අඩු වියදමකින් හිසකෙස් සත්කාරයක්..

ළූනු වලින් හිසේ කෙස් ඉක්මනින්ම වවා ගැනිමටත් ,හිසකෙස් යන එක නවතා දැමීමටත් හෙයා ජෙල් එකක්.ළූණු නම් ඒත් මේ දිනවල මිල අධික දෙයක්….ඒත් එක ගෙඩියක් නිසා ලොකු මුදලක් යන්නෙ නැහැ

අවශ්‍ය  දේවල්

  • රතු ළුණු ගෙඩි 1
  • කෝමාරිකා ජෙල් මේස හැදි 2
  • එඩරු  තෙල් මේස හැදි 1 (castor oil)
  • විටමින් e  කරල් 1

සාදන ක්‍රමය

  1. මුලින්ම ළුණු ගෙඩිය ඉතාමත් පොඩි කැබලි වලට කපා ගන්න .
  2. පසුව බ්ලෙන්ඩර් කර ළුණු යුෂ ටික පෙරා ගන්න .
  3. දැන් අමු ද්‍රව්‍ය සියල්ලම හොදින් කලවම් කරන්න.
  4. පසුව පොඩි කප් එකකට දමාගන්න.
  5. මෙම ආලේපනය කොන්ඩේ සහ හිස් කබලේ හොදින් ආලේප කරගන්න .
  6. පැයක් පමණ කාලයකින් පසු සෝදා හරින්න .
  7. වෙනදා පරිදි ෂැම්පු හා කන්ඩිෂනර් දමා සෝදාගන්න.
  8. සතියට දවස් 2ක් මේ සත්කාරය සිදු කරන්න.

මෙම ජෙල් එක කාමර උෂ්ණත්වය යටතේ දවස් 25 –     30 තබා ගැනීමට පුලුවන් .

ළූණු වල ගුණ….

ළූණු වල සල්ෆර් විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙනවා.  හිසකෙස් වර්ධනය කිරීමට උපකාරී වෙනවා .
ළූණු යුෂ හිස් කබලේ ආලේප කිරීමෙන් ලේ ගමනාගමනය සක්‍රීය වන අතර  රෝම කූප වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම විෂබීජ සහ පරපෝෂිතයන්ගෙන් සිදුවන හානි වලක්වන්නත් ළුණු   වලට හැකියාව තිබෙනවා. ළූණු  යුෂ ආලේපනය කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් හිසකෙස් වලට හෝ හිස් කබලට සිදු වන්නේ නැහැ.

කෝමාරිකා

හිසකෙස් වල තෙතමනය නිසි ලෙස ආරක්‍ෂා කර දෙන කෝමාරිකා භාවිතා කර හිසකෙස් වල ඝන වර්ධනය ඉක්මණින්ම සිදු කර ගන්නට පුළුවන්.

එඬරු තෙල්.

එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය නිසා හිසමතුපිට ආම්ලිකතාවය පාලනය කර හිසකෙස් ඇතුළතින්ම පෝෂණය කරනවා.

විටමින් E

විටමින් E වලට පුළුවන්  හානි වුනු රෝම කූප නැවත යතා තත්වයට පත් කරන්න. විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඔබේ හිස් කබලේ රුධිර සංසරණ වේගය ප්‍රාණවත් කර, හිස කෙස් වලට පෝෂණය සපයනවා.

-චම්මි-

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content