බෙඩ් ටයිම් ස්ටෝරි – 26

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

ඈත අප්‍රිකාවේ හරිම දුප්පත් ගෙදරක පුංචි පුතෙක් ඉපදුණා.එයාට ලස්සන දීප්තිමත් ඇස් දෙකක් තිබුණා.ඒත් එයාට තිබුනේ එක නිරෝගී පාදයක් විතරයි . අනිත් පාදය එයාට ප්‍රයෝජනයට ගන්න හැකි මට්ටමේ තිබුනේ නැහැ .හුඟක් අය හිතුවේ ඒ දරුවගෙන් කිසිම වැඩක් නැහැ කියලා.ඊටත් වඩා සමහරු හිතුවා ඒ දරුවාට ශාපයක් වැදිලා කියලා .ඒත් අම්මා අම්මා මේ කිසිම දෙයක් ගණන් ගත්තෙ නැහැ. එයා තමන්ගේ කුළුඳුල් සිඟිති පුතාට ලස්සන නමක් තිබ්බා .ඒ නම තමා එම්මානුවෙල්. තේරුම මෙන්න මේකයි, දෙවියන් වහන්සේ අප සමඟයි .

එම්මානුවෙල් ට අම්ම මෙන්න මෙහෙම කිව්වා.

“පුතේ ඔයාට ඕන දෙයක් ලබාගන්න පුළුවන් .හැබැයි ඒ හැම දේම ඔයාගේ ශක්තියෙන් තමයි කරගන්න ඕනි” .

ඉතින් ඒ පුතා දණගාන්න, උඩ පනින්න , ගස් නගින්න මේ හැම දෙයක්ම ඉගෙන ගත්තා .ඒ විතරක් නෙවෙයි. එයා තනි කකුලෙන් පැන පැන ඉස්කෝලේ යන්නත් පටන් ගත්තා .ඒක දුර ගමනක් වුනත් එයා තමන්ගේ උත්සාහය අත ඇරියේ නැහැ .

මුලදී කිසිම ළමයෙක් එයා එක්ක සෙල්ලම් කරන්න ආවෙ නැතත් පස්සෙ එයා පාසලේ ජනප්‍රිය ළමයෙක් වුණා එයා විවිධ වැඩ කරලා හම්බකරපු සල්ලි වලින් එයා බයිසිකලයක් මිලදී ගත්තා තනි කකුලෙන් එක පදින්න පටන් ගත්තා .එම්මානුවෙල් ට හැමදාම ඕන වුණේ විශේෂිත චරිතයක් වෙන්න. එයාට ඕනි මේ බයිසිකලෙන් දිග ගමනක් යන්න .ඔන්න ඔය විදියට එයා එක්ක කලබලකාරී වීදි දිගේ බයිසිකලේ පැදගෙන කියා ගියා ඊට පස්සේ වැසිවනාන්තර කඳුකර පළාත් වගේම බොර වතුර පිරුණු මහ ගොහොරු හරහාත් ගමන් කලා.හැම තැනම ඇවිද්දා.මේ හැම එකටම එයාට තිබුණේ එක ම එක කකුලක් විතරයි . සරත් ළමයෙක් හැටියට සලකනු ලැබූ එම්මානුවෙල් දැන් ජාතික වීරයෙක් .

මේ එම්මානුවෙල් ඔෆෝසු යෙබෝවාගේ සත්‍ය කතන්දරය.පුංචි පොඩිත්තන්ට ජීවිතේ දිරිය ගෙනෙන ලස්සන කතන්දරයක් වේවි. එම්මානුවෙල් අද ලෝකයේ වීරයෙක්.ආබාධිත බව නිසා ජීවිතේ ආපස්සට නොගිය කෙනෙක් .

චූලානන්ද සමරනායක මහතාගේ එම්මානුවෙල් ගේ සිහිනය නම් පරිවර්තන පින්තූර කතාවක් ඇසුරෙන් .

චම්මි

Related Articles

Don't Miss


Latest Articles