බබාලාගේ බර්ත්ඩේ පාටි එකේ හැමදාම තියෙන කෑම ජාතිම නැති ටිකක් වෙනස් පන්නයේ පොඩ්ඩෝ ආස කරන කෑම තිබුණොත් කොහොමද?
අවශ්‍ය දේවල්:
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
- පොඩියට කපාගත් ළුෑණු මේස හැදි 2
- පොඩියට කපාගත් මාළු මිරිස් මේස හැදි 2
- චොප් කළ කැරට් මේස හැදි 2
- ග්‍රීන් පීස් මේස හැදි 3
- කපාගත් කොත්තමල්ලි කොළ මේස හැදි 2
- මිරිස් කුඩු තේ හැදි 1
- ගරම් මසාලා තේ හැදි ¼
- චොප් කරගත්ත ඉගුරු-සුදු ළුෑණු තේ හැදි ½
- ලුණු ටිකක්
- පාන් කුඩු කෝප්ප බාගයක්
- පාන් පිටි මේස හැදි 2
- කෝන් පිටි මේස හැදි 2
- ගම්මිරිස් කුඩු තේ හැදි ¼
- වතුර කෝප්ප බාගයක්
- පොල් තෙල් හෝ එළවළු තෙල්
- අවශ්‍ය තරමට ටූත් පික්ස්
සාදාගන්නා ආකාරය:
- භාජනයක් ගෙන අල, මාලු මිරිස්, කැරට්, ළුෑණු, ග්‍රීන් පීස්, කොත්තමල්ලි කොළ එක්කර ගන්න.
- මිරිස් කුඩු, ගරම් මසාලා, ඉඟුරු,සුදු ළුෑණු, ලුණු එකතු කරන්න.
- පාන් කුඩු ටිකක් ද එකතු කරන්න.
- සියල්ල හොඳින් අනා ගන්න.
- අනාගත් මිශ්‍රණය පසෙකින් තබන්න.
- වෙනම භාජනයක් ගෙන පිටි, කෝන් පිටි, ගම්මිරිස් කුඩු දමා එයට වතුර කෝප්ප 1/2 එක් කර උකු මිශ්‍රණයක් වෙනතුරු කලවම් කරගන්න.
- කලින් අනාගත් මිශ්‍රණය ගෙන පොඩි පොඩි බෝල ටිකක් හදාගන්න.
- ඒවා හදාගත් පිටි මිශ්‍රණයේ තවරා පාන් කුඩු දවටා බැදගන්න.
- ටූත් පික් වල ගසා ගන්න.