවා. ඒ නිසා ඔබේ හිස කෙස් ඉක්මනින් කැඩෙන සුළු , වියළි සහ ගැලවී යන සුළු වනවා. නමුත් සීතල වතුරෙන් හිසකෙස් සේදීම සහ ස්නානය කිරීම මගින් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරමින් හිස් කබල වියලීම පාලනය කරනවා. ඊට අමතරව සීතල වතුර මගින් හිස්කබලේ සිදුරු අවහිර කරමින් අපිරිසිදු ද්‍රව්‍ය හිස් කබලට ඇතුළු වීම වළක්වනවා.

Hair serum 

ඔබට එදිනෙදා ජීවිතයේදී හිස කෙස් මෝස්තර මෙවලම් අධික ලෙස භාවිතා කිරීමට සිදුවන කෙනෙක් නම් තරමක් දුරට හෝ ඔබේ හිස කෙස් වියලීමට ලක්වීම වළක්වා ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට hair serum එකක් භාවිතා කරන්නට පුළුවන්. Hair serum මඟින් අධික උෂ්ණත්වයෙන් ඔබේ හිස කෙස් වලට හානි වීම පාලනය කරන අතර දිනපතා හෙයා සීරම් එකක් භාවිතා කිරීම මගින් ඔබේ හිස කෙස් ගැලවී යාම අවම කර හිසකෙස් සිනිඳු සහ දීප්තිමත් කරනවා.

Hot Styling Tools භාවිතය සීමා කරන්න

Hot Styling tools මඟින් ඔබේ හිසකෙස් වලට නිකුත් කෙරෙන අධික තාපය නිසා ඔබේ හිසකෙස් වලට සිදුවන හානිය පිළිබඳව අපි ඔබට ඉහතදිත් පැවසුවා. ඒ වගේම හිසකෙස් වියළා ගැනීම සඳහා ඔබ භාවිතා කරන උපකරණ පවා එසේමයි.ඒවා මගින් ඔබට පහසුවක් ගෙන දුන්නත් ඇත්ත වශයෙන්ම ඒවා මගිනුත් හිසකෙස් වලට සිදු කරන්නේ විශාල හානියක්.ඒ නිසා එවැනි අධික තාපය සහ උශ්ණත්වය සහිත උපකරණ භාවිතය හැකි තාක් සීමා කරන්න

Deep Conditioning Hair Mask එකක් භාවිතා කරන්න

සති පතා ඔබේ හිසකෙස් වලට hair mask එකක් භාවිතා කිරීමෙ හැකියාවක් ඇත්නම් එය ඔබේ වියළි හිසකෙස් වලට ඉතාම හොඳ ප්‍රතිඵල ගෙන දේවී.මී පැණි , බිත්තර කහ මදය වැනි අමුද්‍රව්‍ය ඔබේ හිසකෙස් සඳහා භාවිතා කල හැකි hair mask වලට යොදා ගැනීම සුදුසු වෙනවා.ඒවා මගින් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කිරීම , තෙතමනය ලබා දීම , විවිධ හානිකර තත්ව වලින් හිසකෙස් ආරක්ශා කිරීම , හිසකෙස් දීප්තිමත් සහ මෘදු කිරීමත් සිදු කරනවා.

පෝෂණීය තෙල් වර්ග භාවිතා කරන්න

හිසකෙස් වියළීමට ,  කැඩී යාමට සහ ශක්තිමත් නොවීමට ප්‍රධානම හේතුව නිසි පෝශණයක් නොමැති වීම සහ නිසි ලෙස සත්කාර නොකරමින් තෙතමනය ආරක්ෂා කර නොගැනීමයි.පොල් තෙල් , ආමන්ඩ් තෙල් , අලිගැටපේර තෙල්, ඔලිව් තෙල් , එඬරු තෙල් සහ ආගන් තෙල් ඔබේ හිස කෙස් පෝෂණය කර ගැනීම සඳහා භාවිතා කල හැකි හොඳම තෙල් වර්ග ලෙස සැලකෙනවා.සතියකට වරක්වත් මෙවැනි තෙල් වර්ගයක් මගින් ඔබේ හිසකෙස් වලට හොඳ තෙල් සත්කාරයක් ලබා දීම මගින් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර ගැනීමට පමණක් නොව අමතර පෝෂණයක්ද ලබා දිය හැකි වෙනවා.

දිදුලන සහ නීරෝගිමත් කෙස් කලඹක් කියන්නේ තරුණියකගේ පෙනුම තවත් ඔප් නංවා ගන්න පුළුවන් තවත් දෙයක්. ඉතින් මේ ලිපියෙන් අපි ඔබත් එක්ක සාකච්ඡා කලේ බොහෝ තරුණියන්ට තියෙන ගැටලුවක් වෙන වියළි හිසකෙස් සහ ඒවාට පහසුවෙන් කල පිළියම් කිහිපයක් ගැනයි. 

Related Articles

Don't Miss


Latest Articles