වැහි දවසක රාත්‍රී ආහාරයට අපූරුවට ගැලපෙන Cream of Potato Soup එකක් හදන්න තමයි අපි අද ඔබට කියලා දෙන්නේ.
අවශ්‍ය දේවල්:
- කුඩාවට කපාගත් අර්තාපල්
- චිකන් බ්‍රොත් කප් 1
- තලාගත් හෝ කපාගත් ළූණු
- බටර් මේස හැඳි 2
- පාන් පිටි මේස හැඳි 1
- නැවුම් එළකිරි කප් 2
- ලූනු කොළ කප් 1/4 (කුඩාවට කපාගත්)
- ලුණු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය:
- තරමක් ලොකු සාස්පානක් ලිප තබා චිකන් බ්‍රොත් එයට වත් කරන්න.
- එයට අල එක්කර හොඳින් තැම්බෙන්න හරින්න.
- අල තැම්බුණු පසු අල වලින් 1/3ක් ඉවත් කර ඉතිරි අල, ඉතිරි තැම්බුණු අල චිකන් බ්‍රොත් සමඟ බ්ලෙන්ඩරයක් භාවිතා කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
- කලින් ලිප තැබූ සාස්පානටම, බටර් සහ ලූනු එකතු කර ලූනු මැලවෙන තෙක් රත් කරගන්න.
- එයට පිටි එකතු කර කළවම් කරන්න.
- ඉන්පසු එයට නැවුම් එළකිරි ටිකෙන් ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
- එලකිරි හොඳින් විනාඩි 2,3ක් උතුරන්න හරින්න.
- ඉන්පසු එයට බ්ලෙන්ඩ් කරගත් අල මිශ්‍රණය සහ තැම්බූ අල එකතු කර හොඳින් කළවම් කරන්න.
- අවසානයේ ලුණු එකතු කර සුප් මිශ්‍රණය ගනකම් වන තෙක් විනාඩි 2,3ක් තබා ලිපෙන් ඉවත් කරගන්න.
- ලිපෙන් ඉවත් කරගත් ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප්, ලූනු කොළ සහ ගම්මිරිස් කුඩු උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න.