ඔබේ නිවසට අවශ්‍ය හොඳම ” සබන් කැටය” තෝරා ගැනීමට ඔබත් දක්ෂයෙක් වෙන්න.

අපේ ගෘහනියන් එදිනෙදා ජීවිතයේදී භාවිත කරන දේවල් වල සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒකට හේතුව තමයි අද ලෝකයේ රසායනික දේවල් වැඩිපුර භාවිත කිරීම හා ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙද පොළ තුල වැඩි පුර සංසරණය වීම. මෙහිදී නිෂ්පාදකයන් වැඩිපුර ලාභ ලබා ගැනීමේ අරමුණින් තමයි එලෙස කටයුතු කරන්නේ.

ඔබ නිවසට සතිපතා මිලදී ගන්නා සබන් නිෂ්පාදනත් ඒවගේම නිශ්පාදන ක්ෂෙත්‍රයක් ලෙස හඳුන්වන්න පුලුවන්.පසුගිය කාල වකවානුවේ විවිධ මිල උච්චාවචන වලට සබන් නිෂ්පාදන මුහුණ දුන් නිසා විවිධ බාල වර්ගයේ සබන් නිෂ්පාදනත් වෙළෙඳ පල තුළ දක්නට ලැබෙනවා.ඒ වගේම අපේ ගෘහනියන් අතර “කොයි සබන් වර්ගයත් එකයි නේ ” යන සිතිවිල්ල ඇතිව ලාබදායි විකල්ප තෝරා ගැනීම් වලට යොමු වන අයත් සිටිනවා.කුමන නිෂ්පාදනය තෝරා ගත්තත් එහි අඩංගු අමුද්‍රව්‍ය ගැන සොයා බලා භාණ්ඩය පිළිබඳ හරි අවබෝධයකින් මිලදී ගැනීම් සිදුකිරීම තමයි අප ගෘහනියන් විදිහට කළයුත්තේ.එයට හේතුව තමයි ගෘහනියන් ලෙස අප ගන්න තීරණ අපේ මුළු පවුලේම ආරක්ෂාව කෙරේ බලපෑම.එය සෑම විටම සිහිතබා ගත යුතුයි.

ඉතින් අපිත් එක්ක එකතුවෙලා ඉන්න ස්මාට් ලේඩිස්ලා හැමෝටම දැනගන්න මේ සබන් නිෂ්පාදනය හා ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ගැන තොරතුරැ ටිකක් මේ ලිපියෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

පැරබන් රසායනිකය ගැන දන්නවාද?

පැරබන් කියලා කියන්නේ සබන් නිෂ්පාදනය වගේම ෂැම්පු ,බොඩි වොෂ්, මොයිස්චරයිසර් ක්‍රීම් ,ෂේවින් ක්‍රීම් , ඩියුඩ්‍රන් වැනි නිෂ්පාදනයේදී කල්තබා ගැනීමේ රසායනිකයක් ලෙස නිශ්පාදනයට එකතු කරන රසායනිකයක්. නිශ්පාදනය දීර්ඝ කාලයක් තබා ගැනීමට වගේම එහි බැක්ටීරියා හා දිලීර වර්ධනය වැළැක්වීමට මෙය යොදා ගන්නවා.1950 ගණන් වල මෙය හඳුන්වා දුන් අතර බොහෝ ඉහළ වෙළඳ නාම ඇති නිෂ්පාදන සමාගම්ද මෙය භාවිත කිරීම කනගාටුදායක තත්ත්වයක්. පැරබන් රසායනිකය සම මතුපිට රෝගී තත්ත්වයත් සදහා පමණක් නොව ශරීරය අභ්‍යයන්තර රෝග රැසකටද හේතුවන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා. ඒනිසා බොහෝ රටවල පැරබන් අඩංගු නිෂ්පාදන තහනම් කිරීමට පවා කටයුතු කර තිබෙනවා. යුරෝපා සංගමය විසින්ද එය අනුගමනය කර තිබීම විශේෂත්වයක්.

