අවශ්‍ය දේවල්:
- ඉස්සන් 100g (පොතු ඉවත් කරගත්)
- ගලන්ගාල් මේස හැඳි 1 (කපාගත්)
- සේර කප් 1/4 (කපාගත්)
- කෆීර් ලයිම් කොළ 6ක්
- තායි මිරිස් කරල් 2
- දෙහි යුෂ මේස හැන්දක්
- ලූනු කොළ වල අල කොටස් 6ක්
- ලූනු කොළ කප් 1/4 ( කපාගත් )
- තක්කාලි ගෙඩි 1 ( පොඩියට කපාගත් )
- වතුර කප් 2
- තායි චිලි පේස්ට් තේ හැන්දක්
- ෆිෂ් සෝස් තේ හැඳි 1 1/2
- සීනි තේ හැන්දක්
- ලුණු තේ හැඳි 1/2
සාදන ආකාරය:
- තරමක් ලොකු සාස්පානක් ලිප තබා එයට වතුර එක් කර හොඳින් උතුරවාගන්න.
- වතුර හොඳින් උතුරන විට එයට ගලන්ගාල්, කෆීර් ලයිම් කොළ සහ සේර සියල්ල එක් කරන්න.
- ඒ සමඟම එයට ලූනු කොළ වල අල කොටස සහ තායි මිරිස් එක්කරන්න.
- දැන් ඉස්සන් එකතු කරන්න.
- ඉන්පසු එයට ෆිෂ් සෝස්, චිලි පේස්ට්, දෙහි යුෂ, සීනි සහ ලුණු එක් කරන්න.
- මඳගින්නේ වරින් වර හැඳිගාමින් විනාඩි 5ක් පමණ ලිප තබන්න.
- අවසානයේ තක්කාලි එක්කර දෙවරක් පමණ විනාඩි 2ක් පමණ තබාලිපෙන් ඉවත් කරගන්න.
- ලිපෙන් ඉවත් කරගත් ටොම් යම් සුප් එකට ලූනු කොළ උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න