අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු රතු තක්කාලි 500g
- සීනි 250g
- විනාකිරි බෝතල් බාගයක්
- ලුණු තේ හැඳි 02
- ගම්මිරිස් තේ හැඳි 01
සකස් කරන ආකාරය
- තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මඳ වෙලාවක් තබන්න.
- මැටි භාජනයකට තක්කාලි දමා හැන්දකින් හොඳින් පොඩි කර ගන්න.
- සීනි හා විනාකිරි තක්කාලිවලට මිශ්‍ර කරන්න.
- ඒ මිශ්‍රණය මඳ ගින්නේ පැයක් පමණ ලිප තබා උකු වනතුරු පිස ගන්න.
- එයට ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කරගෙන ලිපෙන් බා ගන්න.
- සෝස් නිවුණු පසු පෙරා ජීවාණුහරණය කල වීදුරු භාජනයකට දමන්න.
-නිබන්ධිකා-