අපේ අන්තරාසර්ග පද්ධතිය ගැන ඔබ අසා තිබෙනවද?

අපගේ හෘද ස්පන්දනය ,අස්ථි සහ පටක වර්ධනය වගේම ප්‍රජනන ක්‍රියාවලියටත් වැදගත් වන ශරීර ක්‍රියාකාරකම් පාලනය කරන හෝමෝන නිපදවන ග්‍රන්ථි වලින් තමයි අන්තරාසර්ග පද්ධතිය සමන්විත වෙන්නේ. පැරබන් යනු අපේ රුධිරයට අවශෝෂණය කරගනිමින් අපේ ශරීරයේ ස්වාභාවික ක්‍රියාකාරකම් වලට බලපෑම් ඇතිකරන රසායනික ද්‍රව්‍යයක්. ඇඳුම , දියවැඩියාව,හෘද රෝග ,තයිරොයිඩ් ,ලිංගික දුර්වලතා ,පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු රාශියකට හේතුවිය හැකියි.

” Paraben Free ‘ නිශ්පාදන තොරා ගන්නේ කොහොමද?

සෑම විටම “Paraben free” කියන වගන්තිය ලේබලයක සඳහන් වෙනවද? කියලා හොඳින් සොයා බැලීමට අපේ smarties ලා වගබලා ගත යුතුයි. එනම් ඔබ පැරබන් free නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී ඔබේ පවුලේ ආරක්ෂාව පමණක් නොව ඔබ ජීවත්වන පරිසරයේ සෞඛ්‍යයටද එය බලපානු ලබන තීරණයක්.
ඒ අනුව සබන් විතරක් නෙමෙයි ඔබ රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේදීත් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට හොඳ නිෂ්පාදන වල Perabon Free ” යනුවෙන් සඳහන් කර තිබෙනවා. එසේ නැතිනම් අමුද්‍රව්‍ය ලිස්ට් එක පරීක්ෂා කර බැලිය යුතුයි.

එවැනි ලේබලයක

  • Butylparaben
  • Methylperabokn
  • Propylparaben

යනුවෙන් තිබෙනවානම් එවැනි නිෂ්පාදන කිසිවිටකත් තෝරා නොගැනීමට වග බලා ගන්න.

Tcc සහ TCS ගැන ඔබ දන්නේ මොනවාද?

ට්‍රයික්ලෝසන් සහ ට්‍රයික්ලෝකාබන් යනුවෙන් හඳුන්වන්නෙත් සබන් නිෂ්පාදනයේදී යොදා ගන්නා ප්‍රති බැක්ටීරියා සංයෝගයක්.මෙම රසායනිකය සම හරහා හෝ මුඛය හරහා අවශෝෂණය වී සමේ රෝග හටගැනීමේ අවදානමක් ඇති බව මෑත කාලීන අධ්‍යයනවලදී සොයාගෙන තිබේ.කුඩා දරුවන්ට ආසත්මිකතා ,ඇදුම සහ දද ඇති වීමේ සම්භාවිතවක් ඇති බව තවදුරටත් එම අධ්‍යයනවලින් සොයාගෙන තිිබේ.

ඒවගේම මෙම TCS සහ TCC ඩයොක්සයිට් සමග සම්බන්ධ වූ විට පිළිකා කාරකයක් වන අතර එය අපේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කීරීමට සමත්වෙනවා.සමහර අවස්ථා වලදී මෙම සංයෝග භාවිතා කරන වෙළද නිෂ්පාදකයින් ලවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරන බවට බොරු ප්‍රචාවරය කිරීම් සිදු කරයි. වෙළද ප්‍රචාරණ වලට හසු නොවී බුද්ධිය මෙහෙයවා නිශ්පාදන තෝරා ගැනීමට ස්මාට්ලේඩිස්ලා ට දැන් මේ ලිපිය තුලින් හැකියාව ලැබෙයි කියලා අප විශ්වාස
කරනවා.

Related Articles

Don't Miss


Latest Articles