අවශ්‍ය දේවල්:
- අල ගෙඩි කිහිපයක්
- පාන් පිටි කප් 1ක්
- ලුනු තේ හැන්දක්
- ගම්මිරිස් කුඩු තේ හැන්දක්
- මිරිස් කුඩු තේ හැන්දක්
- බිත්තර 2ක්
සාදාගන්නා ආකාරය:
- අල ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර කැබලි කපා ගන්න.
- පාන් පිටි කප් එකකට ලුනු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක් දමා හොඳින් කලවම් කරගන්න.
- බිත්තර දෙකක් කඩා ගෑරප්පුවකින් ගසාගන්න
- කපාගත් අල වල ගසාගත් බිත්තර සාරු තවරා පිටි වල දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.