රෑට නින්ද නොයනවා නම් මේ දේවල් කරන්න..

හොඳ නින්දක් ලබා ගන්න අපිට මෙන්න මේ දේවල් කරන්න පුලුවන් .

  • නින්දට පෙර උණුසුම් ජලය ස්නානය කිරීම හෝ ඇඟ සේදීම. එකවර ශරීරයේ උෂ්ණත්වය නැගීම සහ ඉන් අනතුරුව සෙමින් උෂ්ණත්වය සෙමින් බැසයාම නින්ද ඇතිකිරීමට හේතුවක් .
  • මෘදු සංගීතයට සවන් දෙන්න. ඝෝෂාකාරී සංගීතය මගහරින්න.
  • නින්දට පෙර සෙමින් ශරීරය ඇදෙන සේ ව්‍යායාම (Stretching) කිහිපයක් කරන්න.
  • නින්දට පෙර ඔබගේ විනෝදාංශයක නියැලීමත් මනස සන්සුන් කිරීමට වැදගත්.
  • නින්දට පෙර ඔබ කැමතිම පොතක කොටසක් කියවන්න.
  • හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් ශ්වසන ව්‍යායාම (Breathing Exercise) වල නිරත වීම.
  • ඇස් පියාගෙන මනස සන්සුන් කරගන්න.
  • හැකිනම්, විනාඩි කිහිපයක් භාවනා කරන්න.
  • නින්දට පෙර මනස නොසන්සුන් කරන හෝ මනසට ආතතියක් ඇතිකරන ක්‍රියාකාරකම් මගහැරීම වැදගත්. එවැනි ක්‍රියාකාරකම් ඔබගේ ශරීරයේ කෝටිසෝල් (Cortisol) නැමැති හෝමෝනය වැඩිපුර ශ්‍රාවය වීමට හේතුවක් . මෙම කෝටිසෝල් හෝමෝනය මනසේ අවධානය වැඩිකරන අතර නින්දට බාධා කරනවා .

නොකල යුතු දේවල්

  • මත්පැන් භාවිතයෙන් වලකින්න.
  • දුම්පානය කිරීමෙන් වලකින්න. දුම්පානය කිරීමේදී ශරීරගතවන නිකොටින් නැමැති රසායනික ද්‍රව්‍යය ඔබගේ ස්නායු පද්ධතිය උත්තේජනය කරන බැවින් නින්දට බාධා ඇති කරනවා.
  • රාත්‍රියට බර ආහාරයක් ගැනීමෙන් වලකින්න. බර ආහාරයක් මගින් ඔබගේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වේගවත් කරන අතර ඔබ අවදියෙන් තැබීමට එය හේතුවක්. රාත්‍රී ආහාරයට තෙල්, මිරිස්, හෝ තුනපහ වැඩි ආහාර ගැනීමෙන් ද වැලකී සිටිය යුතුයි.
  • කැෆේන් නැමැති රසායනික ද්‍රව්‍යය අඩංගු තේ, කෝපි, චොකොලට්, සහ කෝලා බීම වැනි ආහාර භාවිතා නොකිරීම.
  • කුසගින්න නින්දට බාධා කරන බැවින් කෑම වේල් මගහැරීම ද නොකල යුතු දෙයක්.
  • සුරතල් සතුන් ඔබගේ නිදන කාමරයේ තබාගන්න එපා.
  • නින්දට යනවිට නිදන කාමරයේ ඇති ඔරලෝසුව දෙස බලන්න එපා. එය ඔබගේ මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් විය හැකයි. හැකිනම්, ඔරලෝසුව ඇඳ පවතින ස්ථානයට නොපෙනෙන සේ තබන්න.

Related Articles

Don't Miss


Latest Articles